IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපතිත්වයට ප්‍රදීප් කහවලගේ පත් වෙයි

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ 64 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී ප්‍රදීප් කහවලගේ මහතා සභාපතිවරයා ලෙස තේරී පත් විය. වාර්ෂික මහා සභා රැස්වීම 2025 අගෝස්තු 26 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. 

ප්‍රදීප් කහවලගේ මහතා ඉංජිනේරු සහ ව්‍යාපාර නායකත්වය යන දෙකෙහිම විශිෂ්ටත්වය සඳහා ගැඹුරු කැපවීමක් පිළිබිඹු කරන වෘත්තීය සුදුසුකම් ලත් කීර්තිමත් වෘත්තිකයෙකි. ප්‍රදීප් කහවලගේ මහතා මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන්  MBA  උපාධිය හා ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහකාරවරයෙකි. ඔහු වරලත් ඉංජිනේරුවෙක් ලෙසද කටයුතු කරයි. ඔහු Ind-Expo Certification Limited  ආයතනයේ සමාගමේ අධ්‍යක්ෂවරයකු, ඉංජිනේරු ආයතනයේ ආයතනික සාමාජිකයකු,  ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ සාමාජිකයකු, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහතිකලත් සාමාජිකයකු සහ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු ලෙස සේවය කරයි. 

ඔහු රිචඩ්සන් ඉංජිනේරු (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කරයි. දිවයිනේ පැරණිතම කාර්මික මණ්ඩලය වන ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය  (CNCI)  මෙම වසරේ දී සිය 65 වන සංවත්සරය සමරනු ලබන අතර එය රටේ පැරණිතම කාර්මික මණ්ඩල වලට වැදගත් සන්ධිස්ථානයකි. එය 1969 අංක 10 දරන පාර්ලිමේන්තු විශේෂ පනතක් මගින් සංස්ථාපිත කරන ලදී.

 



අදහස් (0)

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපතිත්වයට ප්‍රදීප් කහවලගේ පත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site