IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


යුනිලිවර් ශ්‍රී ලංකා සපුගස්කන්ද කර්මාන්ත ශාලාවට සූර්ය පැනල පද්ධතියක්

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සපුගස්කන්දේ පිහිටි සිය ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාව සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය නවීනතම සූර්ය පැනල පද්ධතියකින් සවිබල ගන්වා තිබේ. ගෝලීය වශයෙන් පවතින ඔවුන්ගේ සියලු‍ම පහසුකම් සියයට 100ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලට අනුගත කිරීමේ සිය උත්සාහයේ තවත් එක් පියවරක් මෙම ව්‍යාපෘතියෙන් පෙන්නුම් කරනු ලබයි.

මෙම ව්‍යාපෘතියෙන් ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ සූර්ය පැනල 1,672ක් ඒකාබද්ධ කර ඇති අතර ඉන් කිලෝවොට් 970ක් නිෂ්පාදනය කරයි. ඊට සහයක් ලෙස කිලෝවොට් ඇම්පියර් 810ක ඉන්වර්ටරයක් ද යොදා ගනියි. මෙම පද්ධතියෙන් වාර්ෂිකව කිලෝවොට් පැය මිලියන 1.25 ක විදුලියක් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර එමගින් මධ්‍යස්ථානවල බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 33ක් සපුරාලනු ඇත. මෙම නවතම ස්ථාපනයත් සමග හොරණ කර්මාන්ත ශාලාව ඇතුළු යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සමස්ත සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 4ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය වසර 2050 වන විට පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 75ක් උත්පාදනය කිරීමේ රටේ ඉලක්කයට තවදුරටත් සහාය දක්වයි.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සැපයුම් දාම අධ්‍යක්‍ෂ දමිත් අබේරත්න මහතා මෙසේ පැවසීය. ”‍යුනිලිවර් ශ්‍රී ලංකා සපුගස්කන්ද මධ්‍යස්ථානයේදී සිදු කළ සූර්ය පැනල ස්ථාපනය, අපගේ තිරසාරභාවයට ප්‍රමුඛස්ථානයක් ලබා දෙනවා. මෙය පරිසරයට අපෙන් සිදුවන බලපෑම අඩු කිරීමට සහ රටේ පුනර්ජනනීය බලශක්ති ඉලක්කවලට සහාය වීම සඳහා අප ගනු ලබන උත්සාහයේ තවත් එක් පියවරක්ය. ශ්‍රී ලංකාවේ තිරසාර අනාගතය ගොඩනැගීම සඳහා පෞද්ගලික අංශය සතු වැදගත් කාර්යභාරය සිහිපත් කිරීමක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්.”‍

2015 වසරේ පැවති කාබන් විමෝචන මට්ටමට සාපේක්ෂව, වසර 2030 වන විට, 1 සහ 2 පරිමාණයේ හරිතාගාර වායු (GHG) විමෝචනය සියයට 100 කින් අඩු කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සතුව අනුමැතිය ලත් විද්‍යාත්මක පදනමක් සහිත ඉලක්කයක් පවතියි. 2039 වන විට සිය වටිනාකම් දාමය පුරා ශූන්‍ය විමෝචනයක් අත්පත් කරගැනීම යුනිලිවර් හි දිගුකාලීන අභිලාෂවලින් එකකි. ප්‍රායෝගික පියවර කෙරෙහි අවධානය යොමු කරමින්, සමාගම විසින් ගෝලීය වශයෙන් අදාළ වන, දේශගුණය පිළිබඳ ක්‍රියාකාරී පුළුල් සැලැස්මක් (CTAP) නිර්මාණය කර ඇති අතර, එමගින් ඉදිරි වසර කිහිපය තුළ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබයි.



අදහස් (0)

යුනිලිවර් ශ්‍රී ලංකා සපුගස්කන්ද කර්මාන්ත ශාලාවට සූර්ය පැනල පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site