රොමේෂ් මධුෂංඛ
පසුගිය දිනවල උතුරට ඇදහැලෙන වර්ෂාවත් සමඟ යාපනයේ රතුලූනූ අස්වැන්න සාර්ථක වීමත් සමඟ වෙළඳපොළට යාපනයෙන් රතුලූනූ තොග පිටින් ලැබීම හේතුවෙන් මිල ගණන් සීඝ්‍රයෙන් අඩු වී ඇති බවට උතුරේ වෙළෙන්දෝ කියා සිටිති.
රතුලූනූ මිල ගණන් අඩුවීම හේතුවෙන් රතුලූනූ ගොවියා දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති අතර රතුලූනූ නියමිත මිලකට විකුණා ගැනීමටද නොහැකි වාතාවරණයක් උදා වී ඇති බව ඔවුහු පවසති.
පැවති නියං කාලය සමයේදී රතුලූනූ කිලෝවක් රුපියල් 300 ත් 400ත් අතර මිලකට ඉහළ ගිය අතර මේ වන විට උතුරේ රතුලූනූ කිලෝවක තොග මිල රුපියල් 90 ත් 100 ත් අතර මිලකට අලෙවි වන අතර සිල්ලර මිල රුපියල් 130 ත් 140 ත් අතර මිලකට අලෙවි වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd