ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා පසුගියදා වැඩ භාර ගත්තේය.
ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම සිදුකරන ලදී. ආචාර්ය ද මෙල් මහතා 2015 වසරේ සිට රුහුණු විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසත් 2018 වසරේ සිට මොරටුව විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කරයි.
ඔහු ඇමෙරිකාවේ මිසූරි විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇත. එසේම ඒ මහතාට ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ විද්‍යාවේදී උපාධියක්, ශ්‍රී ලංකාවේ රුහුණු විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියක්, ඇමෙරිකාවේ මිසූරි විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ විද්‍යාපති උපාධියක් සහ සෑම් හියුස්ටන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ විද්‍යාපති උපාධියක් හිමිය. එසේම ඔහුට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් දත්ත විද්‍යාව සහ ව්‍යාපාර විශ්ලේෂණ පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියක්ද හිමිය.
ආචාර්ය ද මෙල් මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සනාථන සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත. මීට අමතරව, ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ප්‍රධානියා සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පරිගණක ගණිත අංශයේ ප්‍රධානියා යන තනතුරුද හොබවා තිබේ.
රුහුණු විශ්වවිද්‍යාලයේ මූල්‍ය ගණිතය සහ කාර්මික සංඛ්‍යාලේඛන පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සංවර්ධනය කිරීමේ දී ආචාර්ය ද මෙල් මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd