IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රටට අවශ්‍ය නොවන දේට මහජන මුදල් නාස්ති නොවිය යුතුයි

  • විකුණන හෝ තබා ගන්නා රාජ්‍ය ව්‍යවසාය මේවා යැයි රජය හඳුනාගෙන නෑ
  • රාජ්‍ය ව්‍යවසායක් ක්‍රම කීපයකට ප්‍රතිව්‍යුහගත කළ හැකියි
  • ප්‍රාග්ධන වියදම් සඳහා වන අවම සීමාව එලෙස ළඟා කරගෙන ඇති එක් ඉලක්කයක්
  • රාජ්‍ය අංශයට වැටුප් වැඩි කිරීම් ලබාදුන්නද තවමත් වැටුප් තල පවතින්නේ අවම සීමාවට පහළින්
  • අවස්ථා නිර්මාණය කරමින් පුද්ගලයන් ආර්ථිකයට සම්බන්ධ කරගැනීමට උත්තේජනයක් ලබාදීම රජයේ අරමුණයි
  • ලංකන් ගුවන් සේවය පිළිබඳව මෙන්ම අනෙකුත් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳවද සුදුසුම තීරණය රජය ගනු ඇති

විමුක්ති එස් රුද්‍රිගු


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනෙන් නිර්දේශ කර ඇති සීමා කිරීම් සමග නාස්තිය අවම කර ගනිමින් අරමුදල් වෙන් කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමුව තිබෙන බවත් ඒ යටතේ මේ වනවිට ප්‍රමුඛතා ඉලක්ක කීපයක් වෙත ශ්‍රී ලංකාව ළඟාවී ඇති බවත් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජේ. ප්‍රනාන්දු මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.

ප්‍රාග්ධන වියදම් සඳහා වන අවම සීමාව එලෙස ළඟා කරගෙන ඇති එක් ඉලක්කයක් බවද ඔහු පැවැසුවේය. රජයට අවශ්‍ය වුවත් සීමා රාශියක් තිබීම හේතුවෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වන අවම සීමාව පසු කිරීමට මෙවර අයවැයෙන් නොහැකි වූ බවත් රුපියල් බිලියන 1350 ක්වූ අවම සීමාව ඇතුලත මෙවර අයවැයෙන් මුදල් වෙන්කිරීම් සිදුවූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සමාජීය වියදම් එලෙස මුදල් වෙන්කිරීමේදී එක අතකින් ප්‍රමුඛතාව ලබාදුන් එක් අංශයක් බවද ඔහු පැවැසුවේය.

රජය මෑතකදී රාජ්‍ය අංශයට වැටුප් වැඩි කිරීම් ලබාදුන්නද තවමත් වැටුප් තල පවතින්නේ අවම සීමාවට පහළින් බවත් වැටුපෙන් අවශ්‍යතා සපුරා ගනිමින් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිද යන්න විමසිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙරට ආර්ථිකය තුළ අවස්ථා නිර්මාණය කරමින් පුද්ගලයන් ආර්ථිකයට සම්බන්ධ කරගැනීම සඳහා උත්තේජනයක් ලබාදීම රජයේ අරමුණ බවද මහාචාර්ය අනිල් ජේ ප්‍රනාන්දු මහතා මහතා පැවැසුවේය.

සමාජය තුළ අගයක් නිර්මාණය වන ආකාරයෙන් හෝ වෙළෙඳපොළ පාලනය වන ආකාරයෙන් රාජ්‍ය ව්‍යවසාය ක්‍රියාත්මක කරවීමට මෙතෙක් රජයේ ප්‍රතිපත්තිවලට කිසියම් හේතුවක් මත නොහැකි වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. රටට අවශ්‍ය නොවන දේ වෙනුවෙන් මහජන මුදල් නාස්ති නොවිය යුතු බව රජයද පිළිගන්නා කරුණක් බවත් රාජ්‍ය ව්‍යවසාය සමීපව අධ්‍යනය කිරීම රජයේ ප්‍රතිපත්තිය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. මෙරට රාජ්‍ය ව්‍යවසාය විශාල ප්‍රමාණයක් තිබෙන බවත් ඒ අතර ක්‍රියාකාරී මෙන්ම රටට වැදගත් ව්‍යවසායද තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

වෙළෙඳපොළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රාජ්‍ය ව්‍යවසාය යොදා ගත හැක්කේ කෙසේද එහිදී සොයා බැලිය යුතු බවද ඔහු පැවැසුවේය. බහුතර පිරිසක් අතර කතා බහට ලක්ව තිබේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව මෙන්ම අනෙකුත් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳවද සුදුසුම තීරණය රජය ගනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. රාජ්‍ය ව්‍යවසායක් ක්‍රම කීපයකට ප්‍රතිව්‍යුහගත කළ හැකි බවද ඔහු පැවැසුවේය. මෙතෙක් විකුණන හෝ තබා ගන්නා රාජ්‍ය ව්‍යවසාය මේවා යැයි රජය හඳුනාගෙන නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අතින් මෙන්ම දේශපාලනමය වශයෙන්ද මෙම රජයේ ප්‍රධාන අරමුණ වන්නේ සියලු‍ දෙනාටම සමගියෙන් ජීවත් විය හැකි තැනකට අප සමාජය පරිවර්තනය කිරීම බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජේ ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

සමාජීය වශයෙන් හෝ ආයෝජනමය වශයෙන් සැමට සාධාරණ ලෙස තරඟ කළ හැකි සමාජයක් ගොඩ නැගීම රජයේ බලාපොරොත්තුව බවද ඔහු පැවැසුවේය. ආර්ථිකය ගැන කතා කිරීමේදී මෙරට විවිධ ආයතනවලට විවිධ උපාය මාර්ග තිබිය හැකි වුවත් දේශපාලනමය වශයෙන් ප්‍රධාන අවධානයක් යොමුවන්නේ ප්‍රාග්ධනය ගොඩනැගීමට පහසුකම් සැපයීමට බව ඔහු ප්‍රකාශ කළේය.

කොළඹ ෂැනග්‍රිලා හෝටලයේ ඊයේ (27) ආරම්භ වූ කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා 2025” ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජක හමුවේදී පැවැත්වූ විද්වත් සාකච්ඡාකට එක් වෙමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජේ ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේය.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පදනම් වූ ආයතනික ආයෝජකයන් සහ අරමුදල් කළමනාකරුවන් අතර ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම මෙම හමුවේ අරමුණ විය. රටේ ආයෝජන හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ නියෝජනය කරන ප්‍රධාන පාර්ශවකරුවන් මෙන්ම රටවල් 24 ක් නියෝජනය කරමින් නියෝජිතයෝ මෙම හමුවට සහභාගි වූහ.



අදහස් (1)

රටට අවශ්‍ය නොවන දේට මහජන මුදල් නාස්ති නොවිය යුතුයි

ගුණරත්න Friday, 28 March 2025 06:23 PM

මාලිමාවුන්ගේ වැඩ ටික බැලුවාම මෙතක් කල් කරලා තියෙන්නේ අනවශ්‍ය දේ තමයි. බදු ආදායම් අඩු කරගෙන ඒකෙන් කෝටි 4200ක හිඟයක් ඇතිව තිබෙනවා. විදුලිය බිල අඩු කරලා කෝටි 14,000ක පාඩුවක් වෙලා තිබෙනවා... ඒවා බරපතල පාඩු. කන්ටේනර් 320ක් නිදහස් කළා.. මේවායේ මොනවා තිබ්බද දන්න කෙනෙක් නැහැ.. ශ්‍රී ලන්කන් ගුවන්සේවයට රුපියල් කෝටි 20000ක් පොම්ප කරලා තියෙනවා මහජන මුදලෙන්. ඒවත් පාඩු, රුපියල් කෝටි 400ක් වියදම් කරලා මිනිස්සුන්ට සහන මලු දෙන්න යනවා... රිලව් ගණන් කරන්න කියලා මහා විහිළුවක් කළා... මොකක්ද ඒකෙන් ලැබුණු ප්‍රයෝජනය? රජයේ වාහන වෙන්දේසි කරනවා කියලා තාම වාහන 20ක් වත් වෙන්දේසි කළේ නැහැ. රජයේ සේවයට තව 35,000ක් බඳවාගන්න යනවා, මේවත් පාඩු...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site