IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලක්ස්ප්‍රේ 60 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමේ ලක්ස්ප්‍රේ සන්නාමයට පසුගියදා වසර 60 ක් සම්පූර්ණ විය. ලංකා මිල්ක් ෆුඩ්ස් යනු උසස්  තත්වය හා පෝෂණය සම්බන්ධයෙන් මෙරට කිරි කර්මාන්තයට ආදර්ශ රැසක් සැපයූ සමාගමකි. එහි ලක්ස්ප්‍රේ සන්නාමය මෙරට පරම්පරා ගණනාවකට සැබෑම කිරි රසය පෝෂණය හඳුන්වා දුන් සන්නාමයක් විය. එදා පටන් අද දක්වාම ලක්ස්ප්‍රේ එම උසස් තත්වය, රසය හා පෝෂණය එලෙසින්ම රඳවා ගැනීමට සමත් වී තිබේ. 

ලක්ස්ප්‍රේ යනු හුදෙක් සන්නාමයක් පමණක් නොව, දීර්ඝ කාලයක් පුරා ජනතාවට සැබෑම පෝෂණය සපයමින් ඔවුන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට කැප වුණු මෙහෙවරක සංකේතයකි. සියයට 100 ක්ම නැවුම් එළකිරිවලින් නිෂ්පාදනය කරනු ලබන ලක්ස්ප්‍රේ කිරිපිටිවල රසය, නැවුම් බව හා පෝෂණය ආරක්ෂා කිරීම සඳහා එයට කිසිදු ආකාරයක රසකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එක්කරනු නොලැබේ. එය ඔවුන්ට නිරෝගී ජීවිතයකට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ සපයන විශ්වාසනීය මූලාශ්‍රයකි. 

සෑම විටම උසස් ප්‍රමිතිය ආරක්ෂා කරගැනීම නිසා ලක්ස්ප්‍රේ මේ වන විට සම්මාන, ඇගයුම් හා සහතිකකරණ රැසක් හිමිකර ගැනීමට සමත් වී තිබේ. ලක්ස්ප්‍රේ යනු  ISO  9001:2000 සහතිකය හිමි කරගත් මුල්ම ශ්‍රී ලාංකික සන්නාම අතරින් එකකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ලක්ස්ප්‍රේ වෙත එම සහතිකකරණය හිමි විය. එමෙන්ම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සම්මාන උළෙලකදී ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වෙත රන් සම්මානයක් හිමි විය. ඒ තම සෞඛ්‍යය පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන පාරිභෝගිකයන් වෙනුවෙන් උප සන්නාමයක් යටතේ හඳුන්වා දෙන ලද නිෂ්පාදනයක් වෙනුවෙනි. මේ ආකාරයට සුපිරි සන්නාමයක තත්වය හිමිකර ගනිමින් ජාත්‍යන්තර කීර්තියක් දිනාගැනීමටද ලක්ස්ප්‍රේ සමත් වී තිබේ.



අදහස් (0)

ලක්ස්ප්‍රේ 60 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 180 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site