ලංකා ගමනාගමන මණ්ඩලය 2012 - 2014 කාලය අතරතුරදී රුපියල් කෝටි 400 ක පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පාර්ලිමෙන්තුවේදී පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.
අලූතින් බස් රියැදුරන්,කොන්දොස්තරවරුන් හා කාර්මිකයින් පිරිසක් ලංගමට බදවාගත් බවද අමාත්‍යවරයා සදහන් කළේය.ඉදිරියේදී විශ්‍රාම ගැනීමට නියමිත සේවක පිරිසගේ නික්මයාමෙන් පසු ඇතිවන හිඩැස පිරැවීමට දැන් දැන්ම නව සේවකයින් බදවාගෙන තිබීම අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
දැනට ලංගමයේ 33293 ක සේවක පිරිසක් සිටින බව පැවසූ ඔහු තවත් සෙවකයින් බදවා ගැනීමක් සිදුකිරීමට අවශ්‍ය නැතැයි කීය.
සේවකයෙකු සදහා මසකට රුපියල් 86000 ක් පමණ වැය වන බවත් නමුත් ලංගමය ලබන ආදායම සැළකූ විට සේවකයෙකුට වෙන් කළ හැක්කේ 81000 ක් පමණ මුදලක් බවත් ඉතිරිය පියවන්නට යෑමේදී ලංගමට පාඩු මිස වාසියක් අත්නොවන බවත් ඔහු පැවසුවේය.
කලක් ලංගමයට අයත්ව තිබූ වෙරහැර,ඒකල,කහගොල්ල,කැප්පෙටිපොල වැඩපොළවල් විකුණා දැමීමට එවක සිටි එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කර තිබීම නිසා දැන් ලංගමයේ බස්රථ අලූත්වැඩියා කිරීම වෙනම වියදමක් දරා වෙනත් ස්ථාන වලින් සිදුකරගත යුතුවී ඇතැයිද ඔහු චෝදනා කළේය.
ගුවන්යානා වලට ලබාදෙන ඉන්ධන සහනාධාරය ලංගමය වෙත ලබාගැනීමට අමාත්‍යවරයා කටයුතු කළ යුතුව ඇතැයි රවී කරුණානායක මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.අමතරව පැය 24 පුරාම ක්‍රියාත්මක වන බස් සේවාවන්ද හඳුන්වාදිය යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ මට මොකුත් ඇහුනේ නැහැ ඔන්න (දී)
අනේ මෙහෙම රටක් (දී)
මේවාට වග කිව යුත්තේ කවුද (දී)
කෝටි 400 කියන්නේ කජු ඇටද කොස් ඇටද (දී)
මේවා ගෙවන්න වෙනවා කවදා හෝ (දී)
කොටි 400 තිබුනානම් ලංකාව පිට රටවලින් අරන් තියෙන ණය ගෙවන්න තිබ්බා (දී)
කොහොමද ඉතින් රටක් දියුණු කරන්නේ (දී)
හැබෑට කෝ මේ සෑම් මහත්තයා (දී)
අපේ හිතවත් සෑම් මහත්මයා ලංගමය ගැන, බොහෝ කරුණු කාරනා දන්නා කෙනෙක් නේද..? ඇයි නිශ්ශබ්ද...? (දී)
අපේ හිතවත් සෑම් මහත්මයා ලංගමය ගැන, බොහෝ කරුණු කාරනා දන්නා කෙනෙක් නේද..? ඇයි නිශ්ශබ්ද...?(නදී)
සමහර පාරවල්වල දුවන්නේ බස් 1 හෝ 2 ක්. පුද්ගලික බස් වල අය ලංගම බස් එකේ දෙන්නට රුපියල් 1000 විතර දෙනවා. ඊට පස්සේ ලංගම බස් එක කැඩිලා කියල හදන්න දානවා. පස්සේ මුළු දවසෙම ඒ පාරට ලංගම නැ. පුද්ගලික බස් විතරයි දුවන්නේ. මේවා ප්‍රසිද්ද රහස්. (දිල්)
