(හර්ෂණ තුෂාර සිල්වා)
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.29ක් දක්වා අද (11) පහළ ගියේය.
රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. අප්‍රේල් මස 25 වැනි දා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.04ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය.
මේ වසරේ මේ දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.1 කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අද (11) නිවේදනය කළේය.
රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් (11) සඳහන් කළේය.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් හොඳයි නේ? "රුපියල අව ප්‍රමාණ වීමෙන් රුපියල් කෝටි 1690 ක ශුද්ධ වාසියක්" කියල කියනවනේ? තව දිගටම ඔය විදියට වාසි වෙන විදියට අඩු කරගෙන යමු.
අපනයන අදායම නගිනවා !!!
ලංකාවේ ඉන්න කුහකයින්ට හා සමාජය නොමග යවන දොස්තර මුදලාලිලාට පින්සිද්ධ වෙන්න මම එංගලන්තෙට ආවා. දැන් මම එංගලන්තේ වෛද්‍ය අධ්‍යාපනය හදාරමින්‍ෙ ජොබ් එකක් කරමින් හා මගේ අයිතියට හිමි නීත්‍යනුකුල පැය විස්සක රැකියාව කරමින් සැලකිය යුතු මුදලක් උපයනවා. එයින් මගේ දෙමව්පියන්ට පවුම් සියයක් ලංකාවට එව්වත් රුපියල් විසි දාහකට වැඩියි. ඉතින් මගේ පර්ථනාව නම්, රුපියල තව තවත් අවප්‍රමාණය විය යුතුයි කියලයි .අනික ඉතින් කාන්තාවන් මැදපෙරදිගට විකුණන අයට කෙසේ වෙතත් ඒ කාන්තාවන්ට හෝ මින් යම් සහනයක් වෙනවනේ. අප වැනි උගත් තරුණයින්ට වටිනාකමක් නැති, තක්කඩින්ට හා ත්‍රීවිලර් අයියලාට වටිනාකම් තියන රටකට කොහෙද පැවැත්මක්? ලෝකයේ සුන්දර මිනිසුන් දැකීමට වාසනාවක් ලද මට, මගේ මව්පියන් මේ රටට ගෙන්වා ගත් දිනට මේ රටට "බායි" කියනවා හැර වෙන මොනා කියන්නද?
පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණ කාලයේදී ජනාධිපතිතුමා කිව්වා පෙබරවාරි 10 දායින් පසු ආර්ථිකය හැසිරවීම එතුමා අතට ගනියි කියා... ගත්තද කියා දන්නේ නැහැ.