(හර්ෂණ තුෂාර සිල්වා)
ඉදිරි වසර පහක කාලයේදී ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ විශාලතම රැකියා උත්පාදකයා බවට සංචාරක කර්මාන්තය පත්වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පස්වරුවේ පැවැසීය.
ශ්‍රී ලංකා හෝටල් සංගමයේ වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී ශ්‍රී ලංකා හෝටල් සංගමයේ වාර්ෂික සමුළුව පැවැත්විණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙසේ ද කීය.
“සංචාරක කර්මාන්තය, සංචාරක කර්මාන්තයේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතු කාලය එළැඹ තිබෙනවා. ආණ්ඩුව විදියට අපේ රාජකාරිය අරමුදල් සැපයීමයි. ඉදිරි වසර පහක කාලය සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන වැඩසටහන්, ප්‍රතිපත්ති, තීරණ, සැලසුම් යනාදිය දෙස බැලූ විට රටේ වේගවත්ම සහ විශාලතම රැකියා උත්පාදකයා බවට පත්වන්නේ සංචාරක කර්මාන්තයයි.
සීමාවක් නොමැතිව කටයුතු කරනවා ද නැතිනම් සංචාරකයන් මිලියන පහක් හයක් ඉලක්ක කරගෙන කටයුතු කරනවාද කියා අපි තීරණය කළ යුතුයි. එය ප්‍රධාන ප්‍රතිපත්ති තීරණයක්. ඉදිරි වසර කිහිපයේදීම අපි ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. විවාද කළ යුතුයි. අපි සංචාරකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. රට සංචාරකයන්ට ආකර්ෂණය කළ යුතුයි. ඒ සඳහා අපි සංචාරක කර්මාන්තයට අවශ්‍ය මූල්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
එහෙත් එක් කොන්දේසියක් තිබෙනවා. ඔබ පුහුණු කිරීම් ආරම්භ කරන්න ඕනේ. ආණ්ඩුව විදියට අපි ඊට මූල්‍ය සහයෝගය ලබාදෙනවා. ලංකාවේ ප්‍රමාණවත් තරම් හොඳ හෝටල් පාසල් නැහැ. අපි ප්‍රමාණවත් තරම් හොඳ කෝකියෝ හදන්නේ නැහැ. මේ දේවල් අදට වැඩියෙන් කරන්න ඕනේ.
අපට සැලැසුම් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න ඕනේ. අපි සංචාරක කලාප ආරම්භ කරන්න ඕනේ. එකක් ඉරණවිල හැදෙනවා. දෙද්දූව තවත් සංචාරක කලාපයක් හදනවා. කොග්ගල, දෙනියාය, රක්වාන, ඔහිය යන ප්‍රදේශ ඉලක්ක කරගෙන තවත් සංචාරක කලාප හදනවා.
අපි මත්තල ගුවන් තොටුපොළ තවදුරටත් සංවර්ධනය කරනවා. අප පලාලි හි යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආරම්භ කළා. එහෙම වුණත් ඒ ප්‍රදේශවල ප්‍රමාණවත් තරම් හෝටල් නැහැ. හිරාන්ට ඒකාධිකාරයක් තිබෙනවා. එය කඩන්න ඕනේ. හෝටල් තුනෙන්, දෙකක් අයිති ඔහුට අයිතියි. තරු පහේ හෝටල්.
පූනරින්, මඩකලපුව, මන්නාරම, වව්නියාව ආදී වශයෙන් අපි කලාප හඳුනාගෙන තිබෙනවා. නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතා කලාපය තවත් විශේෂිත කලාපයක්. මඩකලපුව ගුවන් මංතීරුව තවදුරටත් පුළුල් කිරීමට ද පියවර ගනිමින් ඉන්නවා. අපි යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ඕනේ. දැනට තිබෙන පහසුකම් යනාදිය වැඩිදියුණු කරන්න ඕනේ. ප්‍රවර්ධනය හා පුහුණු කිරීම් කිරීම ඔබේ වැඩක්. ප්‍රතිපත්ති සැකසීම අපේ වැඩක්. මූල්‍ය සහයෝගය දැක්වීම ද අපි කරනවා” යැයිද පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ උගත් බුද්ධිමත් යයි අඬබෙර ගහන හැම කෙනාම බලන කොට නියම මෝඩයෝ ටිකක් බවට මේවා කදිම උදාහරණ.. මොනවද මේ කියවන්නේ...