සමහර පාරවල්වල දුවන්නේ බස් 1 හෝ 2 ක්. පුද්ගලික බස් වල අය ලංගම බස් එකේ දෙන්නට රුපියල් 1000 විතර දෙනවා. ඊට පස්සේ ලංගම බස් එක කැඩිලා කියල හදන්න දානවා. පස්සේ මුළු දවසෙම ඒ පාරට ලංගම නෑ. පුද්ගලික බස් විතරයි දුවන්නේ. මේවා ප්‍රසිද්ධ රහස්. (ස)
සමහර පාරවල්වල දුවන්නේ බස් 1 හෝ 2 ක්. පුද්ගලික බස් වල අය ලංගම බස් එකේ දෙන්නට රුපියල් 1000 විතර දෙනවා. ඊට පස්සේ ලංගම බස් එක කැඩිලා කියල හදන්න දානවා. පස්සේ මුළු දවසෙම ඒ පාරට ලංගම නැ. පුද්ගලික බස් විතරයි දුවන්නේ. මේවා ප්‍රසිද්ද රහස්. (නදී)
මේකත් පුද්ගලික කරණය කරන්න (දී)
සේවකයින්ට අසාධාරණයක් කරන්න එපා (දී)
ජයවේවා ජයවේවා (දී)
පාඩු ලබන ආයතනයක් නේද (දී)
දවසින් දවස ගාස්තු ඉහල යන්නේ මේ (දී)
මේවා දෙවියන්ටවත් පෙන්නේ නැද්ද (දී)
අනේ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ (දී)
කොටි 400 කියන්නේ සෙල්ලන්ද (දී)
අපේ බදු මුදල් ඔය පිල්ලි යන්නේ (දී)
මේවාට නිසි පියවර ගන්න (දී)
ඉතින් පාඩු ලබනවාලු අහිංසක අපි තමයි මේවාට වන්දි ගෙවන්නේ අන්තිමේ (දී)
ඉතින් කොහෙද රටක් ගොඩ ගන්නේ (දී)
කියන්නත් ලැජ්ජයි (දී)
දුෂණ වංචා ටික නතර කලානම් ඔය ටික බේරා ගන්න තිබ්බා (දී)
හත්වලාමේ සේවකයෙක්ට 86000 ක් මාසෙකට වැය වෙනවනම් කොහොමද ලාබ ලබන්නේ? ප්‍රයිවෙට් බස් වල සේවකයෝන්ට මේකෙන් බාගයක්වත් වැය වෙන්නේ නැහැනේ. මේ සල්ලි වැයවෙන්නේ පඩි දීලද ? නැත්තම් මොනවා කොරලද ? (දී)
සේවකයෙක්ට මෙච්චර ගාණක් මාසෙකට වැයවෙනවා නම් කොහොමද ලාබ ලබන්නේ? පුද්ගලික බස් වල සේවකයින්ට මේකෙන් බාගයක්වත් වැයවෙන්නේ නැහැනේ. මේ සල්ලි වැයවෙන්නේ වැටුප් දීලද ? නැත්නම් මොනවා කරලද ? (නි)
හත්වලාමේ සේවකයෙක්ට 86000 ක් මාසෙකට වැය වෙනවා නම් කොහොමද ලාබ ලබන්නේ? ප්‍රයිවෙට් බස් වල සේවකයන්ට මේකෙන් බාගයක්වත් වැය වෙන්නේ නැහැනේ. මේ සල්ලි වැයවෙන්නේ පඩි දීලද ? නැත්තම් මොනවා කොරලද ? (නදී)
මට මටක හැටියට ඩලස් ඇමති තුමා ඉන්න කාලේ මේක ලාභ ලැබුවා. (ස)
ලංගම බස් වල මිනිසුන් ගෙනියන්නේ මුදල් නැතුවද? මේ සේවයම කරන අනිකුත් ආයතන ලාභ ලබනවා නම් මෙය පමණක් පාඩු ලබන්නේ කෙසේද? හේතු දක්වන්න ඕන නේද? ඉතාමත් ඉක්මනින් විසඳුමක් සොයාගත යුතුය. (නදී)
ඕවා සාමාන්‍ය දේවල් මහත්තයෝ (දී)
මේ මණ්ඩලයේ සේවකයෝ වැඩියි. හැම පක්ෂයේම පෝස්ටර් අලවපු අය තමයි මෙතන ඉන්නේ. (නදී)
මේ මණ්ඩලයේ සේවකයෝ වැඩයි. හැම පක්ෂයේම පෝස්ටර් අලවපු අය තමයි මෙතන ඉන්නේ. (නදී)
මේ මණ්ඩලයේ සේවකයෝ වැඩයි. හැම පක්ෂයේම පෝස්ටර් අලවපු අය තමයි මෙතන ඉන්නේ. (නදී)
