‘ඔබට හොඳ රැකියාවක් - රටට සුබ නව යුගයක්‘ මැයෙන් රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නොමිලේ පවත්වන රැකියා පොළ සිව්වන වරටත් 22 වැනිදා උදේ 8 - 1දක්වා නුගේගොඩ රේමන්ඩ් පාරේ අංක 32/7 දරණ ස්ථානයේ මොහාන් ලාල් ග්‍රේරු පදනමේ මහජන සම්බන්ධතා කාර්යාලයයේදී පැවැත්වීමට නියමිතය.
කොළඹ දිස්ත්‍රික් පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය සමාගම්, කර්මාන්ත ශාලා, පෞද්ගලික පාසල්, රෝහල්, හෝටල් සහ සංචාරක ආයතන ප්‍රචාරණ ආයතන ඇතුළු ආයතන රැසක පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මෙහිදී පැවැත්වීමට නියමිතය.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ උපදේශකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ආදර්ශවත් දේශපාලකයන්. කයිවාරු නොගසා පීඩිත තරුණ හදවත් තේරුම්ගෙන මර්දනය වෙනුවට ඔවුනගේ ජීවිත වර්ධනය කරන්නට දරන ඔබේ උත්සාහයට සමස්ත තරුණ ප්‍රජාවගේම ප්‍රණාමය. (නි)
මගේ මල්ලි ඔය රැකියා පොලෙන් බැංකුවකට රැකියාවකට යන්න කියල ඉල්ලුම් කලත් බැරි වුනා. නමුත් අපේ කාර්යාලයේ කෙනෙක් ගේ ඒ බැංකුවේ වැඩ කරන ඥාතියෙක් මගින් ඉල්ලුම් පත්‍රයක් යැව්වාම ටික කලකට පසු තරඟ විභාගයක් පවත්වා. සම්මුඛ පරීක්ෂනයක් තියා පුහුණුවන සේවකයෙක් ලෙස බඳවා ගත්තා. ඒ නිසා ඔය ඇතුලේ කෙනෙකුගේ ඇල්ම බැල්ම අවශ්‍යයි කියන එක මමත් විශ්වාස කරනවා. නමුත් එහෙම නැතිව වැඩේ කර ගන්න අයත් ඇති. (අ)
පුද්ගලික බැංකු වල පුරප්පාඩු නිතරම පත්තර වල පලවෙන්නේ නැහැ. මගේ නංගි සෑහෙන කාලයක් තිස්සේ උත්සාහ කල නිසා මේ කියන්නේ. පුද්ගලික බැංකු පුරප්පාඩු පිරවීමට පවත්තන විභාග වලට පන්ති නැහැ, නමුත් මහා බැංකුවේ සහ රජයේ ප්‍රධාන බැංකුවල විභාග වලට නම් පන්ති පවත්තෙනවා. තේරුම් ගත යුත්තේ මෙතැන ඉල්ලුම කරන්නේ රජයේ බැංකුවකටද නැති නම් පුද්ගලික බැංකුවකටද යන්න. නැති නම් තමන්ගේ ඉල්ලුම් කරන විදිය සහ මාර්ගය වරදින්න පුළුවන්. (අ)
මේ ඔක්කොම බැංකු වලටම ,ඒ ගැනම කථා කරන්නේ මොකද කියා මම දන්නේ නැහැ.මෙහෙමයි මේ දිහා මම දකින්නේ.පුවත්පත් මගින් බැංකු දැන්වීම් පලකරනවා.එයාලට තොග පිටින් අයදුම් පත් එන්න පුලුවන්,එයාලා බදවා ගන්න ක්‍රම වේදය ඉහත සමහරු කියන ක්‍රමය කියමු,නමුත් මේ වගේ තැනකට ආවාම පුවත් පත් දැන්වීම් දමමින් තැපැල් හෝ අන්තර්ජාලය මගින් එන අයදුම් පත් එකින් එක වෙන් කරමින් විශාල කාලයක් වෙන් කරනවාට වඩා, එකවර විශාල ප්‍රමාණයක් අතරින් තමුන් ට අවශ්‍ය පිරිස් මූලිකව තෝරා ගන්නත් අවස්තාව ඇති.එතනදී අයදුම් කරුවන්ට වගේම බැංකු රස්සාවලට උත්සාහ කරන අයට ඒ අය සමග කෙළින්ම කථා කර ඉදිරියේදී තමුන්ගේ ඉලක්කයට යන්න අවශ්‍ය මඟ දැන ගන්න පුලුවන්.මෙතනින් අයදුම් පත් එකතු කරන් එයාලගේ විභාග වලට ඒ අයව යොමු කරගන්නවා වෙන්න බැරිද?