IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


ලංකා වාණිජ මණ්ඩලයෙන් මෙරට සංවර්ධන ප්‍රමුඛතා එ.ජාතීන්ගේ නේවාසික නියෝජිතයාට


භානුක අමරසිංහ


මෙරට සංවර්ධනය වෙනුවෙන් අතවශ්‍ය එහෙත් දිගු කාලයක් පුරා ප්‍රමාද වුණු, අතිශය වැදගත් ප්‍රමුඛ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් - ආන්ද්‍රේ ෆ්‍රාන්චේ දැනුවත් කළ බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි. 

එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් බුවනෙකබාහු පෙරේරා ඇතුළු එම මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු හමුවකදී මෙම කරුණු සඳහන් කර තිබේ. 

ඒ අනුව සුහුරු යටිතල පහසුකම් යටතේ කුරුණෑගල - දඹුල්ල මාර්ගය ඉදිකිරීම ප්‍රමුඛ ව්‍යාපෘතියක් බවට පත් කළ යුතු බව ඔවුන් පෙන්වා දී ඇත. ඒ හරහා වඩාත් වේගවත් සහ වඩාත් පිරිමැසුම්දායක ප්‍රතිඵල අත්වනු ඇතැයි සඳහන් කෙරී තිබේ. එසේම ඉංග්‍රීසි භාෂාව සහ මෘදු කුසලතා සඳහා පවතින පරතරය අඩු කරමින් තොරතුරු තාක්ෂණික සේවාවන්ගේ හැකියාවන් ඉහළ නංවා ඉහළ වටිනාකමක් සහිත රැකියා උත්පාදනය තවත් කරුණකි.

මේ අතර උපායමාර්ගික අයෝජන කලාප පිහිටුවමින් ආයෝජන උපායමාර්ග ප්‍රථමවත්, ප්‍රවර්ධනය දෙවනුවත් සිදු කිරීමත් මෙහිදී සාකච්ඡා කෙරී ඇත. එසේම සංචාරක කර්මාන්තයේ යථාවත්වීම යටතේ එකිනෙකට සම්බන්ධ වූ ගෝලීය ප්‍රවර්ධන ව්‍යාපාරයක් සහ සංචාරක පැමිණීම් වර්ධනය දරා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් යාවත්කාලීන කිරීමත් මීට ඇතුළත්ව තිබේ. 

මීට අමතරව ශ්‍රී ලංකාවේ ගිගාවොට් 30ත් 50ත් අතර වන සුළං විදුලිබලශක්ති හැකියාව සඳහා වන බාධා ඉවත් කිරීම සඳහා ඊටම වෙන් වූ ආයතනයක් සහ විශේෂඥයන් පත් කරගැනීමත් මෙහිදී සාකච්ඡා කෙරී තිබේ. එසේම ව්‍යාපාර සිදු කිරීම තවදුරටත් පහසු කිරීම සඳහා ජාතික තනි කවුලු‍ව ඇති කිරීම වේගවත් කිරීමත් මෙම සාකච්ඡා වෙත ඇතුළත්ව තිබී ඇත.

 



අදහස් (0)

ලංකා වාණිජ මණ්ඩලයෙන් මෙරට සංවර්ධන ප්‍රමුඛතා එ.ජාතීන්ගේ නේවාසික නියෝජිතයාට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32960 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15593 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site