ලංගමය ගොඩගන්න පුළුවන්. මුලින්ම කරන්න තියෙන්නේ, දේශපාලන පත්වීම් දීම නැවත් විය යුතුයි. ඉන්පසු පුහුණු ශ්‍රමිකයන් බදවා ගතයුතුයි. [ඔතන පාඨමාලාවක් හදරා ඇති පුහුණු ශ්‍රමිකයන් ඉන්නේ බොහොම ටික දෙනයි. ඒ නිසා එන්ජිමක්වත් උසස් ප්‍රමිතියකින් ගොඩ දා ගන්න තේරුමක් තියෙන අය ඉන්නවද දන්නෙත් නැහැ ] අමතර කොටස් ගැනීමේදී ඇතිවෙන කොමිස් ගැහිලි නැවත් විය යුතුයි,හැම සේවකයෙකුගේම කැප කිරීමක් අවශ්‍යයි. [හොර අතිකාල ,කොන්දොස්තර වරුන්ගේ මාටියා ගැහිලි,නිකන් පුටු රත් කරන බලවතුන් වැඩට දැමීම හා කී නොකී බොහෝ දේවල් අවම කලොත් ලංගමය ගොඩ] නීතිය තදින්ම ක්‍රියාත්මක කල යුතුයි.(ස)
ලංගමය ගොඩගන්න පුළුවන්. මුලින්ම කරන්න තියෙන්නේ දේශපාලන පත්වීම් දීම නැවත් විය යුතුයි. ඉන්පසු පුහුණු ශ්‍රමිකයන් බදවා ගත යුතුයි. ඔතන පාඨමාලාවක් හදරා ඇති පුහුණු ශ්‍රමිකයන් ඉන්නේ බොහොම ටික දෙනයි. ඒ නිසා එන්ජිමක්වත් උසස් ප්‍රමිතියකින් ගොඩ දා ගන්න තේරුමක් තියෙන අය ඉන්නවද දන්නෙත් නැහැ. අමතර කොටස් ගැනීමේදී ඇතිවෙන කොමිස් ගැහිලි නැවත් විය යුතුයි. හැම සේවකයෙකුගේම කැප කිරීමක් අවශ්‍යයි. හොර අතිකාල ,කොන්දොස්තර වරුන්ගේ මාටියා ගැහිලි,නිකන් පුටු රත් කරන බලවතුන් වැඩට දැමීම හා කී නොකී බොහෝ දේවල් අවම කලොත් ලංගමය ගොඩ. අනිල් මුණසිංහ මහතාගේ කාලයේ මෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කල යුතුයි. (නදී)
ඉන්දියාවේ බස් ගාස්තු අපේ රටත් එක්ක සංසන්දනය කරනකොට 5 ගුණයක් අඩුයි. එ්ත් ඔවුන් හොදින් ලාබ ලබනවා. මේක කොහොමද වෙන්නේ. අපේ රටේ පරිපාලනයේ විශාල දුර්වලකමක් තියෙනවා. ලෝක වෙළද පොලේ ඉන්දන මිල පහත වැටිලා තියෙන්නේ. ඒ නිසා බස් ගාස්තු අඩුකරන්න. මිනිස්සුන්ගේ නැති බැරිකම් ගෙන හිතන්න. එක එක කෙනාගේ වියදම්වලට බිලියන ගණන් සල්ලි වෙන්කර ගන්න එපා (නදී)
පුද්ගලික බස් ගාස්තුවත් ලංගම බස් ගාස්තුවත් අතර සුළු වෙනසයි තියෙන්නේ. පුද්ගලික බස් ව්‍යාපාරය දියුණු වෙන්නත්,ලංගම පාඩුවෙන්නත් ලොකු හේතුවක් තියෙන්න ඕනේ. විශේෂයෙන් ව්‍යාපාරික කටයුතු පාරම්පරිකවම දන්නා දක්ෂ ඇමතිවරයෙකුට මේ පාඩු ගැන පාර්ලිමේන්තුවේ කිය කියා ඉන්න එක ගැලපෙන්නේ නැහැ.ඔබතුමා කියන පාඩුව පියවන්නෙත් ජනතාවගේ කෑම බීමවලින් පවා අයකරන බදු මුදල්වලින්නේ . ඒක නිසා ඔබතුමා ඔය පාඩුව පියවා ගන්න තමන්ගේ දැනුම ප්‍රයෝජනයට නොගන්නේ ඇයිද කියලයි මට නම් අහන්න වෙන්නේ. (අ)
