රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා සොයා ගැනීම පහසු කිරීමේ අරමුණින් මොහාන් ලාල් ග්‍රේරු පදනම සංවිධානය කරන “විරැකියාවෙන් - රැකියාවකට” රැකියා පොළ සිව් වැනි අදියර නුගේගොඩ රේමන්ඩ් පාරේ අංක 32/7 දරණ ස්ථානයේ මොහාන් ලාල් ග්‍රේරු පදනමේ මහජන සම්බන්ධතා කාර්යාලයයේදී පැවැත්විණි.
පෞද්ගලික අංශයේ හෝටල්, පාසල්, රෝහල්, කර්මාන්තශාලා, මූල්‍ය ආයතන ඇතුලු පනහකට අධික සංඛ්‍යාවක පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සෘජු සම්මුඛ පරීක්‍ෂණ පැවැත්විණ.
පන්දහකට අධික තරුණ පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන එදින දවස පුරා පැවැත්විණි.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියා දෙන්නේ සීමිත පිරිසකට විතරයි.(හේ)
අන්න හොඳ වැඩක්.(හේ)
මගේ පුතාට රක්ෂාවක් ලබාදෙන්න. පින් සිදුවෙනවා. එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා. බිරිදටද රැකියාවක් නැත. බඩගින්නේ ඉන්න දවස්ද ඇත. පුතා සාමාන්‍ය පෙළ විභාගය පාස්. වයස 29. කොළඹ දිස්ත‍්‍රික්කය. (ර)
මගේ පුතාට රක්ෂාවක් ලබාදෙන්න. පින් සිදුවෙනවා.එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා. බිරිදටද රස්සාවක් නැත. බඩගින්නේ ඉන්න දිනද ඇත. පුතා සාමාන්‍ය පෙළ පාස් . වයස 29. පදිංචිය කොළඹ (බ)
විමලාවතී මහත්මිය ඔබේ ලේලිට ස්වයන් රැකියාවක් වත් කරන්න උනන්දුවක් නැද්ද ? කුලියට ඇඳුම් මහන්න , පොඩි ඉඩක් තිබේ නම් වගාවක් කරන්න, මල් පැල සදා විකුනන්න පුළුවන්. අපේ කාන්තාවන් සමහරු ලේසි විදියටම ආදායම් බලාපොරොත්තු වෙනවා. මහන්සි වෙන්න අකමැතියි. දැන් කාලයේ සැමියා සල්ලි උපයන කල් බලන් ඉන්දල බැහැ. ඔහුට යමක් ලැබෙන තෙක් බිරිඳ උත්සාහයෙන් කටයුතු කරන්න ඕන කියන එක මගේ අදහස. (බ)
විමලාවතී මහත්මිය ඔබේ ලේලිට ස්වයං රැකියාවක් වත් කරන්න උනන්දුවක් නැද්ද ? කුලියට ඇඳුම් මහන්න , පොඩි ඉඩක් තිබේ නම් වගාවක් කරන්න, මල් පැල සදා විකුනන්න පුළුවන්. අපේ කාන්තාවන් සමහරු ලේසි විදියටම ආදායම් බලාපොරොත්තු වෙනවා. මහන්සි වෙන්න අකමැතියි. දැන් කාලයේ සැමියා සල්ලි උපයන කන් බලන් ඉන්දල බැහැ. ඔහුට යමක් ලැබෙන තෙක් බිරිඳ උත්සාහයෙන් කටයුතු කරන්න ඕන කියන එක මගේ අදහස .(අ)
මම රියැදුරු රැකියාවක් හොයනවා... බරවාහන ලයිසන් තියනවා.
මං උසස් පෙළ සමත්. දැන් රැකියාවක් සොයනවා.
