IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ලබන වසරේදී පේෂකර්ම හා ඇඟළුම් ආයතනයෙන් NVQ සුදුසුකම ලබා දෙනවා - ඇමති රිෂාඩ් බදියුදීන්

ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA )  මාස අටට  රුපියල් මිලියන එකසීය විසිහයක  ආදායමක්   ලබන වසරේදී ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනය මඟින් පේෂකර්ම හා තාක්ෂණ පාඨමාලා සඳහා මෙතෙක් ලබාදුන් උසස් ජාතික ඩිප්ලෝමාව (HND) වෙනුවට ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) ලබාදීමට සැලසුම් කර ඇතයි  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පේෂ කර්ම, ඇඟළුම් හා පාවහන් නිෂ්පාදන කර්මාන්තය සඳහා මිනිස්බල පුහුණුව ලබාදෙන ඉහළම ආයතන වලින් එකක් වන  ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය පිළිබඳව පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) මේ වසරේ අගෝස්තු මාසය වන විට සමස්ත මෙහෙයුම් ආදායම ලෙස රුපියල් මිලියන එකසීය විසිහයක් (126) උපයාගෙන ඇති බවත් එම ආදායමෙන් රුපියල් මිලියන හැට අටක් (68) පුහුණු වැඩසටහන් පැවැත්වීමෙන් ලබා ගැනීමට හැකිවූ බවත්, බදියුදීන් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ මෙහෙයවීම යටතේ මෙම වසරේදී සිසුන් දෙදහස් විසිදෙනෙක් (2020) මේ වන විටත් ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ලියාපදිංචි වීමට සුදුසුකම් ලබා තිබෙන බවත් ලබන වසරේදී  ඇඟලුම් කර්මාන්තය සඳහා ඇඳුම් මසන්නන් පුහුණුකිරීමේ වැඩසටහන් වැඩිදියුණු කර ක්‍රියාත්මක කිරීමටත් කෙසෙල් පතුරු මගින් ස්වාභාවික කෙඳි නිෂ්පාදනය කිරීම පිළිබඳ පර්යේෂණ කටයුතු විධිමත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත්  පැවසීය.



අදහස් (4)

ලබන වසරේදී පේෂකර්ම හා ඇඟළුම් ආයතනයෙන් NVQ සුදුසුකම ලබා දෙනවා - ඇමති රිෂාඩ් බදියුදීන්

indika Thursday, 14 December 2017 06:53 AM

මේකත් අවශ්‍ය තමා. එහෙම උනත් ගොඩක් අවශ්‍ය හොඳ වෙළඳපලක් ගන්න මාර්ග පාදා දීල සේරම දේවල මිල අඩු කරන්න උදව් කරන එක. එහෙම නැතිනම් බංගලාදේශය සහ වියට්නාමය වැනි රටවල් සමග තරග කරන්න අපිට බැහැ. හොඳම වෙළදපල තමා ඇමෙරිකාව සහ යුරෝපය. ඇමෙරිකාවට මොනවා කීවත් ඒගොල්ලෝ අපේ ඇගලුම් ගත්තේ නැතිනම් සේරම ඉවරයි. අපි කැමති උනත් නැති උනත එහෙම රටවල් අපිට උවමන.

:       2       39

Bamunuarachchi Friday, 15 December 2017 03:12 PM

බදියුදීන් ඔබට මෙය අලුත් වුණාට පේෂකර්මය අපේ ජාතික රැකියාවකි. විජයන් කියන කල්ලතොනිය ලංකාවට ගොඩ බසින විටත් කුවේණිය නූල් කටිමින් සිටියා කියලනේ මහාවංශය කියන්නේ.

:       3       52

nimal Monday, 18 December 2017 03:38 AM

අනේ කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරලා දැන් මොකක්ද කරන්න හදන්නේ? අරහෙන් විල්පත්තුව වනසනවා. ආණ්ඩුවේ මෙහෙම උදවිය තියන් ඉන්න අයට ගහන්න ඕනේ අර මොකක්ද එකෙන්..

:       3       36

සම්පත් Tuesday, 19 December 2017 04:55 AM

කැලෑ එළි කිරීමේ ක්ෂේත්‍රයට NVQ දෙන්නේ නැද්ද මහත්තයෝ?

:       3       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 420 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 449 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site