අංජුල මහික වීරරත්න
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
එහි පළමු අදියර යටතේ පෑලියගොඩ සහ ඔරුගොඩවත්ත ප්‍රදේශවල “ආදර්ශ නාගරික හරිත කලාප” දෙකක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
හරිත නගර සංකල්පයට අනුව නගර සැලසුම්කරණ ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර මෙම මාසය අවසානයට පෙර එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
රාජ්‍ය - පෞද්ගලික - ජනතා හවුල්කාරිත්වය යන (Public- Private – People Partnership) 4P සංකල්පයට අනුව රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ පුරවැසියන් එකට එක් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. නාගරික වශයෙන් ජන සංකේන්ද්‍රණය ඉහළ යෑමත් සමග වායු දූෂණය, ගොඩබිම දූෂණය, ජල දූෂණය ඇතුළු බොහෝ පාරිසරික ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති අතර තිරසර හරිත නගර සංකල්පය පිළිබඳ ලෝකයේම අවධානය යොමුව ඇතැයි ද ජනාධිපති කාර්යාලය පවසයි.
නාගරික වන වගා හේතුවෙන් පාරිසරික ගැටලු අවම වීම පමණක් නොව පරිසරය අලංකාරවත් වීමද සිදු වන බැවින් වියළි කොන්ක්‍රිට් කලාපයක් වෙනුවට සොබාදහමේ ආස්වාදය විඳිය හැකි හරිත පරිසරයක ජනතාවට ජීවත්වීමට අවස්ථාව සැලසෙන බව ද හරිත නගර සංකල්පය ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන බවද ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජ්‍ය - පෞද්ගලික - ජනතා හවුල්කාරිත්වයෙන් “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක්