පලිබෝධනාශක වලින් තොර වගාබිම් සහතික කරන තෙක් ශ්‍රී ලංකාව සහ රුසියාව මිදි ලබාගැනීම පාලනය කිරිමට ගත් තීරණය තුළින් ඉන්දියාවේ මිදි මිල පහත වැටී ඇති බව ඉන්දීය එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.
ඉන්දියාවේ මිදි අස්වැන්න නෙළන කාල සීමාව තුළ මෙම තත්ත්වය උදාවී ඇති බව ගොවි නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ ඉන්දියාවෙන් මිදි ටොන් 2331.25 ක් ද රුසියාව මිදි ටොන් 27,434.29 ක් ආනයනය කර තිබේ.
ඉන්දියාව ලංකාවට මිදි අපනයන සාපේක්ෂව කුඩා වුවද රුසියාව ඉන්දියාවේ ප්‍රධාන මිදි අපනයන ගමනාන්තයක් වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දන්වා තිබු නිර්ණායකයන් සපුරා ඇති බවත් අපි ලංකාවේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත් ගොවි නිෂ්පාදන සමුහයේ සභාපති විලාස් ෂින්ඩේ මහතා පැවසීය.
ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරෙනි
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වස ගැන කතා කරද්දී ලංකාවේ අන්නාසිත් හොඳට බෙහෙත් ගහලා හදන්නේ. සාමාන්‍යයේන් අන්නාසි ගෙඩියක් හැදෙන්න අවුරුදු 2ක් යනවලු. එත් මම එක කඩේකින් ඇහුවා මේ ගෙඩි කොච්චර කාලෙකින්ද හැදෙන්නේ කියලා මාස 2කකින් හැදෙනවලු. කොහොම බෙහෙතක් වෙන්න ඇතිද? යම්කිසි පාලනයකින් ලංකාවේ පලතුරු හදන්න ඕනේ. ලංකාවේ හැදෙන පලතුරු රහයි. මිල ගණන් ගියාට හොඳ දෙයකින් දීර්ඝ කාලීනව ලංකාවටත් ලංකාවේ ජිවත් වෙන මිනිසුන්ටත් හොඳක් මිස නරකක් නොවේ.
මොන තරම් සල්ලියක් රටෙන් යනවද මේ සුළු බෝග ගෙන්වන්න. මහ ලොකුවට ගොවියා රජ කරවන්න කතා කරනවා හැමදාම එකතැන.
යාපනයේ මිදී වැවෙනවා රසයි. ඉතින් අපි ඉන්දියාවේ ගොවියාගේ ආර්ථිකය නංවන්නේ නැතුව ලංකාවේ උතුරේ ගොවියන්ගේ ජීවන තත්වය ඉහල නංවමුකෝ.