IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රොසෙල් Installer’s Club සාමාජිකයන්ගේ විශිෂ්ට ශිල්පීයත්වය අගයයි

ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය Installer’s Club හි විශිෂ්ට සාමාජිකයන් ඇගයීම සඳහා සුවිශේෂි උත්සවයක් කොළඹ Courtyard by Marriott හෝටලයේදී සංවිධානය කර තිබුණි. දිවයින පුරා සිටින දක්ෂ ටයිල් ඇතුරුම් ශිල්පීන් 100 කට අධික පිරිසක් මෙම උත්සවයට එක් වූ අතර, රොසෙල්හි අඛණ්ඩ සාර්ථකත්වයට සහ විශිෂ්ට නිර්මාණකරණයට ඔවුන් දක්වන දායකත්වය මෙහිදී ඇගයීමට ලක් විය.

මෙම උත්සවයේදී රුපියල් 4,000,000 කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනැමුණු අතර, ඉහළම දායකත්වය ලබාදුන් සාමාජිකයාට රුපියල් 1,000,000ක් වටිනා ත්‍යාග කට්ටලයක් හිමි විය. මෙම ත්‍යාග අතර විදුලි ටයිල් කටර්, දියුණු ලේසර් උපකරණ සහ ග්‍රයින්ඩින් උපකරණ වැනි නවීන ටයිල් මෙවලම් ඇතුළත් විය. මෙවැනි ත්‍යාග තෝරාගනු ලැබුවේ කර්මාන්තයේ ප්‍රමිති ඉහළ නැංවීමේ සහ ටයිල් ඇතුරුම් ශිල්පීන්ගේ කාර්ය තවදුරටත් නගාසිටුවීමේ අරමුණින් මෙන්ම ජාත්‍යන්තර තාක්ෂණය මෙරට ටයිල් අතුරන්නන්ට ලබාදීමේ අරමුණිනි.

සිංගර් ෆිනෑන්ස් සමඟ එක්ව නව මූල්‍ය පහසුකමක් ද මෙම උත්සවයේදී හඳුන්වා දෙන ලදී. මෙම වැඩසටහන යටතේ, ටයිල් ඇතුරුම් ශිල්පීන්ට ”‍බොෂ්”‍ (Bosch) සන්නාමයේ ටයිල් උපකරණ ඉතා අඩු පොලී අනුපාතයකට මිලදී ගත හැකි අතර, රොසෙල් විසින් සම්පූර්ණ පිරිවැයෙන් රුපියල් 50,000ක් ආවරණය කරනු ඇත. මෙය ඉතා පහසුවෙන් මෙවලම් මිලදී ගැනීමට වෘත්තිකයන්ට අවස්ථාව සලසා දෙයි.



අදහස් (0)

රොසෙල් Installer’s Club සාමාජිකයන්ගේ විශිෂ්ට ශිල්පීයත්වය අගයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site