IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘යැඩන් ලැබෝරටරීස්’ ඖෂධ නිෂ්පාදන සමාගම අප්‍රිකාවේ විශාලතම වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා වෙළෙඳ ප්‍රදර්ශනයේ

අප්‍රිකාවේ විශාලතම ජාත්‍යන්තර වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා වෙළෙඳ ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙඩ් එක්ස්පෝ 2025’ පසුගිය 14 වැනිදා 16 දක්වා කෙන්යාවේ නයිරෝබි අගනුවර සාරිට් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන යමින්, ශ්‍රී ලංකාවේ අභිමානය කියා පාමින්, යැඩන් ලැබෝරටරීස්’ ඖෂධ නිෂ්පාදන සමාගම ද ඊට සහභාගී විය.

මෙම ප්‍රදර්ශනය, කෙන්යා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් සංවිධානය කර තිබුණු අතර, නයිරෝබි නගර සභාව, කෙන්යා ඖෂධවේදීන්ගේ සංගමය, කෙන්යා පෞද්ගලික රෝහල් සංගමය සහ කෝපරේට් අප්‍රිකා සන්ධානය ඇතුළු තවත් බොහෝ පාර්ශවකරුවෝ ඊට එක් වී සිටියහ.

ප්‍රදර්ශනයට 120 කට අධික පිරිසක් සහභාගී වූ අතර, 7,000 කට වැඩි නරඹන්නන් පිරිසක් පැමිණි බව ද පැවැසෙයි. ශ්‍රී ලංකාවට අමතරව, කැනඩාව, චීනය, ඉන්දියාව සහ ප්‍රංශය ඇතුළු රටවල් 30 කට වැඩි ගණනකින් ප්‍රදර්ශකයෝ ඊට සහභාගී වූහ.

නැගෙනහිර අප්‍රිකානු කලාපය පුරා, ඖෂධ සඳහා, ගුණාත්මක සැපයුම්කරුවන් සොයන ගැනුම්කරුවන්ගේ බොහෝ දෙනකුගේ අවධානයි යැඩන් ලැබෝරටරීස්’ සඳහා යොමු වීම විශේෂත්වයක් විය. 

යැඩන් ලැබෝරටරීස්’ කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලාංකීය ඖෂධ ක්ෂේත්‍රයේ ප්‍රධානියකු වන යැඩන් ලැබෝරටරීස්’ කළමනාකාර අධ්‍යක්ෂ ශෂිමාල් දිසානායක මහතා විසිනි. 

ශෂිමාල් දිසානායක මහතාගේ දැක්ම, ශ්‍රී ලංකාව ඖෂධ සම්බන්ධයෙන් ස්වයංපෝෂිත කිරීම සහ අපගේ අසල්වැසි ඉන්දියාව සහ පිළිවෙළින් සියයට 98 සහ සියයට 70 ක ස්වයංපෝෂිත කර්මාන්තයක් ඇති බංග්ලාදේශය සහ පකිස්ථානය වැනි රටවලට සමානව දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තය අපනයන ඉලක්ක කරගත් උපාය මාර්ග වෙත යොමු කිරීම යැයි පැවැසෙයි. ඉන්දියාව සැලකෙන්නේ ලෝකයේ ඔසුහල’ යන නමිනි. 

මේ වනවිට ශ්‍රී ලංකාව, ඖෂධවල ශුද්ධ ආනයනකරුවකු වන අතර දේශීය කර්මාන්තය සපයන්නේ සියයට 15 ක පමණ ස්වයංපෝෂිතතාවකි. ‘යැඩන් ලැබෝරටරීස්’ මෙරටට සැලකිය යුතු විදේශ විනිමය සංචිත ඉතිරි කරන අතර, රටේ ආර්ථිකය නංවාලීම සඳහා අපනයන ඉලක්ක කරගත් උපාය මාර්ගයක් හරහා තවත් සංචිත උත්පාදනය කිරීම ඔවුන්ගේ ඉලක්කයයි.



අදහස් (0)

‘යැඩන් ලැබෝරටරීස්’ ඖෂධ නිෂ්පාදන සමාගම අප්‍රිකාවේ විශාලතම වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා වෙළෙඳ ප්‍රදර්ශනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site