මගේ සහෝදරයෙකු හට රැකියාවක් සොයමි. මගේ සහෝදරයා කිතුල්ගල ප්‍රදේශයේ වාසය කරන්නෙකි. ඔහු ඕලෙවල් විභාගය නොකර කුලී වැඩකරපු පුද්ගලයෙකි. ඔහු හට ඇති දක්ෂතාවයක් ලෙස ඇත්තේ කියාදෙන ඔක්කොම ඉක්මණට වටහාගෙන ඉක්මණට ඒ කාර්යයට හුරුවීමයි. මම ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ ඔහු හට අනුකම්පා කර ඔහු හට රැකියාවක් ලබාදෙන ලෙසයි. ඔහුට වයස අවුරුදු 18කි.
නියමයි...
මම ප්‍රයිමරි ටීචින් ඩිප්ලෝමාවක් කරලා, රජයේ පාසලක පුහුණුව ඉවර කරලා ඉන්නේ... මම පුස්තකාල සහායක වගේ රැකියාවක් හොයනවා..
මගේ අක්කාට දැන් වයස අවුරුදු 35ක් වෙනවා. එයාට ළමයි 4 දෙනෙක් ඉන්නවා. එයාට ජොබ් එකක් හොයලා දෙන්න ඇසුරුම් අංශයේ..
ඇත්තටම හොද ව්‍යාපෘතියක්... අද අපරට පවත්න තත්වය නිසා හරිම සන්තෝසයි.
මටත් රස්සාවක් නැහැ. මාත් ගොඩක් අසරණයි. මීට කළින් විදෙස්ගතව සිට ලංකාවට පැමිණ දැනට අවුරුද්දක් වෙනවා. රස්සාවක් නැතිව ගොඩක් අසරණවෙල ඉන්න මටත් දුවක් ඉන්නවා. මහත්තයා නැහැ. වෙන කසාදයක් කරන් එයා ඉන්නේ.. ඒ නිසා මටත් රැකියාවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.
රියදුරු රැකියවක් ඔනී
මං උසස් පෙළ සමත් තරුණියක් . අවුරුදු 21 කි. රැකියාවක් බලාපොරොත්තු වෙමි .
මම හෝටල් කුක් කෙනෙක්... මම රැකියාවක් සොයනවා... මම කුලියට ඉන්නේ. මේ කෝවිඩ් හින්දා රැකියාවක් ලැබුණේ නැහැ. පුළුවන් නම් මාව රැකියාවකට දාලා දෙන්න. බොහෝ පින්...
මම 2013 උසස් පෙළ හදාරා සමත් වී ඇත. මට පරිඝණක දැනුම හා ඉංග්‍රීසි දැනුම පවතින අතර සුදුසුකම් වලට සරිලන රැකියාවක් බලාපොරොත්තුව සිටිමි...
මගේ මල්ලිට රස්සාවක් හොයනවා.. එයාට ඇලුමිනියම් ෆිටින්ස් වැඩ දන්නවා. එයාට හෝමාගම, හොරණ පැත්තෙන් වැඩපලක් හොයලා දෙන්න පුලුවන්ද?
මට අවශ්‍යයි ගෙදර ඉඳන් කරන්න හොඳ රැකියාවක්... මම උසස්පෙල කලා අංශයෙන් CCS.. කලා හැකියාව සහ නිර්මාණ හැකියාවද ඊට අමතරව මීඩියා ඩ්‍රාමා කරපු නිසා කතිකත්වයත් ඇත.. මීඩියා අංශයේ රැකියාවක් නම් වඩා හොඳයි.
මට රැකියාවක් ලබාදීමට පුලුවන්ද?
මම උසස් පෙල 2020 වර්ෂයේදි කලා අංශයෙන් හදාරා සමත් වී රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිමි.. මාගේ සුදුසුකම් අනුව රැකියාවක් බලාපොරොත්තු වෙමි..
මම සංචාරක බස් රියදුරෙකු ලෙස අවුරුදු 8ක් පමණ සේවය කර ඇත. මා හට සුදුසු රියදුරු රැකියාවක් සොයමි....
උසස් පෙලත් සමත් වුවත් තාමත් රැකියාවක් අපේක්ශාවෙන් වසර ගානක් ඉන්නවා.ඒත් තාම රැකියාවක් නෑ
ගබඩා සහායක ලෙස අවුරුදු 11ක් පානදුර මැලිබන් ආයතනයේ සේවය කර ඇත. ගබඩා සහයක ලෙස රැකියාවක් බලාපොරොත්තු වේ.