ඒ විභාග සමත් වීම ට තමයි විභාග කියා පන්ති පවා තියෙන්න්නේ. අනෙක බැංකු පත්තර වල දාන අයදුම් පත් කැදවීම් වලට අයදුම් පත් යොමු කරන්න බැරි වුන අතපසු වුන අයට මෙය අවස්ථාවක්.අනෙක මෙතන බදවා ගන්න සම්මුඛ පරීක්ෂණ විතරනේ තියෙනවා කියන්නේ.සම්මුඛ පරීක්ෂණයකට කැදවීමක්වත් නැතුව ලත වෙන අපිට නම් මෙය දෙවියන් දුන් අවස්ථාවක් වගේ. අම්මලා කොයි තරම් නම් දේවාල වල යදිනවාද දුවට පුතාට රස්සා සොයා දෙන්න කියා. (අ)
මේ ඔක්කොම බැංකු වලටම, ඒ ගැනම කථා කරන්නේ මොකද කියා මම දන්නේ නැහැ. මෙහෙමයි මේ දිහා මම දකින්නේ. පුවත්පත් මගින් බැංකු දැන්වීම් පලකරනවා. එයාලට තොග පිටින් අයදුම් පත් එන්න පුලුවන්. එයාලා බදවා ගන්න ක්‍රමවේදය ඉහත සමහරු කියන ක්‍රමය කියමු. නමුත් මේ වගේ තැනකට ආවාම පුවත්පත් දැන්වීම් දමමින් තැපැල් හෝ අන්තර්ජාලය මගින් එන අයදුම් පත් එකින් එක වෙන් කරමින් විශාල කාලයක් වෙන් කරනවාට වඩා, එකවර විශාල ප්‍රමාණයක් අතරින් තමුන්ට අවශ්‍ය පිරිස් මූලිකව තෝරා ගන්නත් අවස්තාව ඇති. එතනදී අයදුම්කරුවන්ට වගේම බැංකු රස්සාවලට උත්සාහ කරන අයට ඒ අය සමග කෙළින්ම කථා කර ඉදිරියේදී තමුන්ගේ ඉලක්කයට යන්න අවශ්‍ය මග දැන ගන්න පුලුවන්. මෙතනින් අයදුම් පත් එකතු කරන් එයාලගේ විභාග වලට ඒ අයව යොමු කරගන්නවා වෙන්න බැරිද? ඒ විභාග සමත් වීමට තමයි විභාග කියා පන්ති පවා තියෙන්න්නේ. අනෙක බැංකු පත්තර වල දාන අයදුම් පත් කැදවීම් වලට අයදුම් පත් යොමු කරන්න බැරි වුන අතපසු වුන අයට මෙය අවස්ථාවක්. අනෙක මෙතන බදවා ගන්න සම්මුඛ පරීක්ෂණ විතරනේ තියෙනවා කියන්නේ. සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමක්වත් නැතුව ලත වෙන අපිට නම් මෙය දෙවියන් දුන් අවස්ථාවක් වගේ. අම්මලා කොයි තරම් නම් දේවාල වල යදිනවාද දුවට පුතාට රස්සා සොයා දෙන්න කියා. (නදී)
මේක නම් අගය කළයුතු හොඳ කාර්යයක් (නි)
පසන් ඔය කතා කරන්නේ රජයේ බැංකු ගැනයි. ක්‍රමවත් බඳවා ගැනීම ගැනීම් නොතිබුනා නම් පුද්ගලික බැංකු වල අද පවතින ගුණාත්මක භාවයක් නැහැ. රජයේ බැංකු වලට නම් සමහර පත් වීම් ලැබෙන්නේ කිසිම විභාගයක් පරීක්ෂණයක් නැතිව කියල අපි දන්නවා. මෙතනත් එහෙම එකක් ද දන්නේ නැහැ.(නදී)
බැංකු අතුලට ගිය කිසි කෙනෙක් තව හිතවතෙකුට වුනත් ගිය විදිහ කියා දෙන්නෙත් නැහැ කියලා නම් අපි දන්නවා. අර විභාගෙ,මේ විභාගේ, අරයගෙ රෙකමදාරුව කියා කියනවා. ඒත් අපි දන්න සමහරු මුකුත් නැතිව වැඩ. ඒ ගැන තර්ක කර කර ඉන්නේ නැතුව මේ වැඩේ අගයමු. අද රස්සා වලට අයදුම් පත් දාල සම්මුඛ පරීක්ෂණයක් නැතුව ලතවෙන තරුණ පරපුරට හොඳ අවස්ථවාවක්. (නදී)
