IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් 100 ලැයිස්තුවට ලංකාවේ ආශ්චර්යා පීරිස්

(හර්ෂණ තුෂාර සිල්වා)

ලෝ ප්‍රකට බී.බී.සී. පුවත් සේවය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලොව වඩාත්ම බලපෑම් සහගත සහ පෙළඹවීම් සහගත කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලංකාවේ නයනා ආශ්චර්යා පීරිස් ජයකොඩි මහත්මිය තේරී පත්ව සිටින්නීය.

ඇය ප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පිනියකි.

2000 වසරේදී රැකියා කටයුතු අවසන් වී නිවසට යමින් සිටියදී රාජගිරියේදී ත්‍රස්තවාදීන් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී තුවාල ලැබූ ආශ්චර්යා පීරිස් මහත්මියට පසුව පෙනීම අහිමි විය. එම බෝම්බ ප්‍රහාරයෙන් 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝම්බ ප්‍රහාරයට ගොදුරු වෙද්දි ඇය එච්.එස්.බී.සී. බැංකුවේ සේවය කරමින් සිටියාය.

පෙනීම අහිමි වුවත් ජීවිතය අත් නොහළ ආශ්චර්යා පීරිස් මහත්මිය මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයට පැමිණෙමින් ජාත්‍යන්තර කීර්තියට පත් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් බවට පත්වූවාය. සිය සිහින සැබෑ කරගත් නයනා ආශ්චර්යා පීරිස් ජයකොඩි මහත්මිය මෝස්තර නිර්මාණ ශිල්පිනියක ලෙස සම්මාන රැසක් දිනා ගැනීමට සමත්ව සිටී.  

මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තරගාවලියක් වන ‘නැගී එන මෝස්තර් නිර්මාණ ශිල්පිනිය’ තරගාවලියේ අවසාන වටයට පිවිසීමට ද  ආශ්චර්යා පීරිස් මහත්මිය සමත්වූවාය.

ආශ්චර්යා පීරිස් මහත්මිය මේ වනවිට මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයට අමතරව විශේෂයෙන්ම තරුණියන් දිරිගැන්වීමේ කටුයතුවල නිරතව සිටින්නීය. තරුණියන්ට සිය සිහින සැබෑ කරගැනීමට උපකාරී වන ආශ්චර්යා පීරිස් මහත්මිය තරුණියන්ට ඔවුන්ගේ වෘත්තීය දිවිය මෙන්ම පෞද්ගලික ජීවිතය සාර්ථක කරගැනීමට උපදෙස් දෙන අතරම ඔවුන් දිරිගැන්වීමේ කටයුතුවලද නිරත වී සිටින්නීය. 



අදහස් (11)

ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් 100 ලැයිස්තුවට ලංකාවේ ආශ්චර්යා පීරිස්

koba Friday, 18 October 2019 03:20 AM

මගේ සුබ පැතුම්. මහත්මියනි, ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

:       14       361

CHULA EKANAYAKE Friday, 18 October 2019 04:05 AM

අප සියලු දෙනාම ශ්‍රීලාංකිකයන් ලෙස සතුටුවියහැකි සහ ආඩම්බර වියහැකි කරුණකි. එතුමියට සුභපැතුම්.

:       27       145

vipula Friday, 18 October 2019 05:51 AM

අපේ සුභ පැතුම් මැතිනියනි

:       1       115

upali Friday, 18 October 2019 06:58 AM

ඔබගේ නම අසුනෙත් අදමි. තවත් දිග කායලක් ජීවත් වේවා.

:       1       74

විජිත් Friday, 18 October 2019 03:28 PM

"කළ නොහැක්කක් නොමැත" යන්නට හොඳම ආදර්ශය ඔබතුමියයි. තව තවත් රටට -ජනතාවට සේවය කරමින්, සතුටින් සාමයෙන් දිගු කලක් ජීවත්වන්නට ඔබතුමියට හැකිවේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.

:       1       32

lanka Friday, 18 October 2019 06:16 PM

අද වෙනකන් දැනගෙනවත් දැකලවත් තිබුනේ නැහැ .

:       3       30

maheshika Saturday, 19 October 2019 01:19 PM

මා ඔබ ගැන කියවා තිබෙනවා. ඔබට සදා ජය.

:       1       23

Raveendra Monday, 21 October 2019 02:04 AM

විජිත් මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. මෙතුමිය පිළිබඳව හා මෙතුමිය සහභාගී වූ වැඩසටහන් අප විසින් නරඹා ඇත. ඒ සෑම අවස්ථාවකම අප දුටුවේ මෙතුමිය ඇතුලේ සිටින ඒ අභීත, දිරිය ලාංකික කාන්තාව බවයි. මෙතුමියගේ ඒ ප්‍රබල ගතිගුණ කාන්තාවන්ට පමණක් නොව පිරිමින් වන අපටද ආදර්ශයකි. සෑම දෙයම දියව් දියව් කියන නිවට හිඟන්නන්ටද මැයගේ ඇතුළත සිටින ඒ අභීත, ප්‍රතාපවත්, දිරිය කාන්තාව දැනගැනුමට හැකිවේවා..!!! ඔබතුමියට අප හදවතින්ම සුබ පතන්නෙමු..!! ඔබතුමියගේ සියලු අනාගත කටයුතු සාර්ථක වේවා..!!!

:       0       105

යමුනා මෙත්සරනි Monday, 21 October 2019 04:04 AM

'මෙතුමිය සහභාගි වූ වැඩසටහන් අප විසින් නරඹා ඇත'. කියන්නකෝ කොහෙද කියලා අපිත් ආසයි නරඹන්න යූ ටියුබ්ද..?

:       4       22

nimal Wednesday, 23 October 2019 05:40 AM

අපේ සුබපතුම්! ඔබවැනි දහිරිය සම්පන්න ගැහැනියකට !

:       0       1

නිර්මිතා කළුආරච්චි Friday, 25 October 2019 04:01 AM

මනස ශක්තිමත් කර ගත් ඔබට තෙරුවන් සරණයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 60 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 48 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 23 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 57 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 715 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1396 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site