ආසියා කලාපයෙන් යුරෝපයට, මැදපෙරදිගට, අප්‍රිකාවට භාණ්ඩ අපනයන කිරීමේදී ශ්‍රී ලංකාව ඒ සදහා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ හැකි යැයි ජපානය කියයි.
ශ්‍රී ලංකාව එවන් ක්‍රියාවලියක් සදහා හොදින්ම ගැලපෙන බව ජපානයේ ජෙට්රෝ හෙවත් රටින් පිරිබාහිරව සිදුකෙරෙන වෙළද කටයුතු සම්බන්ධයෙන් පිහිටුවා ඇති සංගමය නියෝජනය කරමින් ශ්‍රී පලංකාවට පැමිණි නොබුහිටෝ හොබෝ පසුගියදා පැවැති හමුවකදී පැවසීය.
ශ්‍රී ලංකාවේ පිහිටීම, හා ශ්‍රී ලංකාව සතුව ඇති කුසලතාවලින් පරිපූර්ණ ශ්‍රම බලකාය මේ සදහා ආධාර වනු ඇතැයි හෙතෙම කීය.
ලොව ආර්ථීක ප්‍රතිපත්තීන් වල පෙරළිකාර වෙනස්වීම් සිදුවෙමින් තිඛෙන්නේ යැයිද දැන් පෙර මෙන් දියුණු රටවලටම ගැති නොවී සංවර්ධනය වෙමින් පවතින රටවල්ද අන්තර්ජාතික වෙළද කටයුතු වලට හවුල් කර ගැනීමේ තත්ත්වයක් ඇති වී තිඛෙන්නේ යැයිද ඔහු පැවසීය.
මේ ඔස්සේ ශ්‍රී ලංකාව වැනි රටකට ලබා ගත හැකි ප්‍රතිලාභ බොහෝ යැයිද ඒවා ලබාගැනීමට ශ්‍රී ලංකාව තව තවත් විදෙස් ආයෝජනයන් රටට ගෙන ඒමට කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා වට ගොඩක් වැදගත් අවස්ථාවක්, ක්‍රියාත්මක වීම අපගේ රජය නියෝජනය කරන නිලදාරීන්ගේ වගකීමක්, මම හිතන හැටියට වැඩකට නැති අමාත්‍යංශ එකකට වගකීම් බාරදුන්නොත් අඩු තරමින් මේ වගකිම් වත් නිසි අයුරින් ක්‍රියාත්මක කරනු ඇත.(නදී)
ඔන්න රටට හරියන්න එන්නේ. ජපන්නුන්ට හිත වැටුනොත් නම් අපියි රටයි දෙකම ගොඩේ ගොඩ. හැබැයි ජපන්නු කොමිස් [ සන්තෝසම් , අල්ලස් ] දෙන මිනිස්සු නම් නෙමෙයි. ඒවා ඉල්ලන්න ගියොත් නම් මේ අවස්ථාවත් ඉවරයි.(නදී)
ලංකාව ඉතින් හොඳ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක්නේ. (නදී)
සුජීව සහ කින් බෙනට්, අනිවාර්යෙන්ම.(නදී)
මේ දේවල් දැනගෙන තමයි අර සුද්දෝ අපේ රටට ප්‍රශ්න දාන්නේ. ඇත්තටම අද ලංකාව හොඳ තත්වෙක තියනවා.(දිල්)
ප්‍රතිචාර කියෙවුවහම සමහරු ඉන්නේ ලංකාවේද කියලා සැක හිතෙනවා. (නි)
ලංකාව හොඳ වෙළද මධ්‍යස්ථානයක් නිසා තමා ලන්දේසි, පෘතුග්‍රීසි ,ඉංග්‍රීසි ආක්‍රමණය කරේ. අපට අවුරුදු සිය ගානක් සුද්දට යටත් වෙලා ඉන්න වුනේ මේ නිසයි.(නදී)
හොර බොරු නැති මගේ මව් බිම සව් සිරියෙන් සපිරේවා....!!! දියුණු වෙන්න නම් හොර බොරු නැති වෙන්නම ඕනේ ...!! (අ)
හේමන්ත , ඔබේ කතාව හරි,ලංකාව ඉස්සරනම් (සුද්දා පාලනය කරන කාලේ ) හොද ආර්ථික මධ්‍යස්ථානයක් (දී)
ඒ ඉස්සර (දී)
එහෙම වෙනවානම් කොයිතරම් දෙයක්ද , (දී)
මහින්ද , ඔබ හරි. හැබැයි ජපනා පරක්කු වැඩියි. (දී)
අපිත් ඒ පැත්තට ගියහම අල්ලන්නේ ඒ වගේ කරන්න (දී)
ඉස්සරනම් එහෙමයි දැන් නම් මම දන්නේ නැහැ (දී)
එහෙම වෙනවා නම් සුපිරියි.(නදී)