IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


රේඛිය අමාත්‍යාංශ 22 කට ‘අමාත්‍යාංශයීය ප්‍රතිඵල රාමු’


නිමල කොඩිතුවක්කු


රාජ්‍ය අංශය තුළ ප්‍රතිඵල පාදක කළමනාකරණය ආයතනගත කිරීම පිණිස මහා භාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රේඛිය අමාත්‍යාංශ 22 කට සහ ඒ යටතේ පවතින ආයතන වලට අදාළව 2025-2029 කාලසීමාව සඳහා ‘අමාත්‍යාංශයීය ප්‍රතිඵල රාමු’ සකස් කරනු ලැබ තිබේ. 

සෑම අමාත්‍යාංශයකම ධුරාවලියට අදාළ වගකීම් සමඟ අනුගත වෙමින් අදාළ විෂය පථය තුළ සංවර්ධන ඉලක්ක නියමිත කාලරාමුව තුළ දී සාක්ෂාත් කර ගැනීම, එමඟින් ජනතාව වෙත අපේක්ෂිත නිමැවුම් සහ ප්‍රතිලාභ ප්‍රමාදයකින් තොරව ලබා දීම සහතික කිරීම සහ ආර්ථික අංශයන් අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම මෙන් ම රාජ්‍ය ආයෝජන කෙරෙහි මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා අමාත්‍යාංශ ප්‍රතිඵල රාමු උපකාරී වනු ඇත. ඒ අනුව, ප්‍රතිඵල පාදක කළමනා කරණය රාජ්‍ය අංශය තුළ ආයතනගතකිරීමට සහ ඒ ඒ අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට හා අයවැය ක්‍රියාවලියේ උපාය මාර්ගික අදියරයන්ට අමාත්‍යාංශයීය ප්‍රතිඵල රාමු ඒකාබද්ධ කර, අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීමට අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (0)

රේඛිය අමාත්‍යාංශ 22 කට ‘අමාත්‍යාංශයීය ප්‍රතිඵල රාමු’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 529 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 337 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site