(අජිත්ලාල් ශාන්තඋදය)
රබර් මිල පහළ බැසීම නිසා කුඩා සහ මහා පරිමාන රබර් වතු හිමියන් මෙන්ම රබර් ක්ෂේත‍්‍රය ආශ‍්‍රිතව විවිධ රැකියාවල නියුතු පිරිස් දැඩි අසීරුතාවට පත්ව සිටිති.
මේ දිනවල වේලන ලද ෂීට් රබර් කිලෝවක මිල රුපියල් දෙසිය විස්සත් දෙසිය පනහත් අතර පහළ මට්ටමක පවතින බව රබර් වතු හිමියෝ කියති. රත්නපුර, කලූතර, ගාල්ල, මාතර සහ මොණරාගල දිස්ත‍්‍රික් ආශ‍්‍රිතව රබර් වගාකරුවෝ වැඩිපුර සිටිති.
මහා පරිමාන වතු සමාගම් ද රබර් මිළ පහළ බැසීමෙන් දැඩි අසීරුවට පත්ව සිටිති. කර්මාන්ත නඩත්තු සේවක වැටුප් ගෙවීම් ආදී ගැටලූ රැසකට ඔවුහුද පත්ව සිටිති.
ලංකාවේ රබර් ආශ‍්‍රිත කර්මාන්ත රැසක් ක‍්‍රියාත්මක නමුත් ඒවාට අවශ්‍ය රබර් කිරි අඩු මිලට පිටරටින් ආනයනය කිරිම නිසා මෙරට රබර් කර්මාන්තය කඩා වැටීමට ප‍්‍රධාන හේතුව බව ද රබර් ක්ෂේත‍්‍රයේ නියැලි සිටින පිරිස් කියති.
දැනට වසර පහ හයක සිට රබර් මිල පහත වැටීම ආරම්භ වූ බව පවසන රබර් වතු හිමියන් පැවති හෝ පවතින කිසිදු රජයක් මේ රබර් මිළ පහත වැටීමේ ගැටලූවට විසඳුම් ලබාදීමට අසමත් වූ බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙනාපල්ලා තවත් රබර් කිරි පිට රටින්.ගම්මිරිස් වලට කලෙත් ඔය දේමනේ.බිස්නස් කාරයින්ටම හදපියවූ.
රටේ කිසි ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ නැහැ. මේ අය කරන එකම දේ පක්ෂයේ ප්‍රශ්න ගැන කතාකරන එක විතරයි. පක්ෂය හැදුවට රට හැදෙන්නේ නැහැ. රට හැදුවොත් පක්ෂය නිකන්ම හැදෙනවා. මෙහෙම රටක් කවදවත් දියුණු වේවිද? ටී.වී, රේඩියෝ කාරයින්ට වෙන කියන්න කිසිම විස්තරයක් නැහැ. ප්‍රවෘත්ති බැලුවොත් පක්ෂයක් ගැන විස්තරයක් විතරයි.
රබර් මිල ඉහල දැම්මොත් හොදයි
රබර් මිල මෙහෙම එකපාරට අඩුකරන එක අසාධාරණයි... හයසීයේ ඉඳන් පහළ දැම්මා. ඩයමන්ඩ් කරන්න රොටියකට දහයක් දීලා ඇසිඩ් බෝතලයක් දාහකට අරන්..., වේලන්න විසිපහක් ගෙවලා මිනිස්සුන්ට ලාභයක් කෝ...!