IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යෙන් බිලියනයක ව්‍යාපෘති දෙකකට ශ්‍රී ලංකාව - ජපානය නිල ලියකියවිලි හුවමාරු කරගනී

විමුක්ති එස් රුද්‍රිගු


ජපාන යෙන් බිලියනයක ව්‍යාපෘති දෙකක් සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය පෙරේදා (29) නිල ලියකියවිලි හුවමාරු කර ගත්තේය. එක් ව්‍යාපෘතියක් යටතේ ජපානයේ නිෂ්පාදිත අති නවීන මිනිසුන් රහිත ගුවන් යානා වර්ග දෙකක් මෙරට නාවික හමුදාවට ලබාදෙනු ඇති අතර ඒ සඳහා ජපාන යෙන් මිලියන 500 ක් මුදලක් වෙන්කර ඇත.
ජපානය සිය නිල ආරක්ෂක සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් පළමු ව්‍යාපෘතිය මෙය වන අතර එමගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය වැඩි දියුණු කිරීමටත්, කලාපීය ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
දෙවැනි ව්‍යාපෘතිය යටතේ මෙරට කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඵලදායීතාව ඉහළ නැංවීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා ජපාන යෙන් මිලියන 463 ක මුදලක් වෙන්කර ඇත. කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ ජීවන තත්වය වැඩි දියුණු කරමින් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරය අතරතුරදී ඔහු සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා ඉදිරියේදී ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට  ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අත්සන් තබා ඇති අතර ජපානය වෙනුවෙන් මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමටා මහතා අත්සන් තබා ඇත.



අදහස් (0)

යෙන් බිලියනයක ව්‍යාපෘති දෙකකට ශ්‍රී ලංකාව - ජපානය නිල ලියකියවිලි හුවමාරු කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site