IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලක්ලෝ තීන්ත - ටයිටේනියම් ආයතනයට ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන

ලක්ලෝ තීන්ත නිෂ්පාදන සහ ටයිටේනියම් ආයතනය 2024 ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ නැගී එන බිම සහ බිත්ති සඳහා යොදා ගත හැකි පස් පදනම් කර ගත් ටයිල් විකල්ප නිෂ්පාදන සපයන්නා’ ලෙස සම්මානයට පාත්‍ර විය. සම්මාන උළෙලේදී ආයතනයේ හිමිකරු වන ස්ටැන්ලි ජයසිංහ මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

වසර 25ක අත්දැකීම් සහිත ලක්ලෝ ආයතනය නව්‍යකරණය, ගුණාත්මකභාවය, පාරිභෝගික තෘප්තිය පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරයි. එම ආයතනය ඕනෑම ගොඩනැගිල්ලක බිම, බිත්ති, වහලය සහ බිත්ති අතර කොටස වැනි ස්ථාන සඳහා ඒ ඒ ගොඩනැගිල්ලට ආවේණික මෝස්‌තර නිර්මාණය කරයි. තද අළු ඇතුළු වර්ණ රැසකින් යුතු මෝස්‌තර නිර්මාණය කරන එම ආයතනය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මනාව හඳුනා ගනිමින් අවශ්‍ය සේවා සැපැයීමෙන් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වී ඇත. නාන කාමර, පියගැට පෙළ, නිදන කාමර ආදී ඕනෑම ස්ථානයක බිම, බිත්ති සහ අනෙකුත් ඉඩකඩ සඳහා එම ආයතනය සපයන මෝස්‌තර කල් පැවැත්මෙන්ද ඉතා ඉහළ වේ. 

කුසලතාවලින් පරිපූර්ණ 200කට වැඩි වෘත්තිකයන් පිරිසක් සේවය කරන එම ආයතනය මේ දක්වා 500කට වැඩි ව්‍යාපෘති සම්පූර්ණ කර ඇත. 2,000කට වැඩි දෙස් විදෙස් පාරිභෝගිකයන්ට සේවා සපයා ඇති ලක්ලෝ ආයතනය සෑම ව්‍යාපෘතියක්ම නියමිත කාලයට සැලසුම් කළ වියදම යටතේ සම්පූර්ණ කරයි. ඕනෑම පෞද්ගලික හෝ වාණිජ ගොඩනැගිල්ලක ඇතුළත සහ පිටත සඳහා නව්‍යකරණයෙන් යුතු මෝස්‌තර විසඳුම් අවශ්‍ය නම් ලක්ලෝ සේවය ගත හැකිය. දියර ටයිටේනියම්, නොදිලිසෙන තීන්ත සහ ටයිල්, බිත්ති පොටි, ෆිලර්, තෙතමනය වළකන ටොප්කෝට් එම ආයතනයේ අනෙකුත් නිෂ්පාදන අතර වේ. ලක්ලෝ ආයතනය තිරසාර සහ ඔවුන්ටම ආවේණික පුද්ගලාරෝපිත මෝස්‌තර විසඳුම් සපයයි. මීට පෙරද ඔවුන් දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇත. 

 



අදහස් (0)

ලක්ලෝ තීන්ත - ටයිටේනියම් ආයතනයට ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 794 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site