බැංකු ඇතුළට ගිය කිසිකෙනෙක් තව හිතවතෙකුට වුණත් ගිය විදිහ කියා දෙන්නෙත් නැහැ කියලා නම් අපි දන්නවා. අර විභාගය,මේ විභාගය, අරයගෙ රෙකමදාරුව කියා කියනවා. ඒත් අපි දන්න සමහරු මොකුත්ම නැතුව වැඩ. බොරුවට තර්ක කර කර ඉන්නේ නැතුව මේ වැඩේ අගයමු. අද රැකියා වලට අයදුම්පත් දාලා සම්මුඛ පරීක්ෂණයක් නැතුව ලතවෙන තරුණ පරපුරට හොඳ අවස්ථාවක් (නි)
මමත් දන්නා තරමට පුද්ගලික බැංකු වලට බඳවා ගැනීමේදී කාර්ය මණ්ඩල රෙකමදාරුව සළකනවා. මීට හේතුව වෙන්නේ බැරිවෙලා හරි යම්කිසි මුල්‍ය වංචාවක් හෝ ආයතන ප්‍රතිපත්තිවිරෝධී කටයුත්තක් සේවකයා අතින් සිදුවුණහොත් පළමුව බලන්නේ ඒ පුද්ගලයා බැංකුවට යෝජනා කළේ කවුද කියලා. (නි)
රැකියා විරහිත තරුණ තරුණියන්ට මෙය මහත් අස්වැසිල්ලක් වේවි (නි)
මෙහි වෙනදේවල් මම දන්නේ නැහැ. නමුත් . සාමාන්‍යයෙන් බැංකු වලට බඳවා ගැනීමේදී ඉහත මුලින්ම සඳහන් වූ ක්‍රියාපිළිවෙල ක්‍රියාත්මක වෙන බව කිව හැක (නි)
එක්තරා බැංකුවක් එතන ඇවිත් කලේ වෙළඳ ප්‍රචාරක කටයුතු කියල නම් මට මතකයි. (නදී)
වෙනත් ආයතන ගැන කියූ දේවල් මම පිළිගන්නවා. නමුත් ප්‍රධාන පුද්ගලික බැංකු ගැන සමන්ත කියා ඇත්තේ අතිශයෝක්තියක්. (නි)
මමත් දන්නා තරමින් පුද්ගලික බැංකු වලට රැකියාලාභීන් ගන්න සාමාන්‍ය ක්‍රියා පටිපාටිය මීට වෙනස්. සමන්ත කුමාරගේ යාළුවාට පුදුම විදියකට යන්න ලැබිලා තියෙන්නේ. එහෙම වුණා නම් බොහොම හොඳයි. (නි)
ඔයා කොහොමද එහෙම කියන්නේ.? මීට මාස කීපයකට කළින් ග්‍රේරු මහතාගේ රැකියා පොළට මමත් සහභාගී වුනා. එතන රාජගිරියේ තිබෙන ප්‍රධාන පුද්ගලික බැංකුවක් පවා සම්මුඛ පරීක්ෂන කලා. මට සුදුසුකම් නොතිබූ නිසා එතනට ගියේ නැතත් මගේ මිතුරෙකුට ඉදිරියට යන්න අවස්ථාව ලැබුණ බව මට මතකයි. කුහක කමකින් අදහස් දක්වන්න එපා, මෙය අගය කරමු. (ර)
භානු, නමුත් පුද්ගලික බැංකු වල හැම රස්සාවටම එහෙම විභාග තියෙන බව නම් අපි දන්නෙ නැහැ. බැංකු වල තියෙන්නේ එකම තනතුරු කොට්ඨාසයක් විතරමද? (ර)
මෙන්න ආදර්ශවත් දේශපාලකයන්.කයිවාරු නොගසා පීඩිත තරුණ හදවත් තෙරුම් ගෙන මර්දනය වෙනුවට ඔවුනගේ ජීවිත වර්ධනය කරන්නට දරන ඔබේ උත්සාහයට සමස්ත තරුණ ප්‍රජාවගේම ප්‍රණාමය.(දිල්)
මෙන්න ආදර්ශවත් දේශපාලකයන්. කයිවාරු නොගසා පීඩිත තරුණ හදවත් තෙරුම් ගෙන මර්දනය වෙනුවට ඔවුන්ගේ ජීවිත වර්ධනය කරන්නට දරන ඔබේ උත්සාහයට සමස්ත තරුණ ප්‍රජාවගේම ප්‍රණාමය. (නදී)
පුද්ගලික බැංකු මෙහෙම පොලේ ගිහින් කාර්ය මණ්ඩල බඳවා ගන්නේ නැහැ. නිසි ක්‍රම වේදයක් තිබෙනවා. විභාගයක් පවත්වා ඉන් සමත් වෙන උදවියට තමයි සම්මුඛ පරීක්ෂණයට කතා කරන්නේ . අනෙක අන්වාර්යයෙන්ම කාර්ය මණ්ඩල සමාජිකයෙක්ගේ පුද්ගලික රෙකමදාරුව මගින් තමයි ඉල්ලුම් පත්‍රය භාර ගන්නේ. මේ ටික මම ලිව්වේ පුද්ගලික බැංකු වලට බඳවා ගැනීම් ගැන වගකීමක් ඇතිව දන්නා නිසා. (බ)
රියදුරු ජොබ් එකක් සොයනු ලැබේ.
රැකියා.........
ආප්ප කොත්තු වැඩකරන්න තැනක් හොයලා දෙන්න..