IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලෝක බැංකුවෙන් ද. ආසියානු කලාපයට නව උප සභාපතිවරයෙක්

විමුක්ති එස්. රුද්‍රිගු

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ නව උප සභාපතිවරයා ලෙස යොහාන් සට් මහතා පත් කර ඇත. එම පත්වීම අද (01) සිට බලපැවැත්වෙන බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

දකුණු ආසියාවේ කලාපීය උප සභාපතිවරයා ලෙස, සට් මහතා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල් සමග සම්බන්ධීකරණය කරනු ඇති බවත්, ඩොලර් බිලියන 39 ක් වටිනා ව්‍යාපෘති, තාක්ෂණික සහාය සහ මූල්‍ය සම්පත් ප්‍රමාණයක් අධීක්ෂණය කිරීම ඔහුට බාරවනු ඇති බවත් ලෝක බැංකුව පැවැසුවේය.

සට් මහතාගේ නායකත්වය යටතේ දකුණු ආසියානු කලාපයේ රැකියා උත්පාදනය කිරීමට, දේශගුණික විපර්යාස සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමට සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය ලෝක බැංකුව සහාය ලබා දෙනු ඇත. ලන්දේසි ජාතිකයකු සට් මහතා 1999 වසරේදී ලෝක බැංකුව සමග සම්බන්ධ වී ඇති අතර තනතුර ගණනාවක් හොබවා තිබේ. මීට පෙර සට් මහතා බ්‍රසීලයේ ලෝක බැංකු අධ්‍යක්ෂ ධුරය හොබවා ඇත.

 



අදහස් (0)

ලෝක බැංකුවෙන් ද. ආසියානු කලාපයට නව උප සභාපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site