IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලක්ෂ 1500 ක් ගිලදැමූ අරලගංවිල වෙළෙඳ සංකීර්ණය කඩ කාමර හැටක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක්


 

සිරිපුර මදුෂානි අබේසිංහ 


අරලගංවිල ඇතුළු අවට ගම්මාන රැසකට ආර්ථික වාසි රැසක් ලබාගත හැකි,අරලගංවිල නගර මධ්‍යයේ කඩ කාමර හැටකින් යුත් දෙමහල් වෙළෙඳ සංකීර්ණයක් වසර ගණනාවක සිට වල් බිහි වෙමින් පවතින බව ජනතාව සඳහන් කරති.

එවකට හිටපු මහවැලි සංවර්ධන අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව මහවැලි බි කලාපීය ආදර්ශ වැඩසටහන යටතේ සවුදි සංවර්ධන අරමුදලින් මෙම වෙළෙඳ සංකීර්ණය 1999 ජුලි 18 වැනිදා ජනතා අයිතියට පත්කර ඇත.

රුපියල් ලක්ෂ 1500 ක වියදමකින් ඉදිකර තිබෙන මෙම වෙළෙඳ සංකීර්ණය විනාශයට ඉඩ හැර තිබීම, ජාතික අපරාධයක් මෙන්ම මහත් විනාශයක් බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම දෙමහල් ගොඩනැගිල්ලේ,මේ වන විටත් කඩ කාමර හැටකින්,බඩු බාහිරාදිය රැගෙන ගොස් ඇති අතර මෙම පාළු දෙමහල් ගොඩනැගිල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති බවත්, දිවා රාත්‍රී මෙහි විවිධ අපචාර ක්‍රියා සිදුවන බවද නගරවාසීහු සඳහන් කරති.

මෙම දෙමහල් ගොඩනැගිල්ලේ කඩ කාමරවල,දොරවල් රැසක් සොර සතුරන් විසින් ගලවාගෙන ගොස් ඇති අතර වැසිකිළි පද්ධතියේද බඩු බාහිරාදිය රැසක් විනාශ වී ඇත. 

මීට අමතරව මෙම වෙළෙද සංකීර්ණයේ විදුලිපංකා, බල්බ, වයර්, විදුලිමීටර්, යකඩ දොරවල්, මෙන්ම සම්පත් බොහොමයක් සොරුන් ගලවා ගෙන ගොසිනි.

මෙම වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ල අලු‍ත්වැඩියා කර,කඩකාමර හැටද නවීකරණය කරමින්,ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට ලබා දීමෙන් රජයටත්,ව්‍යාපාරික ප්‍රජාවටත් විශාල ආදායමක් ලබාගත හැකි බවද අරලගංවිල නගරයේ වෙළෙඳ ප්‍රජාව කියති.

අරලගංවිල නගර මධ්‍යයේ මෙම වෙළෙඳ සංකීර්ණය වල්බිහි වී,ගරා වැටීමෙන් සිදුවන්නේ, ජාතික ධනයක් විනාශ වීමත් විවිධ අපචාර ක්‍රියා හරහා නගරය තවදුරටත් අපරාධකරුවන්ට ජාවාරම් සඳහා තෝතැන්නක් බවට පත්වීමත්ය.
ප්‍රයෝජන රැසක් ලබාගත හැකි අරලගංවිල දෙමහල් වෙළෙඳ සංකීර්ණය පිළිබඳ අවස්ථා කිහිපයකදීම මාධ්‍ය මගින් හෙළිදරව් කළද,එය බිරි අලින්ට වීණා වයනවා වැනි බවද ප්‍රදේශවාසීහු කියති.

අරලගංවිල, දම්මින්න, අරුණපුර, නිදන්වල, දිවුල්දමන, දේවගල, මැදගම, යාය අට, බෝගස්වැව, පිඹුරත්තෑව, මාදුරුඔය, මාලිගාතැන්න, ඇතුළු අවට ගම්මානවල කෘෂිකාර්මික, ධීවර, පලතුරු, එළවළු, වෙනත් ධාන්‍ය වර්ග මෙන්ම විවිධ නිෂ්පාදන කරන ‍ තරුණ,තරුණයන් මෙන්ම ගොවීන් ව්‍යාපාරිකයන්,තම නිෂ්පාදන අලෙවි කරගැනීමට නිශ්චිත ස්ථානයක් නොමැති පරිසරයක මෙම ස්ථානය අලු‍ත් වැඩියා කර,එම නිෂ්පාදකයන්ට ලබාදෙන්නේ නම් ප්‍රදේශයේ ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වනවා සේම නගරයට නව ආලෝකයක් ලැබෙන බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය යටතේ පාලනය වන මෙම දෙමහල් වෙළෙඳ සංකීර්ණය මහවැලි බි කලාපීය ගොවි ජනතාවගේ ආර්ථික අභිවෘද්ධිය උදෙසා ඉදිකළද මේ වනවිට කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා බවද අරලගන්විල ව්‍යාපාරිකයන් මෙන්ම ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
දිඹුලාගල අරලගංවිල නගරයේ විනාශයට පත්වෙමින් තිබෙන දෙමහල් වෙළෙඳ සංකීර්ණය පිළිබඳ අප මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර නොයෙල් ජයසිරි මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඉතා කඩිනමින් එය අලු‍ත්වැඩියා කර ප්‍රදේශයේ ඉල්ලු‍ම් කරන වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාව සඳහා බදු ක්‍රමයට එම කඩකාමර ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

 



අදහස් (1)

ලක්ෂ 1500 ක් ගිලදැමූ අරලගංවිල වෙළෙඳ සංකීර්ණය කඩ කාමර හැටක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක්

fairoos Tuesday, 25 February 2025 11:39 AM

එන්.පී.පී රජයෙන් මේවට විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site