(හර්ෂණ තුෂාර සිල්වා)
ණය වාරික සහ රථ වාහන කල්බදු ගෙවීමේදී දඩ මුදල්, ප්‍රමාද ගාස්තු සහ දඩ පොලී අය කරගැනීම නතර කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාදීපයට අද (10) ලංකාදීපයට පැවැසීය.
ණය වාරික, පොලී සහ රථ වාහන කල්බදු ගෙවීම් ප්‍රමාද වූ විට මූල්‍ය ආයතන සහ බැංකු පොලී අය කිරීම්, දඩ පොලී හෝ ප්‍රමාද ගාස්තු අය කරන බවත් එය නතර කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් පසු ඇති වූ තත්ත්වය හේතුවෙන් මෙවැනි අය කිරීම් සාධාරණ නොවන බවත් ජනතාවටද දඩ මුදල්, ප්‍රමාද සහ දඩ පොලී ගෙවීම පහසු නොවන බවත් ඔහු කීය.
ඊට අමතරව මූල්‍ය ආයතන සහ බැංකු ගනුදෙනුකරුවන් දැනුවත් නොකර විවිධ අය ගාස්තු අය කරන බවත් ඒවාද නතර කිරීම සඳහා පියවර ගන්නා බවත් ඔහු කීවේය.
මේ අතර ණය වාරික සහ ලීසිං වාරික සියල්ල එකවර ගෙවා අවසන් කිරීමේදී අධිභාරයක් අය කිරීම නතර කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් දී ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තවදුරටත් පැවැසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රථ වාහන ණය - කල්බදු ගෙවීමේ දඩ මුදල් නතර කරන්න යයි