IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


මහජන බැංකුවට රුපියල් බිලියන 4.6ක ඒකාබද්ධ බදු පසු ලාභයක්

මහජන බැංකුව 2023 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුවේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින්, සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම සහ බදු පෙර ලාභය පිළිවෙළින් රුපියල් බිලියන 24.0ක් සහ රුපියල් බිලියන 7.2ක් ලෙස වාර්තා කළේය.

පැවැති ආර්ථික අභියෝගවලට සමගාමීව පොලී ප්‍රතිශත අඛණ්ඩව ඉහළ යාමත් සමග 2022 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ අදාළ කාල සීමාව තුළ මහජන බැංකුවේ ඒකාබද්ධ ශුද්ධ ආදායම රුපියල් බිලියන 15.3 දක්වා එනම්, සියයට 49.7කින් පහත වැටී ඇත. වඩාත් සංවේදී ගනුදෙනුකාර කොටස් වෙත පිරිනමන ලද අනුපාතිකයන් ප්‍රතිමිලකරණය ප්‍රමාද වීම ද මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත. මෙම කාල සීමාව තුළ ඒකාබද්ධ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 4.5ක් ලෙස වාර්තා වූ අතර, එහිදී එක් අයිතමයක් හැර, අනෙක් සියලු‍ම අයිතමවල සියයට 40.0කට වැඩි වර්ධනයක් වාර්තා විය.

වර්ධනය වූ උද්ධමනය මගින් පිරිවැය ආශ්‍රිත පීඩන තත්ත්වය නිර්මාණය වූ අතර, ඒවායින් බොහොමයක් 2022 වසරේ පළමු කාර්තුවෙන් පසු ආරම්භ වූ ඒවා ලෙස දැක්විය හැකිය. සියයට 10.1කින් ඉහළ ගිය බැංකුවේ ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 14.4ක් (2022 වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 13.1ක්) ලෙස වාර්තා විය. මෙය සමස්ත මූල්‍ය ක්ෂේත්‍රය හා සසඳන විට පිරිවැය පාලනය වෙනුවෙන් මහජන බැංකුවේ කැපවීම පිළිබිඹු කරයි.

සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු රුපියල් බිලියන 2,513.1 දක්වා වර්ධනය වූ අතර, ඒකාබද්ධ ශුද්ධ ණය රුපියල් බිලියන 1,835.1 දක්වා අඩු විය. ප්‍රතිශතයක් ලෙස සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සියයට 2.6කින් වර්ධනය වූ අතර, ඒකාබද්ධ ශුද්ධ ණය සියයට 4.2කින් පහළ යාමක් පිළිබිඹු කරයි. තවමත් හැකිලෙමින් පවතින සාර්ව-ආර්ථික තත්ත්වය තුළ ණය ලබා දීම පාලනය කිරීමට මහජන බැංකුව සහ සමූහය දැරූ උත්සාහය ශුද්ධ ණයවල පහත වැටීම මගින් පිළිබිඹු කරයි. වසර අවසානයේ වාර්තා වූ සමස්ත ඒකාබද්ධ වත්කම් රුපියල් බිලියන 3,072.2ක් (2022 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 3,133.1ට සාපේක්ෂව) විය.

2023 මාර්තු 31 දින වන විට මහජන බැංකුවේ පළමු ස්ථරය සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණකතා අනුපාතය පිළිවෙළින් සියයට 11.8 සහ සියයට 16.2ක් (2022 අවසානයේ වාර්තා වූ සියයට 11.9 සහ සියයට 16.3ට සාපේක්ෂව) වූ අතර, ඒකාබද්ධ පදනම මත එම ප්‍රතිශතයන් පිළිවෙළින් සියයට 13.0 සහ සියයට 16.9ක් (2022 අවසානයේ වාර්තා වූ සියයට 13.3 සහ සියයට 17.2 සාපේක්ෂව) ලෙස වාර්තා විය. 2017 ජුලි 1 වැනි දින බාසල් iii නීති ප්‍රකාරව ඇරැඹූ ප්‍රයත්නයන් පිළිබිඹු කරමින් මහජන බැංකුවේ වගකීම් තත්ත්වය ප්‍රශස්ත මට්ටමක පැවැතුණු අතර, අතිරේක හදිසි අවස්ථා ඇතුළුව එහි නියාමන ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ ක්‍රමවේද වර්තමානය වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මීට අමතරව, එම කාල සීමාව තුළ බැංකුව සිය සියලු‍ම ප්‍රධාන නියාමන ක්‍රියාමාර්ග සාර්ථකව සපුරා ඇති බව ද සඳහන් කළ යුතුමය.

