IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලංකාව ඩොලර් බිලියන 17.2 ඉලක්කය සපුරා ගැනීමේ මාවතට පිවිසිලා

හර්ෂණ තුෂාර සිල්වා

ශ්‍රී ලංකාව මේ වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 17.2 ඉලක්කය සපුරා ගැනීමේ මාර්ගයට පිවිස ඇතැයි සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (18) පැවැසීය.

ඉකුත් වසර තුනක කාලයේදී මෙරට අපනයන සියයට 50කින් වැඩි වී ඇති බව එමඟින් පෙන්නුම් කරන බව ද සමරවික්‍රම මහතා කීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 22 වැනිද ජනාධිපති අපනයන සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඒ බව සඳහන් කළේය.

වසර ගණනාවක් මුළුල්ලේ දේශීය ආර්ථිකය කෙරෙහි පමණක් අවධානය යොමු වූ තිබූ බවත් වර්තාමනයේදී අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් දෙසට මෙරට ආර්ථිකය ගමන් කරමින් තිබෙන බවත් සමරවික්‍රම මහතා කීවේය. නිවැරැදි මාර්ගය දෙසට ගමන් කිරීම ඉතා වැදගත් බව කී අමාත්‍යවරයා පෞද්ගලික අංශය ඉලක්ක කරගත් වර්ධන ආකෘතියක් සහ වඩාත් ක්‍රියාශීලි දිසාවක් රටේ ආර්ථිකය ගමන් කරමින් තිබෙන්නේ යැයි ද කීය.

අපනයන ඉලක්ක කරගත් පෞද්ගලික අංශයට හිතකර ආර්ථික ප්‍රතිපත්ති තීරණ ගැනීම සහ උපායමාර්ගික තීරණ ගැනීම තරගකාරීත්වය ඉහළ නංවන බවත් එසේ නොමැතිව ශ්‍රී  ලංකාවට ඉදිරි ගමනක් නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.  

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 



අදහස් (2)

ලංකාව ඩොලර් බිලියන 17.2 ඉලක්කය සපුරා ගැනීමේ මාවතට පිවිසිලා

Bamunuarachchi Wednesday, 19 September 2018 03:18 AM

මේ කතාවත් හරියට අර ලක්ෂ 10 රැකියා ව්‍යාපෘතිය වගේ. දැනටමත් අපි ආනයන සීමාව පැනලා නේද? ඔය බිලියන 17.2 උපයනකොට ට්‍රිලියන ගානක් ණයවෙලා තියේවි.

:       35       71

mahinda Wednesday, 19 September 2018 08:50 AM

කෝ ඔය කියන ඩොලර්? බොරුවට ගණන් පෙන්නනවා. හැබැයි ආපු ආයෝජනයක් නම් නැහැ. කරුණාකරලා ආපු ආයෝජන ලිස්ට් එකක් පලකරන්නකෝ... අපිට දැන ගන්න.

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 723 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17971 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 773 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site