තැන් තැන් වල සද්දෙට කියන්න එපා, ඊරිසියාකාරයෝ එමටයි. එක කොස් ඇටයක් පුපුරවපු ගමන් ඔය ප්ලෑන් එකත් අර දීකිරි ප්ලෑන් එක වගේ වෙනවා.
ඇත්තටම ලංකාවට ඕනෙ තව මහා ඡන්ද තුන හතරක්. සංචාරකයින් ඝාතනය කරන අයටත් සමාව දෙන්න. එතකොට තවත් වැඩිපුර සංචාරකයින් ලංකාවට පැමිණෙනවා.
සංචාරක ව්‍යාපාර නංවන්න කිසිම දෙයක් කලේ නැත්තේ එ්ක නිසා වෙන්න ඇති. 2009දී ලක්ෂ 3කට තිබූ සංචාරක පැමිණීම 2014දී ලක්ෂ 22ට නැංවූවට, 2018දී ආවේ ලක්ෂ 24කි. දැන් මේ අවුරුද්දේ ඒක ලක්ෂ 14යි. වෙනස හරිම සැපයි.
අනේ මෙයාගේ පම්පෝරිය. බේගල් ඇද ඇද ඉන්නවා මිස මෙතෙක් කරපු දෙයක් නැහැ. බොරුවෙන් පටන් අරගෙන බොරුවෙන්ම ඉවර වෙන්නයි යන්නේ.
බොරු කියන්න එපා. පාස්කු ප්‍රහාරයෙන් පසුව අමාරුවේ වැටුන කුඩා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන් නගාසිටවන්න කරපු කිසිම දෙයක් නැහැ. ප්‍රහාරයෙන් පසු පොරොන්දු වෙච්ච පරිදි සංචාරක ව්‍යාපාරය සදහා කලින් ගත්ත ණයවලට ගෙවන සහන පොළිය අඩු කිරීම වැනි සහන කිසිදෙයක් අපට ලැබුනේ නැහැ. ඒවා ගන්න ගියහම ටුවරිස්ට් බෝර්ඩ් අනුමැතිය, පරිසර වාර්තා ඇතුලු මෙකි නොකී ලියකියවිලි ආයතන 7-8 ක් විතර ඉල්ලනවා.ඒවා ගන්න නම් ආයතනවලට යාමට ඒමට ගමන් ගාස්තු, ආයතන වලට ගෙවන රජයේ ගාස්තු සහ නිලධාරීන්ට දෙන පගාව වැනි දේවල් වලට අඩුම වශයෙන් ලක්ෂ 3-4 වත් වියදම් කරන්න වෙනවා. මහා පරිමාණ බහුජාතික හෝටල් වලට සහ සමාගම් වලටනම් ප්‍රතිලාභ ලැබුණා. අර සංචාරකයන්ට දින 30 කාලසීමාවකට නොමිලේ විසා දෙනවා කියල ප්‍රහාරයෙන් පසු දුන්න පොරොන්දුව ඉටු කරන්නත් මාස 6 ක් විතර ගතවුණා.පහුගිය කාලේ බිහිවෙච්ච පාතාල කල්ලිවලට ගෙවන කප්පම් වල නිමකුත් නැහැ .පසුගිය අවුරුදු 5 ටම බැරිවුණා අලුතෙන් අධිවේගී මාර්ගයේ එක කිලෝමීටර් 10 ක් ජනතාවට විවෘත කරගන්න. පොහොට්ටුකාරයෝ ආවොත් කොමිස් ගහලා හරි පාරක්වත් හදාවි. සුදු වෑන් එකක් යවලා හරි පාතාලය මර්ධනය කරාවි.
