IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රජයේ තීරණයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට රු. බිලියන 2 ක් අහිමිවෙයි

විමුක්ති එස් රුද්‍රිගු

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා විශ්වවිද්‍යාල සුදුසුකම්ලත් සිසුන් පමණක් ඇතුළත් කරගැනීමට රජය ගත් තීරණය හේතුවෙන් එම විශ්වවිද්‍යාලයට රුපියල් බිලියන දෙකක පමණ මුදලක් අහිමිවී ඇතැයි පැවැසෙයි.

පසුගිය වසරේ පැවැත්වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත්වී විශ්වවිද්‍යාල සුදුසුකම් නොලැබූ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධියට බඳවා නොගැනීමට රජය පසුගියදා තීරණය කළේය. එම තීරණය මීට  බඳවා ගත් සුදුසුකම් තිබෙන සිසුන් විශාල පිරිසකගේ නොසතුටට හේතු විය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් විවිධ උපාධි වැඩසටහන් සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් මෙන්ම මුදල් ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගනු ලබයි. 2023 සහ 2024 වසරවලදී එලෙස වෛද්‍ය උපාධිය සඳහා සිසුසිසුවියන් 120 දෙනකු බඳවා ගෙන තිබූ අතර වසර 5 සඳහා ඔවුන්ගෙන් අයකළ ගෙවීම පිළිවෙළින් රුපියල් මිලියන 12.5 සහ මිලියන 15 ක් විය.

මෙවර උසස් පෙළ නිකුත් වීමෙන් පසුව පසුගිය 21 වැනිදා වෛද්‍ය උපාධිය සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අයැදුම්පත්‍ර වෙබ් අඩවිය ඔස්සේ කැඳවූ අතර මෙවර විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුසිසුවියන්ගේ අයැදුම්පත්‍ර පමණක් බාර ගන්නා බව එහි සඳහන් විණි. එසේම වසර 5 ක කාලය සඳහා ගාස්තුව රුපියල් මිලියන 17.5 ක් දක්වා ඉහළ දමා තිබිණි.

කෙසේ වෙතත්, දැන්වීමෙන් පැය කිහිපයක් ඇතුළත, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ රජය මෙම වසරේ උසස් පෙළ සුදුසුකම් ලත් දේශීය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බඳවා නොගන්නා බවයි.



අදහස් (0)

රජයේ තීරණයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට රු. බිලියන 2 ක් අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site