IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රුපියල ඉහළට

(හර්ෂණ තුෂාර සිල්වා)

යම් යම් බලපෑම් තිබුණ ද මේ වසරේ ගත වූ කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. 

විවිධ අහිතකර අනුමාන නිසා සැප්තැම්බර් මාසයේ දී රුපියලේ අගය පහත වැටුණු නමුත් පසුගිය සතිය වනවිට රුපියල ස්ථාවර වූ බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියයි. 

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව මේ වසරේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 1.3 % කින් ඉහළ ගොස් ඇත. 

මේ අතර රොයිටර් පුවත් සේවයේ දත්තවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය සතියේ දී රුපියලේ අගය 0.4% කින් ද මේ වසරේ මේ දක්වා කාලයේදී රුපියලේ අගය 1.1% කින් ද ඉහළ ගොස් තිබේ. 



අදහස් (3)

රුපියල ඉහළට

සේන Monday, 14 October 2019 02:04 PM

අපි පිටරට ඉඳන් අපේ රටට මුදල් එවන අය... රුපියලේ අගය කොහොමද ඉහළට ගියේ? මේ වගේ බොරු කියන එක හොඳ නෑ නේද?

:       2       14

Prasanna Monday, 14 October 2019 08:44 PM

මෙතන ගැනුම් මිල හා විකිණුම් මිල කියල දෙකක් තියෙනවා. අපේ පෙට්ටි කඩේ මුදලාලි රු. 30 ට පාන් ගෙඩියක් අරගෙන 35ට අපිට විකුනනවා වගේ. බැංකුවත් එක ඩොලර් එකකින් රු. 5 විතර තියා ගන්නවා. ගැනුම් මිල හා විකුණුම් මිල අතර වෙනස තමයි මේ. බැංකු සල්ලි හොයන එක කර්මයක් තමයි මේ. ආර්ථික මට්ටම යම් මට්ටමකට හොඳ රටවල මේ දෙක අතර වෙනස ඉතා කුඩයි. සිංගප්පුරුවේ මේ වෙනස සාමානයෙන් 1.4% වෙනකොට් ලංකාවේ ඉන්දියාවේත් 1.5% විතර. ලංකාවේ 2% වඩා වැඩි වෙනවා. මේක විශාල වෙනසක්. මේ විශාල වෙනස උද්දමනයටත් බලපානවා. මහා බැංකුවේ උගත් මහත්තුරු ඔහේ ඉන්නවා, ගොන්නු වගේ. පුද්ගලික බැංකු ලාභ වැඩි කරගන්න ඇරලා හිතේ හැටියට. ගැනුම් මිල අනුව බැලුවොත් රුපියල 0.67% පිරිහිලා තියෙනවා මේ අවුරුද්දේ 14/10/19 වෙනකොට. ලංකාවේ දත්ත සමීක්ෂණ අලුත් වෙන්නේ නෑ. ඔහේ, තාමත් බලන්නේ, අර යල්පැනගිය දත්ත ක්‍රමවේද. මහබැංකුව වැඩිහිටි නිවාසයක් වගේ. ඉතින් කොහොමද සිතුවිලි අලුත් වෙන්නේ.

:       3       28

sam - Canada Wednesday, 16 October 2019 05:25 AM

පටට පල් බොරු කතා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉඳ්‍රජිත් කුමාරස්වාමි බොරු කියන එක හොද මදි. පුලුවන්නම් දත්ත ඉදිරිපත් කරන්න

:       37       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site