IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධනයට ජපානයෙන් රුපියල් මිලියන 687 ක්


විමුක්ති එස් රුද්‍රිගු


පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා අවස්ථා ලබා දීමෙන් මෙරට විධායක මට්ටමේ තරුණ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා ජපන් ප්‍රදාන ආධාර වැඩසටහන මෙම වසරේද ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා මෙම වසරේ ජපානය රුපියල් මිලියන 687 ක පමණ මුදලක් වෙන්කර තිබෙන බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජපාන රජය වැඩසටහන සඳහා අරමුදල් සපයන බවත් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය. 2010 සිට 2025 වසර දක්වා රාමු 4 ක් යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවත් මේ වනවිට වැඩසටහන යටතේ ශාස්ත්‍රපති උපාධි වැඩසටහන් සඳහා අවස්ථා 240 ක් සහ ආචාර්ය උපාධි වැඩසටහන් සඳහා අවස්ථා 16 ක් ලබාදී තිබෙන බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මෙම වසරේ වැඩසටහන සඳහා ඊයේ (24) ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ප්‍රදාන ගිවිසුමකට අත්සන් තැබූ බවත් එය නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික පත්‍ර දෙකක් දෙරටේ ආණ්ඩු අතර හුවමාරු වූ බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාද, ජපාන රජය වෙනුවෙන් මෙරට තානාපති ඉසොමටා අකියෝ මහතාද, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය වෙනුවෙන් මෙරට ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා ගිවිසුම් හා පත්‍රවලට අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

 

 



අදහස් (0)

රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධනයට ජපානයෙන් රුපියල් මිලියන 687 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1904 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 533 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site