IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකාවේ මීළඟ ආර්ථික වර්ධන රැල්ලට ලංකා වාණිජ මණ්ඩල නව සභාපතිගෙන් යෝජනා අටක්

  • මෙම කරුණු ප්‍රායෝගික සහ බොහෝ කලක් මගහැරුණු කාරණා 
  • ශක්තිමත් ප්‍රතිසංස්කරණ හරහා ඩොලර් ගලා ඒම වැඩි කරගැනීමේ හැකියාවක් 
  • 18 වැනි වරටත් IMF වෙත යාම මගහරවා ගැනීමේ අපේක්ෂාවක්
 

භානුක අමරසිංහ 

මෙරට ආර්ථිකයේ මීළඟ වර්ධන රැල්ල සඳහා වන ආසන්නතම ප්‍රතිසංස්කරණ අටක් යෝජනා කරන බව ලංකා වාණිජ මණ්ඩලයේ නව සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි. 
පසුගියදා පැවැති එම මණ්ඩලයේ 186 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී නව සභාපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව සිය දේශනය කරමින් ඒ මහතා මෙම කරුණු සඳහන් කළේය. 
ඒ අනුව 1. ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීම, 2. ජාතික තනි කවුළු වැඩසටහන ක්‍රියාත්මක කිරීම, 3. යල්පැනගිය රේගු ආඥාපනත ප්‍රතිසංස්කරණය, 4. දක්ෂ සහ විශ්වසනීය නිදහස් වෙළෙඳ එකඟතා කණ්ඩායමකගේ සහයෝගය ලබා ගෙන අනාගත දැක්මක් සහිත වෙළෙඳ ප්‍රතිපත්තියක් සංවර්ධනය , 5. පැරා-තීරුබදු ඉවත් කරන අතරතුරදීම තරගකාරීත්වයට සහයෝගය දක්වන සහ අනුවර්තනය වඩාත් පහසු කරවන ආකාරයේ වඩාත් හොඳින් සකස් කළ වෙළෙඳ ගැළපීම් වැඩසටහනක් හඳුන්වාදීම, 6. ඉහළ වටිනාකමක් ගන්නා සංචාරකයන් සහ ආයෝජන ආකර්ෂණය සඳහා වන ජාතික සංචරණ ගමනාන්ත අලෙවිකරණ සැලසුම දියත් කිරීම, 7. ආයෝජනය සඳහා වන ඉඩම් ලබා ගැනීමේ හැකියාව දියුණු කිරීම සහ 8. බලශක්ති මිල ගණන් සහ ශ්‍රම වෙළෙඳ පොළ නම්‍යශීලීත්වය යනාදී වඩාත් තීරණාත්මක වෙළෙඳපොළ කරුණු පිළිබඳ ප්‍රතිසංස්කරණ එම යෝජනා වෙයි. 
‘මෙම ප්‍රායෝගික සහ බොහෝ කාලයක් මඟහැරුණු කාරණා හරහා ආයෝජන වේගවත් කිරීම, ඵලදායිතාව සඳහා වන බාධා ඉවත් කිරීම සහ ශ්‍රී ලංකාව වඩාත් තිරසාර, අපනයනය මූලික කරගත් වර්ධනයක් වෙත රැගෙන යාම කළ හැකිවේවි’’ බාලේන්ද්‍ර මහතා පවසයි. 
 
මෙම කරුණු අපට ළඟා කරගත හැකි ආසන්නතම ඒවා බවත්, දශක දෙකකට වැඩි කාලයක් පුරා ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍ර තුළ ඒවා ඇතුළත්ව තිබෙන බවත් ඔහු පවසයි. 
“නැවත අලු‍ත් වී තිබෙන අවධානයත් සමගින් මෙම කරුණු ඉදිරි වසර කිහිපයේදීවත් ක්‍රියාත්මක වේවි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා.’’ 
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සතුව අඩු විදෙස් ණය ආපසු ගෙවීමක් සඳහා වන ඉතාමත් පටු එහෙත් තීරණාත්මක වසර තුනක කාලයක් පවතින බවත්, මෙම කාලය ඉතාමත් බුද්ධිමත්ව අපගේ ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමට යොදා ගත යුතුව තිබෙන බවත් ඔහු අවධාරණය කරයි. 
එසේම තවදුරටත් ණය ලබා ගැනීම් වෙත යාමකින් තොරව අනාගත ණය ආපසු ගෙවීම් අපහසු බවද ඔහු පෙන්වා දෙයි. එහෙත් සිදු කරන ශක්තිමත් ප්‍රතිසංස්කරණ හරහා රට තුළට පැමිණෙන ඩොලර් ගලාඒම් ප්‍රමාණය වැඩි කරගත හැකි බව ඔහු පෙන්වා දෙයි. “ලංකා වාණිජ මණ්ඩලය විදියට මේ මීළඟ, වඩාත් වැදගත් ප්‍රතිසංස්කරණ රැල්ල වෙත පෞද්ගලික අංශය හරහා නායකත්වය ලබා දෙන්න කටයුතු කරනවා.’’
මේ අතර ශ්‍රී ලංකාව ආර්ථික ස්ථායිතාව ඇති කරගැනීම අතින් වඩාත් සාර්ථක වූ බව පෙන්වා දෙන නව සභාපතිවරයා, එහිදී රජයේ ප්‍රතිපත්තිමය වෙනස්කම්, ණය ප්‍රතිව්‍යුහගතකරණය, උද්ධමනය පාලනය සහ සාර්වආර්ථික ප්‍රතිසංස්කරණ උදව් වූ බවද පවසයි. 
“කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් පැවසූ ආකාරයට මෙම ප්‍රතිසංස්කරණ වඩාත් සැලසුමක් සහිතව සිදුකළ යුතුව තිබෙනවා. එහිදී රාජ්‍ය සතු ව්‍යවසාය ප්‍රතිසංස්කරණය, ආදායම් වර්ධනය, වෙළෙඳ බාධා ඉවත් කිරීම සහ හිතකර ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීම ඊට ඇතුළත්.’’ 
මෙම ස්ථාවරත්වය සැම ශ්‍රී ලාංකිකයකුටම වඩාත් තිරසාර වර්ධනයක් සහ අවස්ථාවන් ඇති කරගැනීම උදව් වනු ඇති බවත්, ඒ හරහා අපිට 18 වැනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම මඟහරවා ගත හැකි වනු ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි. 
“අපගේ ඉදිරිය සඳහා වන අවධානය විය යුත්තේ වර්ධනය, විභවතා සහ අවස්ථා ලබා ගැනීමයි. එහිදී ලොව වඩාත් වේගයෙන් වර්ධනය වන විශාල ආර්ථිකයක් සහිත ඉන්දියාව අපිට සමීපව සිටීම අපි ලැබූ භාග්‍යයක් ලෙසත් මම සලකනවා’’ බාලේන්ද්‍ර මහතා පවසයි.



අදහස් (0)

ලංකාවේ මීළඟ ආර්ථික වර්ධන රැල්ලට ලංකා වාණිජ මණ්ඩල නව සභාපතිගෙන් යෝජනා අටක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site