IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහජන බැංකුවෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයටAffinity ක්‍රෙඩිට් කාඩ්පතක්

මහජන බැංකුව, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (OBA) සඳහා නවAffinity  ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වාදෙයි. එය නිල වශයෙන් එළිදැක්වීම කොළඹ 02, මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති සහ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති කසුන් ගුණරත්න, ආදි ශිෂ්‍ය එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) උදේනි රාජපක්ෂ සහ ආදි ශිෂ්‍ය සංගමයේ විධායක ලේකම් සචිත්‍ර ප්‍රභා, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම්, ක්‍රියාවලි කළමනාකරණය සහ තත්ව සහතික) නිල්මිණි ප්‍රේමලාල්, කාඩ්පත් ප්‍රධානි ජයනාත් ඩයස්, කළමනාකරු (කාඩ්පත් ව්‍යාපාර සහ අලෙවි) අරුණ දන්තනාරායන සහ කළමනාකාරිනී (කාඩ්පත් ව්‍යාපාර සහ නිෂ්පාදන) චලනි සේනානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

එමෙන්ම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් දුලිප් සොමිරත්න - ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, හර්ෂ රන්දෙණිය - ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සහ දේශීය කළමනාකරු (මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකාව සහ මාලදිවයින), අරුණ රාජපක්ෂ - ගුවන්තොටුපොළ කළමනාකරණ ප්‍රධානී (ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම) යන මහත්වරු සහ තවත් නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

බණ්ඩාරනායක විද්‍යාලයීය Affinity ක්‍රෙඩිට් කාඞ්පත එහි ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර, එම ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික ගාස්තු ගෙවීම ඇතුළු විවිධ කාර්යයන් සඳහා භාවිත කළ හැක. සෑම කාඞ්පතකින්ම එකතු කරනු ලබන වාර්ෂික ගාස්තුවෙන් කොටසක් විද්‍යාලයීය සංවර්ධන කටයුතු සඳහා සෘජුවම පරිත්‍යාග කෙරේ.

මෙම කාඩ්පත් හිමියන්ට ආකර්ෂනීය වට්ටම්, නම්‍යශීලී වාරික සැලසුම් සහ වසර පුරාම පිරිනමන විවිධ දීමනා ඇතුළු සුවිශේෂ වරප්‍රසාද රැසක් හිමිවේ.



අදහස් (0)

මහජන බැංකුවෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයටAffinity ක්‍රෙඩිට් කාඩ්පතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site