"හිරාන්ට ඒකාධිකාරයක් තිබෙනවා. එය කඩන්න ඕනේ. හෝටල් තුනෙන්, දෙකක් අයිති ඔහුට අයිතියි." තරු පහේ හෝටල්.මේ වගේ හෝටල් 2ක් වත් හැදුවේ මුලින්ම යාපනයේ ජෙට් වින් හිරාන් ඔහු විතරමයි. අපි ඒ ගැන සන්තෝස වෙන්න ඕනේ. ඔහුට අකුල් හෙලන්නේ නැතිව. මොනාද මේ අගමැති කියන්නේ? සංචාරක වර්ධනයට ලංකාවේ දහසක් දේ කරන්න පුළුවන්. නමුත් වෙන්නේ නැහැ. කොටින්ම කියනවනම් හරියට ක්‍රියාකරන දුම්රිය වෙබ් අඩවියක්වත් නැහැ. වෙන මොන කතාද?
හෝටල් වල කාමර හිස්. මෙයා බොරු කියනවා. කමක් නෑ. වොක්ස් වැගන් එක හරි තියෙනවනේ.
ඔබතුමා දේශපාලනේට ආපු දා පටන් කියන්නේ සිංගප්පුරු කතා, චුවින්ගම්, ගොවියට කලිසම් වගේ මෙලෝ අර්ථයක් නැති කතා.
ඔබතුමා දේශපාලනයෙන් විශ්‍රාම යන්න. යනකොට අර වත්තල පැත්තේ ජෝන්බාසුත් එක්කරගෙනම යන්න. ඊට පස්සේ ඉන්න කට්ටියක කුමක් හෝ දෙයක් කරාවි...
සංචාරකයන් මිල අධික ප්‍රවේශපත්‍ර රැගෙන යන සමහර පුරාවිද්‍යා ස්ථානවල හරියට ශරීර කෘත්‍යයන් කරන්න නියම පහසුකම්වත් දෙන්න බැරිව තවත් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා යයි පුරාජේරු කථාකීම විහිළුවක්...
2009 දී ලක්ෂ දෙක හමාරක් වගේ වෙච්ච සංචාරකයන් ප්‍රමාණය 2015 වෙන කොට ලක්ෂ 15 ක් වීම... අද එය ලක්ෂ 5කි.
දින 100 සුරංගනා කතා වගේ තමා මෙයාගෙ කතා. මහ බැංකුවත් විනාශ කරලා තව කියවන්නත් එනවා.
කරුණාකර ඔය පුර විද්‍යා ස්ථාන නරඹන්න යන සංචාරකයකුගෙන් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගෙන් ගන්න මුදල් මෙන් 10 ගුණයක් අරගත්තම හොඳටම ඇති ,දැන් කරනවා වගේ 20-30 ගුණයක මුදලක් ගන්න එපා , එක රටේ කිර්ති නාමයට මෙන්ම සංචාරක ව්‍යාපාරයට හිතකර නැත , අනිත් එක පුරාවිද්‍යා ස්ථානවල ටිකට් පත් ඇමෙරිකන් ඩොලර්වලින් මිල නියම කරන්න එපා , මේක ශ්‍රී ලංකාව එම නිසා ශ්‍රී ශ්‍රී ලංකික රුපියල්වලින් මිල නියම කරන්න , එම ස්ථානවල ගුවන්තොටුපලේ තිබෙන ආකාරයට ප්‍රමිතියෙන් වැඩි වැසිකිළි ඉදිකර ඒවා හොඳින් නඩත්තු කරන්න .
ලංකාවේ වේගවත්ම රැකියා විනාශකරුවා ඔබතුමා නායකත්වය දරන පාර්ලිමේන්තුව නේද?
