
රාත්‍රී කාලයේදී සීගිරිය සංචාරකයන් සඳහා විවෘත නොකරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තාවලට පිළිතුරු දෙමින් එම අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටියේය.
එසේම කිසිදු ලෙසකින්වත් රාත්‍රී කාලයේදී සීගිරි පර්වතය මත සංචරණය සඳහා එය ආලෝකවත් කිරීමක් සිදු නොවන බවත් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා සීගිරිය විවෘතව පවතින්නේ දිවා කාලයේදී පමණක් බවත් අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අතර සීගිරි පර්වතය රාත්‍රී කාලයේදී ආලෝකවත් කර ඇති බවට පළ වන ඡායාරූප අසත්‍ය ඡායාරුප බවත් එම අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd