භානුක අමරසිංහ
ලංකා අයිඕසී සමාගම මේ වසරේදී මෙරටට පරිසර හිතකාමී XtraGreen ඩීසල් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි පවසයි. මේ හරහා මෝටර් රථවලින් සිදුවන කාබන් පියසටහන තවදුරටත් අඩු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි එහි කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා සඳහන් කරයි.
2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන එම සමාගමේ වාර්ෂික වාර්තාව වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
“ගතවුණු මූල්‍ය වර්ෂයේදී අපි ශ්‍රී ලංකාව වෙත XP100 ප්‍රීමියම් ඔටෝ ඉන්ධන හඳුන්වා දුන්නා. එහි තවත් පියවරක් ලෙස මේ වසර තුළදී XtraGreen ඩීසල් දියත් කිරීමට සැලසුම් කරනවා.“
මෙම XtraGreen ඉන්ධන හරහා කාබන් විමෝචනය අඩු කිරීමට අමතරව වඩාත් දියුණු ධාවන අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත ලබාදිය හැකි වනු ඇතැයිද ඔහු පවසයි. ලංකා අයිඕසී හි මව් සමාගම වන ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ඉන්දියාව තුළ මෙම XtraGreen ඩීසල් ඉන්ධන හඳුන්වාදුන්නේ 2021 දීය. සාමාන්‍ය ඩීසල්වලට වඩා මෙම ඩීසල් සතුව ඇති අඩු සල්ෆර් සංයුතිය හේතුවෙන් එය වඩාත් පරිසර හිතකාමී බව සමාගම පවසයි.
සමාගමට අනුව මෙම ඉන්ධන භාවිතයෙන් එම සෑම ඉන්ධන ලීටරයකින්ම පිටවන කාබන් ඩයොක්සයිඞ් ප්‍රමාණය ග්‍රෑම් 130 කින් අඩු කළ හැකිය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා අයිඕසී පරිසර හිතකාමී XtraGreen ඉන්ධන හඳුන්වාදීමට යයි