බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන කුරුණෑගල, යාපනය සහ මීගමුව යන නගරවලද විවෘත කිරීමට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා කටයුතු කරනු ලැබීය.
කුරුණෑගල, පුත්තලම පාර, අංක 226, කෝකුවිල් නැගෙනහිර, බ්‍රවුන් පාර අංක 405 සහ මීගමුව, කොළඹ පාර, අංක 394 යන ස්ථානවල නව බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත.
බජාජ් ත්‍රිරෝද රථ, මෝටර් සයිකල්, කියුට් රථ සහ ණඔඵ මෝටර් සයිකල් සඳහා අවශ්‍ය ජෙනුයින් අමතර කොටස් සහ බජාජ් ජෙනුයින් ඔයිල්, ඔරායන් සහ MRF ටයර්, DP Accesspriesත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් අලංකරණ උපාංග මෙන්ම මෝටර් රථ, SUV සහ වෙළෙඳ වාහන සඳහා හඳුන්වා දුන් ඇට්ලස් ටයර්ද මෙම නව අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානවලින් මිලදී ගත හැකි බව එම සමාගම කියයි.
බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන පිහිටා ඇති පරිශ්‍රයේම වර්ක්ෂොප් ස්ථාපිත කර ඇති නිසා පාරිභෝගිකයන්ට අවශ්‍ය ජෙනුයින් අමතර කොටස් එම ස්ථානයේදීම වාහනයට සවි කරවා ගැනීමේ පහසුවද මෙහිදී හිමිවේ.
නව බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින්ම පවත්වාගෙන යනු ලබන අතර මේ වන විට රට පුරා පිහිටි බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් ඇත.
-සටහන- චමින්ද මුණසිංහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
යාපනය, කුරුණෑගල සහ මීගමුවටත් බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන