ශී‍්‍ර ලංකාවටත් මොනෝ රේල් ප‍්‍රවාහන සේවය හඳුන්වාදීමට නියමිත බව පාර්ලිමෙන්තුවේදී පැවසිණි.
එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර අඛිල විරාජ් මහතා නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම සඳහන් කළේ මොනෝ රේල් පද්ධති 4 ක් හඳුන්වාදීමට ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (ජයිකා) හා එක්ව සැළසුම් සකස් කෙරෙමින් තිබෙන බවයි.
මින් එක් මාර්ගයක් හයිලෙවල් මාර්ගයට සමාන්තරව දිවෙනු ඇති බවද කියැවුනි.
2015 සිට 2035 අතර කාලයේ අදියර කිහිපයකින් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීමට නියමිත බව ප‍්‍රවාහන අමාත්‍යවරයා පැවසීය. කළුතර,වේයන්ගොඩ,මීගමුව ආදී ප‍්‍රදේශයන්ගේ සිට මරදාන හා කොළඹ දක්වා දිවෙන දුම්රිය මාර්ගයන්ද නවීකරණය කිරීම සදහා ඉදිරියේදී ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක කරන බව සඳහන් කෙරුණි.
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට ගුවන්පාලම් ඉදිකිරීම්,මාර්ග සංඥා පුවරු නවීකරණය කිරීම් ආදියද සැළසුම් කර ඇත.
ගෑස් වලින් ධාවනය වන මෝටර් රථ,දෙමුහුම් මෝටර් රථ (හයිබි‍්‍රඩ්) , විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ ආදිය ප‍්‍රවර්ධනය කිරීමත්, ඇවිදීමෙන්, පාපැදි භාවිතයෙන් ලබා ගත හැකි සෞඛ්‍යමය ප‍්‍රතිලාභයන් පෙන්වාදී ඒවා ජනතාව අතර ජනපි‍්‍රය කරවීමත්,අඩු සල්ෆර් ප‍්‍රතිශතයකින් යුතු ඞීසල් ඉන්ධයනයන් ප‍්‍රවර්ධනය කරවීමත් ආදී ලෙස කොළඹ නගරයේ ප‍්‍රවාහන සේවයට පරිසර හිතකාමී මුහුණුවරක් ගෙනදීමටද කි‍්‍රයාමාර්ගයන් ගැනෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ඉතා හොඳ යෝජනාවක් (නි)
මෙවැනි පහසුකම් ඇති කිරීමෙන් රට දියුණු වෙනවා.මහජනයා සතුටු වෙනවා. (අ)
මේවා හොඳ වැඩ (අ)
රටක් දියුණු වෙන්නෙ ඔහොම තමයි. (අ)
බමුණු ගේ බමුණු මතය වැරදිනේ.තනි රේල් පීල්ලෙන් යනකොට හැම තැනම රේල් පාරවල් දා ගන්න පුළුවන්නේ !!(අ)
යුද්දේ ඉවරගරන්ඩ බෑ කියල කෑගහපු ඇමතිවරු ජනපතිගේ දෑත සවිමත් කරන්න දැන් ආණ්ඩුවට හේතුවෙලා ඉන්නේ..... ඔය කිසිම දෙයක් බෑ කියල නැ, ආණ්ඩුවේ බලධාරින් කැපවීමෙන් වැඩ කරනවානම් අපිටත් දියුණු රටක හිමිකාරිත්වය හිමිවෙයි. ලෝකේ වටේ ඉන්න අපේ බුධිමතුන් අපේ රටේ දියුණුවට ගෙන්නන, එ් අයගෙන් වැඩ ගන්න දැන් කාලේ හරි....(බ)
යුද්දේ ඉවරකරන්න බෑ කියල කෑගහපු ප්‍රබල ඇමතිවරු ජනපතිගේ දෑත සවිමත් කරන්න දැන් ආණ්ඩුවට හේතුවෙලා ඉන්නේ..... ඔය කිසිම දෙයක් බෑ කියල නෑ, ආණ්ඩුවේ බලධාරින් කැපවීමෙන් වැඩ කරනවානම් අපිටත් දියුණු රටක හිමිකාරිත්වය හිමිවෙයි. ලෝකේ වටේ ඉන්න අපේ බුධිමතුන් අපේ රටේ දියුණුවට ගෙන්නන්න, එයාලගෙන් වැඩ ගන්න දැන් කාලේ හරි...(අ).
ලෝකේ වටේ ඉන්න අපේ බුද්ධිමතුන්ගෙන් වැඩ ගන්න කාලේ හරි වාගේ (දිල්)
කොමිස් කුට්ටිය කොච්චර වේවිද....(අ).
