ජාත්‍යන්තර සිංහ සමාජය 306 ඒ 2 දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය අංක හතර සංවිධානයෙන් රතුගල ආදී වාසී නිවාස 120 කට පහළ ඌව සංවර්ධන ඒකකයෙන් පානීය ජලය සපයා දුන්නේය.
දානියගල සුදු බණ්ඩිලැ,වන්නිලා ඇත්තන්ද සහ අර්ජුන් අබේසිංහ මහතා ද ඒ අවස්ථාවට එක් වුහ.
එහිදී වකුගඩු රෝග,දත් පරීක්ෂාව සුව නාරී පරීක්ෂාව ඇතුළු වෛද්‍ය සායනයක්ද පැවැත්විණී.
ආබාධිතයින්ට රෝද පුටු හා කිහිලිකරු ද පාසල් සිසුන්ට පාවහන් ද බෙදා දෙනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වැඩ වලට වියදම් කරනවට වැඩිය මේ වගේ දෙයක් කළ එක ලොකු පිනක්. අන් අයට ආදර්ශයක්. (නි)
රතුගල ආදිවාසී ගම්මානයට පානිය නල ජලය සැපයේ. ජාත්‍යන්තර සිංහ සමාජ 306 A2 දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය අංක 4 සංවිධාන කළ ව්‍යාපෘතියකට අනුව රතුගල ගම්මානයේ නිවාස 120කට මෙමගින් පානීය ජල පහසුකම් සැපයින. පහළ ඌව සංවර්ධන කේන්ද්‍රය මගින් රතුගල ගම්මානය ආසන්නයට ලබාදී ජල සැපයුම මගින් සම්බන්ධතාව ලබා ගැනින. නිවාස 120දක්වා ජල නල එලා කරාම සවිකර ජල සැපයුම සම්පූර්ණ කිරීමට ජාත්‍යන්තර සිංහ සමාජයට හැකිවිය. ඒ අනුව පසුගිය 19 දා දි්ස්ත්‍රික් සිංහාධිපති අර්ජුන් අබේසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දානිගල සුදුබණ්ඩිලා වන්නිලා ඇත්තන් ප්‍රමුඛ ගම්වාසීන්ට ජලය ලබාදීමේ කටයුත්ත සිදු කෙරිණ. බිබිල විජිත් විජයමුනි සොයිසා සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති වෛද්‍ය සායනය සහ සමාජ සත්කාරක සේවා ව්‍යාපෘතියට සමගාමීව මෙම කර්තව්‍යය සිදු විය. එහිදී වකුගඩු රෝග පරික්ෂාව, දන්ත පරීක්ෂාව, සුවනාරි සායනය ඇතුලු වෛද්‍ය සායනයක් ද රෝදපුටු, කිහිලිකරු බෙදා දිමද, පාසල් සිසුන් සදහා පාවහන් බෙදාදීම ක්ද සිදු විය. (නදී)
ඉතා හොඳ වැඩක් (නි)