IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යුනියන් බැංකුව ජාතික ව්‍යවසායකත්ව සංවර්ධනයට වැඩ අරඹයි


යුනියන් බැංකුව සිය ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාව (NEDP) ආරම්භ කරමින් තවත්  ඉදිරි පියවරක් තබා ඇත. 

2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කරමින් යුනියන් බැංකුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA)  අත්වැල් බැඳගනිමින් මෙම සුවිශේෂී පාඨමාලාවේ පෙරමුණ ගෙන සිටී. 

2024 දෙසැම්බර් මාසයේදී මේ සඳහා අයදුම්පත් බාර ගැනිණි. ඒ අතරින් සිසුන්, ව්‍යාපාරිකයන් සහ නවෝත්පාදන ව්‍යාපාරික අදහස් සහිත නැගී එන ව්‍යවසායකයන් 200 දෙනකු මේ සඳහා තෝරාගෙන ඇත. ඔවුහු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. 

මාර්ගගත දේශන සහ වැඩමුළුවල මිශ්‍රණයකින් සැදුම්ලත් මෙම පාඨමාලාව, ව්‍යාපාර ගොඩනැගීම සඳහා අවශ්‍ය පූර්ණ පාඨමාලා පෙළකින් සමන්විතය. මෙම සුවිශේෂී අවස්ථාව, මෙරට ව්‍යාපාරිකයන් සහ නැගී එන ව්‍යවසායකයන්ගේ කුසලතා ඔප් නැංවීම සඳහා වන පරිවර්තනීය ගමන්මගේ ආරම්භය සනිටුහන් කළේය. යුනියන් බැංකුවේ පාරිභෝගිකයෝ ද තම ව්‍යවසායකත්ව ගමන්මග පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. සියලු‍ පාර්ශ්ව සමග එක්ව යුනියන් බැංකුව මෙරට ව්‍යවසායකත්වය, නවෝත්පාදනය සහ සුබවාදී අනාගතය ගොඩනැංවීම සඳහා කැපවී සිටී. 

 



අදහස් (0)

යුනියන් බැංකුව ජාතික ව්‍යවසායකත්ව සංවර්ධනයට වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site