IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රාජ්‍ය ව්‍යවසාය ලැයිස්තුගත කිරීමට මෙතෙක් යහපත් ප්‍රතිචාර නෑ

රජ්‍ය ව්‍යවසාය මූල්‍ය වාර්තා යහපත්ව පවත්වාගෙන නොයෑම ලැයිස්තුගතවීමට බාධාවක්ලු‍


භානුක අමරසිංහ


කොටස් වෙළෙඳ පොළ සභාපති ඩිල්ෂාන් වීරසේකර

රජ්‍ය ව්‍යවසාය (SOE) කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කිරීම සඳහා වෙනමම පුවරුවක් හඳුන්වා දී තිබුණද, එම ව්‍යවසාය මෙතෙක් ඊට නිසි ප්‍රතිචාර දක්වා නොමැති බව කොටස් වෙළෙඳ පොළ සභාපති ඩිල්ෂාන් වීරසේකර මහතා පවසයි.
ඒ අනුව අදාළ සුදුසු ව්‍යවසාය මෙම පුවරුවේ ලැයිස්තුගවීම සඳහා ඉදිරිපත් වන තෙක් තමන් බලා සිටින බවත්, ඊට අවශ්‍යව ඇත්තේ රජයේ මුලපිරීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ කොටස් වෙළෙඳ පොළ මගින් මෙම මාසයේ කොළඹදී පවත්වන Invest Sri Lanka  2025 ආයෝජන සමුළුව ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී සභාපතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.
ඒ අනුව මෙම SOE  පුවරුව තුළ රාජ්‍ය බැංකු, තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ඕනෑම රාජ්‍ය ව්‍යවසායක් ලැයිස්තුගත කිරීම සිදු කළ හැකි බවත්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාරාමුව මේ වන විට සකස් කර තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය. කොළඹ කොටස් වෙළෙඳපොළේ ස්ථාපිත කෙරුණු මෙම SOE  පුවරුව වෙත එහි නියාමකයා වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වූයේ 2023 වසරේදීය. එතැන් පටන් මෙම පුවරුව රාජ්‍ය ව්‍යවසාය සඳහා විවෘතව පවතී.
කෙසේ වෙතත් ඇතැම් රාජ්‍ය ව්‍යවසාය ලැයිස්තුගත සමාගම් මගින් අනුගමනය කරන සාම්ප්‍රදායික පිළිවෙත් අනුගමනය කිරීමට අපොහොසත්වීම මෙම ලැයිස්තුගතවීම් ප්‍රමාදවීමට හේතුවක් බවත් ඔහු පෙන්වා දෙයි.
“ඇතැම් රාජ්‍ය ව්‍යවසාය මූල්‍ය වාර්තා සැකසීමේ දී හා වාර්තා කිරීමේ දී කොටස් වෙළෙඳපොළ පිළිගත් සම්මතයන් අනුගමනය කරලා නැහැ. මෙම සම්මතයන් සමාගමක් ලැයිස්තුගත කිරීමේ දී අනුගමනය කරන සාමාන්‍ය සම්ප්‍රදායක්. එහෙත් ඒ සඳහා යම් කාලයක් ලබා දෙන්න අපි සූදානම්.” යැයිද ඒ මහතා කීය.

 



අදහස් (0)

රාජ්‍ය ව්‍යවසාය ලැයිස්තුගත කිරීමට මෙතෙක් යහපත් ප්‍රතිචාර නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 171 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site