IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රජයේ සමස්ත ආදායමේ සියයට 31.1ක වර්ධනයක්

පළමු මාස 9දී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 3,827 ක්
රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 264 ක් 
පළමු මාස 9දී ආදායම් බද්දෙන් ඉපැයූ ආදායම රුපියල් බිලියන 831ක දක්වා වර්ධනය වෙලා
එකතු කළ අගය මත බද්දෙන් රුපියල් බිලියන 1,239 ක ආදායමක් උපයාලා
භාණ්ඩ හා සේවා මත පැනවූ බද්දෙන් රජයට රුපියල් බිලියන 2,242 ක ආදායමක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රු. බි. 2,195 ක ආදායම් ඉලක්කයෙන් රු.බි.1,642 ක් මේවනවිට උපයලා
පළමු මාස 9දී රජයේ වියදම බිලියන 4.27 ක් දක්වා වර්ධනය වෙලා
ප්‍රාථමික ගිණුමේ අතිරික්තය රු.බි.1465.1ක්
අයවැය හිඟය රු.බි. 441.4 දක්වා සියයට 54.5 කින් පහළ ගිහින්


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස 9දී ප්‍රදාන ඇතුළුව රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 3,827 ක් බවත්, එය පසුගිය වසරේ පළමු මාස 9 ට සාපේක්ෂව සියයට 31.1 ක වර්ධනයක් බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
පසුගිය වසරේ පළමු මාස 9දී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 2,918 ක් විය. මෙම වසරේ පළමු මාස 9දී රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 264 ක් වූ අතර, පසුගිය වසරේ පළමු මාස 9දී රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 230 ක් වූවේය. මෙම වසරේ පළමු මාස 9දී ආදායම් බද්දෙන් ඉපැයූ ආදායම රුපියල් බිලියන 831ක දක්වා වර්ධනය වී ඇති අතර, පසුගිය වසරේ පළමු මාස 9දී ආදායම් බද්දෙන් රජය ඉපැයූ ආදායම රුපියල් බිලියන 743 ක් විය.
එසේම මෙම වසරේ පළමු මාස 9දී රජය එකතු කළ අගය මත බද්දෙන් රුපියල් බිලියන 1,239 ක ආදායමක් උපයා ඇති අතර, එය පසුගිය වසරේ පළමු මාස 9 ට සාපේක්ෂව සියයට 31ක වර්ධනයකි. පසුගිය වසරේ පළමු මාස 9දී එකතු කළ අගය මත බද්දෙන් රජය රුපියල් බිලියන 949 ක ආදායමක් උපයා තිබිණි. මෙම වසරේ පළමු මාස 9දී භාණ්ඩ හා සේවා මත පැනවූ බද්දෙන් රජය බිලියන 2,242 ක ආදායමක් උපයා ඇති අතර, පසුගිය වසරේ පළමු මාස 9දී භාණ්ඩ හා සේවා මත පැනවූ බද්දෙන් රජය රුපියල් බිලියන 1,602 ක ආදායමක් උපයා තිබිණි.
බාහිර වෙළෙඳාම මත පැනවූ බද්දෙන් රජය මෙම වසරේදී රුපියල් බිලියන 490 ක ආදායමක් උපයා ඇති අතර, එය පසුගිය වසරේදී රුපියල් බිලියන 343 ක් විය. එසේම මෙම වසරේ ආදායම් එකතු කරන ආයතනවලින් රජය රුපියල් බිලියන 4,590 ක ආදායමක් උපයා ගැනීමට ඉලක්ක කර ඇති අතර, මෙම වසරේ පළමු මාස 9දී ඉන් රුපියල් බිලියන 3,563 ක් උපයා ගැනීමට රජයට හැකියාව ලැබී ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙම වසරේදී රුපියල් බිලියන 2,195 ක ආදායම් ඉලක්කයක් ලැබී ඇති අතර, පළමු මාස 9දී ඉන් රුපියල් බිලියන 1,642 ක ආදායමක් උපයා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වී තිබේ. එසේම ශ්‍රී ලංකා රේගුවට මෙම වසරේදී රුපියල් බිලියන 2,115 ක ආදායම් ඉලක්කයක් ලැබී ඇති අතර, ඉන් පළමු මාස 9 තුළ රුපියල් බිලියන 1,700 ක් ඉපැයීමට රජයට හැකියාව ලැබී ඇත.
සුරා බදු දෙපාර්තමේන්තුවෙන් මෙම වසරේදී රුපියල් බිලියන 242 ක මුදලක් උපයා ගැනීමට රජය ඉලක්ක කර ඇති අතර, ඉන් පළමු මාස 9 දී රුපියල් බිලියන 168 ක් උපයා ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්වී තිබේ.

මෙම වසරේ පළමු මාස 9දී රජයේ වියදම බිලියන 4.27 ක් දක්වා වර්ධනය වී ඇති අතර, පසුගිය වසරේ පළමු මාස 9දී රජයේ වියදම රුපියල් බිලියන 3.89 කි. එසේම මෙම වසරේ පළමු මාස 9දී ප්‍රාථමික ගිණුමේ අතිරික්තය රුපියල් බිලියන 1465.1 දක්වා වර්ධනය වී ඇති අතර, පසුගිය වසරේ පළමු මාස 9දී මෙරට ප්‍රාථමික ගිණුමේ අතිරික්තය රුපියල් බිලියන 784.9 ක් විය.
විශේෂිත කරුණ නම් මෙම වසරේ පළමු මාස 9 දී අයවැය හිඟය රුපියල් බිලියන 441.4 දක්වා සියයට 54.5 කින් පහළ ගොස් ඇති අතර පසුගිය වසරේ පළමු මාස 9 දී මෙරට අයවැය හිඟය රුපියල් බිලියන 970 ක් වූවේය.

 



අදහස් (0)

රජයේ සමස්ත ආදායමේ සියයට 31.1ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 91 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site