(ටී.කේ.ජී.කපිල)
මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2020 අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුසියානු සංචාරයන් 25,000ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ විශේෂ ව්‍යාපෘතියක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මුල් කර ගනිමින් ආරම්භ වී තිබේ.
එක්සෝටික් හොලිඩේස් ඉන්ටර්නැෂනල් ආයතනය, මෙම රුසියානු සංචාරකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සම්බන්ධීකරණ සහ මෙහෙයුම් කටයුතු සිදුකරයි.
ඒ අනුව අද (30) අලුයම 2.10 ට රුසියානු ගුවන් සේවයට අයත් අසූර් එයා ගුවන් සේවයේ ගුවන් යානයකින් රුසියාවේ ඊකැතරින්බර්ග් නුවර සිට සංචාරකයෝ 325 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ. මෙම ව්‍යාපෘතිය ඇරඹීමත් සමඟ ලංකාවට පැමිණි දෙවන රුසියානු සංචාරක කණ්ඩායම මොවුහු වෙති.
පැමිණි සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 10 ක් ගත කරන අතර , ඔවුන් බෙන්තොට, ඇල්ල, සීගිරිය, නුවර, නුවරඑළිය, අනුරාධපුරය ආදී ඓතිහාසික සහ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නැරඹීමට නියමිතය.
රුසියානු ජාතිකයන් 328 දෙනෙකු සහිත ප්‍රථම සංචාරක කණ්ඩායම, රුසියාවේ මොස්කව් නුවර සිට පසුගිය 26 දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
රුසියානු සංචාරකයන් රැගත් තවත් ගුවන් යානා රුසියාවේ මොස්කව්, ඊකැතරින්බර්ග් සහ සාන්ත පීටස්බර්ග් යන නගරවල සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තංගල්ලට නම් එක්කගෙන යන්න එපා. මතකයිනේ අර රුසියක් තරුණියකට කලින් ආණ්ඩුව කරපු අපරාධය...
මොන තරම් බෙර ගහල නැටුවත් මේ මිනිස්සුන්ට හොඳ රුසුයානු භාෂාවෙන් රටේ විස්තර කියල දෙන්න භාෂා දැනුමක් ඇති මගපෙන්වන්නන් වත්, රුසියානු භාෂාවෙන් කියවන්න පුළුවන් විදියට වැදගත් ස්ථානවල බෝඩ් ලෑල්ලක්වත් නැහැනේ.