ගරු අගමැතිතුමෝ කරුණාකරලා සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය යටිතල පහසුකම් හදලා දෙන්න මුලින්ම... දෙවනුව කොන්ද පණ තියෙන ලෝකය සහ ලෝකයේ සංචාරක ව්‍යාපාරය ගැන අවබෝධයක් ඉදිරි දැක්මක් තියෙන අවංක ඇමති කෙනෙක්ව පත් කරන්න ලිඳේ ඉන්න මැඩියන් වගේ ඉඳගෙන මේවා කරන්න බැහැ.. ටිකක් ලෝකේ දිහා බලලවත් ඉගෙන ගන්න ඕනේ එහෙම නැතුව ඔබතුමා කියන ඔය ප්‍රාතිහාර්ය කරන්න බැහැ. අපිට තේරෙන විදිහට නම් එක්කෝ ඔයාගේ මොලේ හොඳ නැහැ. නැතිනම් ඔබතුමා හිතන් ඉන්නේ ඔබතුමාගේ ඇමැති මණ්ඩලේ වගේම ලංකාවේ ඉන්න සියලු දෙනාම හරක් කියලා පුලුවන් නම් පොළවේ අඩිය තියලා යථාර්තයට මුහුණ දීලා රටේ ප්‍රශ්න විසඳන්න බලන්න. මේ ඔබතුමාලා කරන සෙල්ලමෙන් අපේ බාල පරම්පරාව අසරණ වෙනවා.
මේ ගොයියා තවත් මිනිස්සු රවට්ටනවා. ඔය රැකියා අරකියූ ලක්ෂ 10ට අමතරවද? කියන එකා වුණත් අහන ඔක්කොම ගොන්නු නොවෙයි. හැබැයි ලක්ෂ 62ක් වෘෂභයන් මේ රටේ ඉන්නවා. ඒ අයට වෙන්නැති මේවා කියන්නේ....
අගමැතියෝ, ඔයාට වොක්ස්වැගන් කොම්පැනිය අරින්න බැරිවුණා. තමුන්ට පසුගිය වසර 5 කරන්න බැරිදේවල් තව 5කින් කරනවද? අපිව ගොනාට අන්දවලා නුඹලා සැපවිඳිනවා. අපි හැමදාම හුරේ කියකියා නුඹලා උඩට ගේනවා. ඉන්පසු ඔයාලා යනකොට අපි කාණුවලට බහින්න ඕනෑ පාරට ඉඩදීලා...
සංචාරක ව්‍යාපාරය දියුණුකරන්න ඕනේ නම් අදහස් කිහිපයක් 1) සංචාරක මණ්ඩලයේ අනුමැතිය නොමැති වුණත් කුඩාපරිමාණයේ සංචාරක ව්‍යාපාරිකයාට තම දේපලක් ඇපයට තබලා රාජ්‍ය බැංකුවකින් අඩු පොලියට මිලියන 10 දක්වා ණයක් අරගන්න පුළුවන් සරල ක්‍රමයක් සකස් කරලා දෙන්න . 2) සංචාරක අංශයේ සේවය කිරීමට ගුණාත්මක් සේවකයන් පුහුණු කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න. හවුස් කීපින්, පිළිගැනීමේ නිලධාරී වැනි අංශවලට අඩුම තරමේ මාස 6ක් වත් සහ කෝකියෙකුට අවුරුදු 2ක් වත් වෘත්තීය පුහුණුවක් ලබලා දෙන්න බලන්න. 3) ගුවන් තොටුපලේ සිට සංචාරක මර්මස්ථානවලට සහ කොටුවේ දුම්රිය ස්ථානයට සුකොපභෝගී බස් සේවාවක් ස්ථාපනය කර , රටට පැමිණෙන සංචාරකයින්ට පහසුවෙන් දැකගන්න පුළුවන් ලෙස නාමපුවරු ප්‍රදර්ශනය කරන්න. බස් නවතන ස්ථානවලට යන්න පුළුවන් වන සේ මග පෙන්වීමේ පුවරු සවි කරන්න. 4) සංචාරක මර්මස්ථාන වල ඇති වැසිකිලිවල ප්‍රමිතිය වැඩි කරන්න.