මම උසස් පෙල සමත්... රැකියාවක් අපේක්ෂාවෙන් සිටින්නේ....
මම අ.පො.ස උ.පෙළ විභාගයෙන් සමත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටිමි.
මම හොරණ, මම හොයනවා රජයේ ජොබ් එකක්.. වයස 21යි. ජොබ් එකක් හොයලා දෙන්න... පින් සිද්ද වෙයි.
බිරිඳ හා මා රැකියාවක් සිදුකරන අතර අපගේ දරුවන් දෙදෙනා බලා ගැනීමට ගැහැණු කෙනෙක් සොයමි.. මාසිකව රු 20000.00 ගෙවනු ලැබේ.
රියදුරු රැකියාවක් ඕනෑ.. පොළොන්නරු, අනුරාධපුර, අම්පාර, මඩකලපුව වගේ ආසන්න ප්‍රදේශවලින්...
ගොඩක් හොඳ දෙයක්... මම සා/පෙළ, උ/පෙළ ලියලා, ඉංග්‍රීසි ඩිප්ලෝමා කරලා දැන් බාහිර උපාධිය කරන ගමන් ඉන්නේ. අනේ මටත් සුදුසු රැකියාවක් දෙන්න පුළුවන් නම් හොඳයි... මම ඉන්නේ අලව්වේ... වයස 25යි.
මම චීන භාෂාව පිළිබඳව විශේෂවේදී උපාධිධාරිනියක්. දැනට අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ සාර්ථකව ඔන්ලයින් පන්ති පවත්වාගෙන යනව. පාඨමාලාව ආවසානයේ චීන රජයෙන් පවත්වන HSK විභාගය සඳහා යොමු කරනව. මම කැමතියි කොළඹ අවටින් ඉන්ස්ටිටියුට් එකක හෝ ඇකඩමි එකකට සම්බන්ධ වෙලා ඉස්සරහට යන්න.
මගේ තාත්තා අවුරුදු 60ක් පමණ... ඔහුට රැකියාවක් සොයනවා. වගාවක් බලාගැනීමට, ගබඩා සහායක, කෝකි සහායක වගේ. ඔහු කෝකිවරයකු ලෙස මීටපෙර හෝටල් වල වැඩ කර ඇත...
මට රැකියාවක් අවශ්‍යයි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නම් වඩාත් හොඳයි...
මම කොළඹ. 2019 උසස් පෙල කරේ. උසස් පෙළ හොඳින් සමත් වුණත් ආර්ථික ප්‍රශ්න නිසා විශ්වවිද්‍යාලයට යන්නට බැරි වුණා. ICTT NVQ 4 ලබා ගෙන තියෙනවා. සුදුසු රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මට අනුරාධපුරය අවට හෝටලයක රූම් බෝයි ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන්ද?
මම o/l exam සමත්... a/l exam කරලා ප්‍රතිඵල එනකම් ඉන්නේ. සුදුසු රැකියාවක් බලාපොරොත්තු වෙනවා..
මම සමත්, මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිනවා, රැකියාවක් සොයමි මහනුවර නගරයෙන්...!
හොඳයි...!
මා හට රැකියාවක් සොයා දෙන්න පුළුවන්ද? මම ගල්කිස්ස පදිංචි....!
මගෙ පුතා draftsman NVQ4 සහතිකය ඇති මාස 6 පුහුණුව ලබා ඇත... රැකියාවක් සොයනවා කරුණාකර උදව් කරන්න... ස්තුතියි..!
මම මූල්‍ය සම්බන්ධ උපාධිධාරීයෙක්. මම මූල්‍ය සමාගමක රැකියාවක් සොයමි. උදව් කරන්න...
හබරන මින්නේරිය පොලොන්නරුව අවට විලා එකක් හෝ ගෙස්ට් එකක් බලාගැනීමේ රැකියාවක් සොයමි...