හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාව මේ වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 17.2 ඉලක්කය සපුරා ගැනීමේ මාර්ගයට පිවිස ඇතැයි සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (18) පැවැසීය.
ඉකුත් වසර තුනක කාලයේදී මෙරට අපනයන සියයට 50කින් වැඩි වී ඇති බව එමඟින් පෙන්නුම් කරන බව ද සමරවික්‍රම මහතා කීය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 22 වැනිද ජනාධිපති අපනයන සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඒ බව සඳහන් කළේය.
වසර ගණනාවක් මුළුල්ලේ දේශීය ආර්ථිකය කෙරෙහි පමණක් අවධානය යොමු වූ තිබූ බවත් වර්තාමනයේදී අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් දෙසට මෙරට ආර්ථිකය ගමන් කරමින් තිබෙන බවත් සමරවික්‍රම මහතා කීවේය. නිවැරැදි මාර්ගය දෙසට ගමන් කිරීම ඉතා වැදගත් බව කී අමාත්‍යවරයා පෞද්ගලික අංශය ඉලක්ක කරගත් වර්ධන ආකෘතියක් සහ වඩාත් ක්‍රියාශීලි දිසාවක් රටේ ආර්ථිකය ගමන් කරමින් තිබෙන්නේ යැයි ද කීය.
අපනයන ඉලක්ක කරගත් පෞද්ගලික අංශයට හිතකර ආර්ථික ප්‍රතිපත්ති තීරණ ගැනීම සහ උපායමාර්ගික තීරණ ගැනීම තරගකාරීත්වය ඉහළ නංවන බවත් එසේ නොමැතිව ශ්‍රී ලංකාවට ඉදිරි ගමනක් නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාවත් හරියට අර ලක්ෂ 10 රැකියා ව්‍යාපෘතිය වගේ. දැනටමත් අපි ආනයන සීමාව පැනලා නේද? ඔය බිලියන 17.2 උපයනකොට ට්‍රිලියන ගානක් ණයවෙලා තියේවි.
කෝ ඔය කියන ඩොලර්? බොරුවට ගණන් පෙන්නනවා. හැබැයි ආපු ආයෝජනයක් නම් නැහැ. කරුණාකරලා ආපු ආයෝජන ලිස්ට් එකක් පලකරන්නකෝ... අපිට දැන ගන්න.