මාටියා ගැහිලි, අමතර කොටස් මිලදී ගැනීම් වලදී ගහන කොමිස්. හොර අතිකාල, නවත් වන්න, නිකම් පුටු රත් කරන අය වැඩට දාන්න. අනිල් මුණසිංහ මහතාගේ කාලයේ මෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න. ලංගමය ගොඩ. (නදී)
ජනපතිගේ උපන් දිනේට විතරක් බස් රථයක් අලුත්වැඩියා කරන සේවකයෝ පිරිසක් ලංගමයේ ඉන්නේ. (නදී)
අර මහත්තයා තමන්ගේ කී දෙනෙක් වැඩට දැම්මද ? (නදී)
ඒ.ජා.ප යේ වැරදි කීම නිදහසට කරුණක් නොවේ. ආනයනය කරන රටවලින් බස් නොමිලයේ හෝ සහනදායි ක්‍රමයකට ලබා ගැනීම. අනවශ්‍ය වියදම් කපා හැර, පෙළපාලි බස් සඳහාද මුදල් අයකිරීම, දැනටමත් කොපමණ බස් ගණනක් උෟවට ගිහිල්ලද ? මේවා නාස්ති නතර කල යුතුය (නදී)
ලංගම පාඩු උනාට එ්කෙන් ජනතාවට සේවයක් සිදු වෙනවා , එ්ක නැත්නම් බස් ගැමුණුල අපිව ගස් යවලා. ශ්‍රී ලංකන් කෝටි 2880 පාඩු වෙනකොට, හෙමින් ලංකා එක් කොටි 200 පාඩු වෙනකොට , ඒවාට වඩා ජනතා සේවයක් ලංගමෙන් සිදු වෙනවා. හොඳ කළමනාකරණයක් යටතේ මේ පාඩුව අඩු කරගෙන හොඳ සේවයක් ලබාදිය හැකියි. නමුත් පසුගිය රජයන් සහ වර්තමාන රජය විසින් ලංගම ක්‍රමක් ක්‍රමයෙන් දේශපාලනීකරණය කිරීම නිසා පිරිහී ඇත. (නදී)
ලංගම පාඩු වුණාට එකෙන් ජනතාවට සේවයක් සිදු වෙනවා , එ්ක නැත්නම් බස් ගැමුණුල අපිව ගස් යවල (අ)
මේවාට අපිත් වග කියන්න ඕනේ (දී)
ලෝකෙට කට ඇරලා කියන්නත් ලැජ්ජයි කවුරු උනත් කමක් නැහැ දඩුවම් දෙන්න (දී)
ඒ.ජා.ප යේ වැරදි කීම නිදහසට කරුණක් නොවේ.සෑම ඩිපොවකම පාවිච්චියට ගත නොහැකි පරණ බස් යකඩ වලට හෝ විකුණා මුදල් කර ගැනීම.පරිත්‍යාග ශීලී හා ආනයනය කරන රටවලින් බස් නොමිලයේ හෝ ,සහනදායි ක්‍රමයකට ලබා ගැනීම.අනවශ්‍ය වියදම් කපා හැර,පෙළපාලි බස් සඳහාද මුදල් අයකිරීම ,ලාභ පෙන්වන ඩිපෝ වලට දිරි දීමනා.පාඩුව මකා ගැනීමට කඩිනම් පිළිවෙත් අනුගමනය කිරීම වැදගත්. (අ)
අනේ අපි මොනවා කරන්නද (දී)
මේ සල්ලි වලින් බස් ගත්තානම් අද ලංකාවේ ප්‍රවාහන සේවය කොතනද (දී)
එජාපයටම චෝදනා කරලා වැඩක් නැහැ මහත්තයෝ (දී)
මට මොකුත් ඇහුනේ නැහැ (දී)
බය නැතුව කොහොමද මේ වන්චා කරන්නේ (දී)
මෙහෙම දෙයක් වර්තමානයේ සිදු නොවේවා (දී)
වැරදි කරුවන්ට දඩුවම් දෙන්න (දී)
නැවත මෙවන් තත්වයක් ඇති නොවේවා (දී)
අපේ හිතවත් සෑම් මහත්මයා ලංගමය ගැන, බොහෝ කරුණු කාරනා දන්නා කෙනෙක් නේද..? ඇයි නිශ්ශබ්ද...?(නදී)
මේ විනාශ වෙන්නේ අපි කන පාන් ගෙඩියෙන් ගහන බදු මුදල් (දී)
කතා කරලා වැඩක් නැහැ (දී)
ලංකාව තුන් වන ලෝකයේ රටක් වෙන්නේ මෙන්න මෙවැඩ නිසා (දී)
චම්මින්ද සෑම් නැහැ (දී)
මේ එක ආයතනයක් විතරයි තව කොයි තරම් ඇතිද (දී)