ඊට වඩා හොඳ නැත්ද කෘෂිකර්මය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩ නැගුවොත්. සංචාරකයෝ අද එයි . හෙට නෑවිත් ඉඳි . ඔව්න්ගේ කොන්දේසිවලට යටත් වෙන්ඩත් වෙයි .
අම්මේ හිනාව විතරක්...!! හෝටලේ සමුළුව ජයට ගිහිල්ලා වගේ? මොනවද ගත්තේ වයින්ද? බ්‍රැන්ඩිද? විස්කිද?. නැටුමකුත් දැම්මා නම්..
සරා මහත්මියගේ අදහසට මමත් එකඟ වෙනවා. කෘෂිකර්මාන්තේ කරන එක හොඳ දෙයක්... නමුත් ලංකාවේ වැඩි දෙනෙක් කැමති නැහැ ටිකක් වෙහෙස මහන්සි වෙලා වැඩකරලා කීයක් හරි හම්බ කරන්න. හැමෝම කැමති පිරිසිදු ඇඳුමක් ඇඳගෙන බඩගින්නේ හරි නිකන්ම ඉඳිමින් කාලේ මරන්න. විශාල තරුණ පිරිසක් කරන්නේ ත්‍රිරෝද රථයක් නැගගෙන දවස පුරාම කාලේකමින් සංචාරක හෝටල් ඉස්සරහ වේලි වේලි ඉන්නවා. ලංකාවේ අනිත් උපාධිවලට සාපේක්ෂව කෘෂි උපාධිකාරයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත්, ගොවිජන සේවා මධ්‍යස්ථානවල සේවය කරන නිලධාරීන් කරන්නේ නිකන්ම ඉඳන් කාලේ කන එක... නිකමට ලංකාවේ තිබෙන ගොවිජන සේවා එකකට නිකමට ගොඩවෙලා අහන්න අක්කර කාලක පොල් වවන්න අදහස් කරනවා. අවශ්‍ය පැල සහ උපදෙස් ලබාගන්න පුලුවන්ද කියලා... ගොවිජන සේවා එකේ සේවක සේවිකාවෝ 10ක්-15ක් හිටියත්, බොහෝවිට ලැබෙන උත්තරය අදාල නිලධාරියා නැත. තවානේ පැල ඉවරයි. එමනිසා අවශ්‍ය උපදෙස් හෝ සේවා සපයන්න බැහැ. අහවල් දිනයට නිලධාරියා කාර්යාලයේ ඉන්නවා එදාට එන්න කියලා.. ඔය නිලධාරීන් ක්ෂේත්‍රයේ යනවා කියලා කිව්වට ඉන්නේ ගෙදර...
දැන් සංචාරකයින් තියා සංචාරක කුරුල්ලෙක්වත් අපේ රටට එන්නේ නැහැ. වෙනදා සුදුරෙදි හොරා, කහ කුරුල්ලෝ වගේ පක්ෂීන් කොයිතරම් හිටියද? දැන් ඉතා කලාතුරකින් ඒ සතුන් දකින්න පුළුවන්...
හොඳට තිබ්බ රට කාලා දැන් විකාර කියවනවා.
බොරු කියන එකේ තේරුමක් තියෙන්න ඕනේ... 2015 ඉඳන් ලංකාවට ගෙනාපු රැකියා ගණන 0යි. එහෙම එකේ බොරුවට රට අමෙරිකාවට ලියලා තියන්නයි ලෑස්තිය...
පසුගිය වසරවල මෙන්ම ඉදිරියේදීත් ලංකාව අගාධයට ඇදගෙන යාමේ වේගවත් උත්පාදකයා වන්නේ නොහැකියාවෙන් පෙලෙනා කෙනායි.
මේ වගේ කෙනෙක් රට පාලනය කරන්න බාර දුන්නාම රටට කෙළවෙන බව අහන්නත් ඕනෑද?