බමුණු ගැන නම් හරිම කණගාටුයි (නි)
පක්ෂ භේදයකින් තොරව අපිනම් කැමතියි .රටේ දියුණුවක් දකින්න. (අ)
බමුණු තාම බමුණු මතවලම ජීවත්වෙන කෙනෙක් වගේ... (නි)
බමුණු නම් කවදාවත්ම ළිඳෙන් ගොඩඑන්නේ නැහැ (නි)
මේවා හොඳ වැඩ තමයි. ඒ වුණාට මේ වැඩවලට ගන්න ණය ගෙවන්නේ අපි. දැනටත් අපි උහුලන්න බැරි ණය බරක් දරනවා. මෙම ණය තොගයෙන් 50% ක්වත් ගෙවා නිමකරලා අලුත් වැඩ ගැන හිතුවා නම් අපේ ජීවනබර ටිකක් හරි අඩුවේවි. දැන් අපි හම්බ කරන මුදලින් සතයක්වත් ඉතිරි කරන්න බැහැ. හැම මාසෙම සිල්ලර කඩේට තියෙන ණය නිමකරගන්න බැරුවයි අපි ඉන්නේ. (නි)
මේවා ඉක්මනින් ක්‍රියාත්මක උනොත් රටේ සල්ලි විශාල ප්‍රමාණයක් ඉතිරි කරගත්හකිය් කාලයත් ඉතිරිය් දැනටම ප්‍රමාද වැඩියි (බ)
අදහස මගේ වුනාට ප්‍රතිවාදනය මගේ ක්‍රියාවක් නෙවෙයි.(හේ)
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල මොනෝ රේල්ලු ඉවත් කරලා දැම්මේ නඩත්තු වියදම වැඩියි කියලා (නි)
මේවා අපේ රටට ඔරොත්තු දෙයිද? (නි)
අජිත් කරුණාරත්න ඔයා රජයේ ණය යි කඩේ ණය යි දෙකම ගෙවන්නේ කොහොමද ? (අ)
මේවා දවල් හීන. (නදී)
අධික රථ වාහන තද බදය අනුව මුලින්ම මොනෝරයිල් දමන්න ඕන මාලඹේ සිට රාජගිරියට .රජයට සුභ පැතුම් (අ)
ඕව ක්‍රියාත්මක කරද්දී අපි ජිවතුන් අතර ඉදීවිද කියලත් සැකයි.කමක් නැහැ අපේ මතු දරු පරපුරටවත් දැකබලාගන්න බැරිය (අ)
ගයාන් සමග එකඟයි. බත්තරමුල්ල තලවතුගොඩ ඉඳල එන වාහන වලට බොරැල්ලට යන්න ගත වෙන කාලය මාතර යන්න ගත වෙන්නේ නැහැ. (නදී)
ඉසුරන්දි, අපි ජීවතුන් අතර නොසිටියාට කමක් නැහැ මෙවැනි වටිනා ව්‍යාපෘති ක්‍රියාවට නැගෙනවා නම්. (නදී)
ඉසුරන්දි, අපි ජීවතුන් අතර නොසිටියාට කමක් නැහැ මෙවැනි වටිනා ව්‍යාපෘති ක්‍රියාවට නැගෙනවා නම්. (නදී)
ඉසුරන්දි...අපි ජීවතුන් අතර නොසිටියාට කමක් නැහැ මෙවැනි වටිනා ව්‍යාපෘති ක්‍රියාවට නැගෙනවානම්..(බ)
ඉසුරන්දි...අපි ජීවතුන් අතර නොසිටියාට කමක් නැහැ මෙවැනි වටිනා ව්‍යාපෘති ක්‍රියාවට නැගෙනවානම්..(බ)
සිහිනයක් වෙයි කයල හිතපු දේවල් කොච්චර සැබෑවක් වෙලා තියෙනවද අද වෙනකොට. (නදී)
මේ යෝජනා ලක්වැසියනට සිහිනයක් නම් නොවේවා! (නි)
ඉසුරන්දි...අපි ජීවතුන් අතර නොසිටියාට කමක් නැහැ මෙවැනි වටිනා ව්‍යාපෘති ක්‍රියාවට නැගෙනවා නම්. (නදී)
අදි වේගී පාරවල් හදනවා කිව්වමත් ඉසුරන්දි මෙහෙම කියන්න ඇති. (නදී)
මම ඉන්නේ ස්වීඩන්. මෙහෙවත් නැහැ මේවා. හරිම හොඳයි මේ යෝජනාව (නි)
මොනෝ රේල් කියන්නේ තනි රේල්ලුවේ තනි රෝදෙන් යන ඒවානේ. රෝද හතරේ රේල්ලු දෙකේ ඒවත් කොර ගන්න බැරි රටේ මොන මොනෝ රේල්ලුද ? (නදී)
මොනෝ රේල් කියන්නේ තනි රේල්ලුවේ තනි රෝදෙන් යන ඒවානේ. රෝද හතරේ රේල්ලු දෙකේ ඒවත් කරගන්න බැරි රටේ මොන මොනෝ රේල්ලුද ? (නදී)
ලොකු දෙයක් ඔයාට ගොඩක් පින්.! වෙල්ගම මහත්මයා. (ර)
සඳුනි- ඔයාගේ ඉසුරන්දි ප්‍රතිවාදනය කරුනාකර නවත්වා කියවන්නන්ගෙන් සමාව භජනය කරන්න!! අපි කතා කරන්නේ තනි පීල්ලේ රේල්ලු ගැන. ඔය තනි ඉරේ ගමන් කරන ග්‍රැමෆෝන් තැටියක් වගේනේ අදහස් දමන්නේ! (අ)
එදා වේල කන්න හරියට වැඩපිළිවලක් නැතිව මොන රේල්ලුව තිබුණත් අපිට වැඩක් නැහැ. (අ)