මේ ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.

“2023 වසරේ පළමු කාර්තුව අවසානයේ අප වාර්තා කළ ප්‍රතිඵල අපගේ අඛණ්ඩ ශක්තිය සහ දරාගැනීමේ හැකියාව වගේම ඕනෑම තත්ත්වයකට සරිලන අයුරින් අනුවර්තනය වීමේ හැකියාව පෙන්නුම් කරනවා. පසුගිය වසර කිහිපය තුළ, මහජන බැංකුව සිය විවිධ පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සාර්ථකව සපුරාලීමට සමත් වුණා. ඒ වගේම සෑම අවස්ථාවකදීම රට ප්‍රමුඛස්ථානයේ තබා කටයුතු කිරීමට අපි නිරන්තරයෙන් කටයුතු කළා. රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහයෝගය ලබා දෙන අතර, වාණිජ අවශ්‍යතා ද සපුරා ගැනීමට කටයුතු කළ අප 2023 වසරේ පළමු කාර්තුව තුළ ලබාගත් ඉහළ වර්ධනයට මූලික බැංකුකරණ මෙහෙයුම්වල සාර්ථකත්වය බෙහෙවින් ඉවහල් වුණා. අඛණ්ඩව ඉහළ ගිය පොලී අනුපාත මූල්‍ය ක්ෂේත්‍රය තුළ යම් පීඩනකාරී තත්ත්වයක් නිර්මාණය කළ බවත් පැවැසිය යුතුමයි. කෙසේ වෙතත්, අප ප්‍රමාණාත්මක හා ගුණාත්මක ආයතනික දෘෂ්ටි කෝණයකින් යුක්තව කටයුතු කිරීම ජයග්‍රහණ කිහිපයකටම හේතු වුණා කිව්වොත් මා නිවැරැදියි.”

මෙම ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් මහජන බැංකුවේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“රජයට අයත් ආයතනයකට අනන්‍ය වූ විවිධ බලපෑම් ඇතුළුව බොහෝ බලපෑම් මධ්‍යයේ වුවත් අපට අංශ ගණනාවකින් ඉතා සුවිශේෂී ප්‍රගතියක් ලබාගැනීමට හැකි වී තිබෙනවා. අපගේ ද්‍රවශීලතාව තවදුරටත් ශක්තිමත් කිරීම, උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනාගනිමින් ක්‍රියාත්මක වීම සහ අපගේ වත්කම්වල ගුණාත්මකභාවය කළමනාකරණය කරමින් පාරිභෝගික ජනතාව වෙත මෙම අභියෝගාත්මක කාලවලදී සහයෝගය ලබා දීම ආදී කරුණු කෙරෙහි අපි අපගේ මූලික අවධානය යොමු කළා.”

595



අදහස් (0)

මහජන බැංකුවට රුපියල් බිලියන 4.6ක ඒකාබද්ධ බදු පසු ලාභයක්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 94 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 241 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 254 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක
2024 මැයි මස 01 69 0

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැ


ලංකා හොස්පිටල්ස් නව ස්ථුලතා පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ
2024 අප්‍රේල් මස 30 194 0

ලංකා හොස්පිටල්ස් සිය නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය ඇරඹීම සහ අතිසාර්ථක ලෙස ස්ථුලතා පාලන (Bariatric)සැත්කම් 250 ක සන්ධිස්ථානය පසු කිරීම පිළිබඳව පසුගියදා නිව


අවුරුදු සමයේදී මහජන බැංකු‍වේ මිලියන 17කට අධික ගනුදෙනු
2024 අප්‍රේල් මස 29 66 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 491 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1939 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1706 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site