මත්ස්‍ය හා මුහුදු ආහාර නිෂ්පාදනවල ආහාර සුරක්ෂිතතාව සහ මිල ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ලංකා ධීවර සංස්ථාව සතු ශීතාගාරවල හදිසි පුනරුත්ථාපන හා අලුත්වැඩියාවක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ලංකා ධීවර සංස්ථාව සතු මෝදර පිහිටි ශීතාගාර පහසුකම දකුණු ආසියාවේ පිහිටා ඇති විශාලතම ශීතාගාර පහසුකමක් ලෙස සලකනු ලැබුව ද, පසු ගිය කාලයේදී නිසි පරිදි නඩත්තු නොකිරීමත්, කළමනාකාරණ දුර්වලතාත් හේතුවෙන් මේ වන විට එහි ශීතාගාර අකර්මණ්‍ය තත්වයට පත්ව ඇත.
එබැවින්, මෙට්‍රික්ටොන් 200 ක ධාරිතාවකින් යුත් ශිතාගාරයක් සහ මෙට්‍රික්ටොන් 2.5ක ධාරිතාවකින් යුත් අධි ශීතාගාරයක් කඩිනමින් අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට හැකි වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර තිබේ. එය අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 86 ක මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැපියල් මිලියන 86 කින් ලංකා ධීවර සංස්ථාවේ ශීතාගාරවල හදිසි අලුත්වැඩියාවක්