IMG-LOGO

රුසියානු සංචාරකයන් 25,000 ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමේ ව්‍යාපෘතියක්

(ටී.කේ.ජී.කපිල)          

මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2020 අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුසියානු සංචාරයන් 25,000ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ විශේෂ ව්‍යාපෘතියක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මුල් කර ගනිමින් ආරම්භ වී තිබේ.

එක්සෝටික් හොලිඩේස් ඉන්ටර්නැෂනල් ආයතනය, මෙම රුසියානු සංචාරකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සම්බන්ධීකරණ සහ මෙහෙයුම් කටයුතු සිදුකරයි.

ඒ අනුව අද (30) අලුයම 2.10 ට රුසියානු ගුවන් සේවයට අයත් අසූර් එයා ගුවන් සේවයේ ගුවන් යානයකින් රුසියාවේ ඊකැතරින්බර්ග් නුවර සිට සංචාරකයෝ 325 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ. මෙම ව්‍යාපෘතිය ඇරඹීමත් සමඟ ලංකාවට පැමිණි දෙවන රුසියානු සංචාරක කණ්ඩායම මොවුහු වෙති.

පැමිණි සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 10 ක් ගත කරන අතර , ඔවුන් බෙන්තොට, ඇල්ල, සීගිරිය, නුවර, නුවරඑළිය, අනුරාධපුරය ආදී ඓතිහාසික සහ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නැරඹීමට නියමිතය.

රුසියානු ජාතිකයන් 328 දෙනෙකු සහිත ප්‍රථම සංචාරක කණ්ඩායම, රුසියාවේ මොස්කව් නුවර සිට පසුගිය 26 දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

රුසියානු සංචාරකයන් රැගත් තවත් ගුවන් යානා රුසියාවේ මොස්කව්, ඊකැතරින්බර්ග් සහ සාන්ත පීටස්බර්ග් යන නගරවල සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.



අදහස් (4)

රුසියානු සංචාරකයන් 25,000 ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමේ ව්‍යාපෘතියක්

athula Wednesday, 30 October 2019 08:07 AM

තංගල්ලට නම් එක්කගෙන යන්න එපා. මතකයිනේ අර රුසියක් තරුණියකට කලින් ආණ්ඩුව කරපු අපරාධය...

:       43       97

karuWednesday, 30 October 2019 10:08 AM

අපෝ ඔව් ඒපැත්තේ ඉන්න අයට සුදු හමක් පේන්න බැහැ.

:       84       102

sumudu - colombo 7Wednesday, 30 October 2019 12:19 PM

ගොත්‍රිකයින්නේ ඒ පැතිවල ජීවත්වෙන්නේ... රුසියානු තානාපති කාර්යාලයට දන්වන්න ඕනෑ ඔය සංචාරකයින්ට දකුණු පැත්තේ යද්දී ප්‍රවේශමෙන් කියලා. අර අරාබි ගැහැණු වගේ මුළු ඇඟම වහගෙන තංගල්ල, හම්බන්තොට, මැද මුලන වැනි ප්‍රදේශවල සංචාරය කරන්න කියලා...

:       123       231

chandima Monday, 04 November 2019 05:16 PM

මොන තරම් බෙර ගහල නැටුවත් මේ මිනිස්සුන්ට හොඳ රුසුයානු භාෂාවෙන් රටේ විස්තර කියල දෙන්න භාෂා දැනුමක් ඇති මගපෙන්වන්නන් වත්, රුසියානු භාෂාවෙන් කියවන්න පුළුවන් විදියට වැදගත් ස්ථානවල බෝඩ් ලෑල්ලක්වත් නැහැනේ.

:       10       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site