IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


යුනියන් බැංකුවට රුපියල් මිලියන 834 ක බදු පෙර ලාබයක්

යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී ජුනි මස 30 වැනිදායින් අවසන් වූ 2025 පළමු අර්ධය සඳහා රු. මිලියන 251 ක බදු පසු ලාබයක් වාර්තාකර ඇත. එය 2024 පළමු අර්ධය සමග සැසඳීමේදී සියයට 247 ක වර්ධනයක් වීම විශේෂත්වයකි. අඛණ්ඩව බැංකුවේ ශේෂ පත්‍රය වර්ධනය වීම සහ ක්‍රමෝපායික මෙහෙයුම් වැඩිදියුණු කිරීම් එම ශක්තිමත් වර්ධනයට හේතුවයි. 
යුනියන් බැංකුවේ බදු පෙර ලාබය ද රු. මිලියන 834 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය සියයට 58 ක වර්ධනයකි. ප්‍රධාන බැංකු මෙහෙයුම් කටයුතුවල සිදු වූ පුළුල් කාර්යසාධනය සහ අනු සමාගම්වල දායකත්වයේ සිදු වූ වැඩි වීම එම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. 
කල්බදු සහ උකස් අංශවල ඉලක්කගත වර්ධන ක්‍රමෝපාය හේතුවෙන් 2025 පළමු අර්ධය තුළ බැංකුවේ ශුද්ධ ණය සහ අත්තිකාරම් රු. බිලියන 100 ඉක්මවූ අතර, එය වසර ආරම්භයේ සිට මේ දක්වා සියයට 24 ක වර්ධනයකි. එය බැංකුවේ ආදායම් වර්ධනයට සෘජුවම බලපෑ අතර, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායමේ සියයට 25 ක වර්ධනය සඳහා දායක වූ ඉහළ ණය ධාරිතාව සහ වෙළෙඳ කටයුතු ද ඊට බලපෑ අනෙකුත් සාධක වේ. 
තවද, ඉහළ ණය ප්‍රමිතිය සහ ආපසු අයකර ගැනීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් යුනියන් බැංකුව රු. මිලියන 23 ක ශුද්ධ ණය හානිකරණ ප්‍රත්‍යාවර්තනයක් ද වාර්තා කළේය. ව්‍යාපාරික වර්ධනය සහ ක්‍රමෝපායික වැඩසටහන් සඳහා අඛණ්ඩව සිදු කෙරුණු ආයෝජන හේතුවෙන් මෙහෙයුම් වියදම් ඉහළ ගිය නමුත්, ඉහළ පොලී නොවන ආදායම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව මත මෙහෙයුම් ආදායමේ සියයට 8 ක වර්ධනයක් වාර්තා වී තිබේ. වැඩිදියුණු වූ තැන්පතු මිශ්‍රිතය පෙන්නුම් කරමින්සියයට 28.3 ක ඉහළ CASA අනුපාතය හේතුවෙන් රු. බිලියන 108 ක පාරිභෝගික තැන්පතු ප්‍රමාණයක් අදාළ කාලය තුළ වාර්තා විය. බැංකුව ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා මට්ටම් ද පවත්වා ගැනීමට සමත් වූ අතර, සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතිකය (CAR) සියයට 13.65 ක් ද, පළමු මට්ටමේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුප්‍රාප්තිකය සියයට 12.64 ක් ද ලෙස නියාමන අවශ්‍යතාවලට වඩා කැපීපෙනෙන ලෙස ඉහළ මට්ටමක පැවතීම විශේෂත්වයකි. 
යුනියන් බැංකුවේ ශක්තිමත් මුල්‍ය පදනම සහ වර්ධන සැලසුමට අනුව, සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. බිලියන 171 ක් දක්වා වර්ධනය විය. 
ලීසිං සේවාව අවශ්‍ය වන පාරිභෝගිකයන්ට වේගවත් සහ පහසු කාරක ප්‍රාග්ධන විසඳුමක් පිරිනමන Turbo Draft  පහසුකම හඳුන්වා දීම සහ කල්බදු පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව සැකසූ මුල්‍ය විසඳුම් සඳහා ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින් කොහුවල ප්‍රදේශයේ නව කල්බදු මධ්‍යස්ථානයක් විවෘත කිරීම මෙම කාලය තුළ මෙහෙයුම් කටයුතු තුළ සිදු වූ සුවිශේෂී සිදුවීම් අතර වේ. තවද, යුනියන් බැංකුව අන්තර්ජාතික වෙළෙඳ සේවා සඳහා ම වෙන් වූ පරිපූර්ණ මධ්‍යස්ථානයක් ලෙස  “Trade Connect”  මධ්‍යස්ථානය ද සිය ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කළේය. මෙම ක්‍රියාමාර්ග මගින්, පාරිභෝගික සහ ව්‍යාපාරික යන අංශ දෙක තුළ යුනියන් බැංකුව හිමිකර ගෙන සිටින විශ්වාසය තවදුරටත් ශක්තිමත් විය. 
යුනියන් බැංකුවේ නොසැලෙන ගුණය සහ මෑතකදී දියත් කළ පරිවර්තනීය වැඩසටහන්වල ඵලදායී බව මෙම ශක්තිමත් මුල්‍ය කාර්යසාධනයට හේතු වූ බව එම බැංකුවේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සඳහන් කළේය.



අදහස් (0)

යුනියන් බැංකුවට රුපියල් මිලියන 834 ක බදු පෙර ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16921 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site