IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රාජසන්තක කළ හෙරොයින් අපහරණයට INSEE Ecocycle රජයේ බලධාරීන් සමග සහයෝගීතා මෙහෙවරක

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළට නිරන්තර සහයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය අපද්‍රව්‍ය කළමනාකරණ සැපයුම්කරු වන INSEE Ecocycle Lanka (Private) Limited, ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය (PNB) සහ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය (NDDCB) සමඟ එක්ව, රාජසන්තක කරන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 494.048ක් සිමෙන්ති උදුන් සහ-සැකසුම් තාක්ෂණය යොදා ගනිමින් වගකීම් සහගත ලෙස විනාශ කිරීමට කටයුතු කර ලදී. 

INSEE Ecocycle සහ නීති අංශයේ අධිකාරීන්ගේ සහයෝගීතාවෙන් මෙවැනි හානිකර ද්‍රව්‍ය තොග විනාශ කරනු ලැබූ සිව්වැනි අවස්ථාව මෙය වන අතර, මින් පෙර 2018, 2019 සහ 2023 වසරවලදී ද මෙවැනි සාර්ථක අපහරණ මෙහෙයුම් සිදු කෙරිණ. සමස්තයක් ලෙස මෙම සියලු‍ මෙහෙයුම්වලින් අන්තරයාකර ඖෂධ කිලෝග්‍රෑම් 1804ක් පමණ විනාශ කොට ඇත.

පාරිසරික ආරක්ෂාව සහතික කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම, PNB නිලධාරීන්ගේ සහ අධිකරණය විසින් පත් කරන ලද නියෝජිතයන්ගේ දැඩි අධීක්ෂණය යටතේ අප්‍රේල් 28 වැනි දින පුත්තලම INSEE සිමෙන්ති කම්හලේදී සිදු කරන ලදී.

ජාතික මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් තොගය විනාශ කිරීමට පෙර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව (GAD), අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය (NDDCB) සහ අධිකරණ බලධාරීන් විසින් නීතිමය සහ ආරක්ෂක විධිවිධානවලට අනුකූල බව සහතික කිරීම සඳහා දැඩි අධීක්ෂණ ක්‍රියාවලියකට ලක් කරන ලදී.

INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මෙම විසඳුම ලබා දීමේ හැකියාව සහිත රටේ ඇති එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදන සමාගම INSEE සිමෙන්ති පමණයි. ජාතික වගකීමකින් යුතු මේ වැඩපිළිවෙළට අප ඉතා ආඩම්බරයෙන් සහාය දෙන අතරම මත්ද්‍රව්‍යවලින් තොර ජාතියක් ගොඩනැගීමට අපි නිරන්තරයෙන් දායක වනවා. ලංකාවේ ක්‍රියාත්මක වන සහ-සැකසුම් පහසුකම සහිත එකම සිමෙන්ති උදුන පිහිටා ඇත්තේ අපගේ පුත්තලම සිමෙන්ති කම්හලේ පමණයි. INSEE සිමෙන්ති සැමවිටම අපගේ සියලු‍ම පාර්ශවකරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරනු ලබනවා. වගකීමක් ඇති ආයතනික පුරවැසිකු ලෙස, අපගේ සහයෝගය උපරිමයෙන් ලබා දීමට මෙන්ම උපරිම සැලකිල්ලෙන් හා වෘත්තීයභාවයෙන් හානිකර ද්‍රව්‍ය ආරක්ෂිතව බැහැර කිරීම සහතික කිරීමට ලැබීම අපට ඉමහත් ආඩම්බරයක් වගේම ගෞරවයක්.”

මෙම මැදිහත්වීමේ වැදගත්කම අවධාරණය කරමින් INSEE Ecocycle හි අධ්‍යක්ෂ සුජිත් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “ ලංකාවේ සිමෙන්ති උදුන් සහ-සැකසුම් තාක්ෂණ පහසුකම සහිත එකම සැපයුම්කරු ලෙස, බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ මෙම තීරණාත්මක උත්සාහයට සහාය වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. රජය විසින් අනුදත් සියලු‍ රෙගුලාසිවලට අනුකූලව, ඉතාමත් පරිසර හිතකාමී ආකාරයකින් මෙම රාජසන්තක කරන ලද මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම අපි සාර්ථකව සිදු කළා. සිමෙන්ති උදුන් සහ-සැකසුම් තාක්ෂණයේ ඇති විශේෂත්වය වන්නේ අතුරු අවශේෂ කොටස් නොමැතිව අන්තරායකර අපද්‍රව්‍ය විනාශ කිරීමට හැකි වීමයි. සාම්ප්‍රදායික දහනය වෙනුවට හරිතවත් විකල්පයක් මෙමඟින් ලබා දෙනවා. හරිතාගාර වායු විමෝචනයත් මේ නිසා සැලකිය යුතු අයුරින් අඩු කරගත හැකියි. ඒ වගේම තිරසර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ලොව හොඳම භාවිතයන්ට අනුකූලව සිදු කළ හැකි උසස් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයක් ලෙස මෙය ගෝලීය වශයෙන් ද පිළිගනු ලබන ක්‍රමවේදයක්.”‍

 



අදහස් (0)

රාජසන්තක කළ හෙරොයින් අපහරණයට INSEE Ecocycle රජයේ බලධාරීන් සමග සහයෝගීතා මෙහෙවරක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site