IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ සුපිරි ජයග්‍රාහකයාට කෝටියක් පිරිනැමේ

 

මහජන බැංකුවේ ‘People's Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ අවසන් මහා දිනුම් ඇදීමේ රුපියල් කෝටියක් හිමි සුපිරි ජයග්‍රාහකයා වූ දෙහිවල පදිංචි එම්.ඒ. සුරංජන පෙරේරා මහතාට හිමි චෙක්පත, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි  ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් අතින් ඔහු වෙත පිරිනැමීම කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා සිදු කෙරිණි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (එතෙර ගනුදෙනු සේවා) රොහාන් පතිරගේ, සහකාර සාමාන්‍යාධිකාරිණී (එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියන ගුණවර්ධන, අලෙවි ප්‍රධානී නාලක විජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී (එතෙර ගනුදෙනු සේවා) තිළිණි පෙරේරා යන මහත්ම මහත්මීන් සහ බැංකු නිලධාරින් එක් වූහ.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ළබැඳියන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්, Pepole's Remittance වාසි කෝටියයි’ දිනුම් ඇදීම 2022 මහජන බැංකුව ආරම්භ කරන ලදී. මේ වැඩසටහන යටතේ වසර අවසානයේ තෝරා ගන්නා සුපිරි ජයග්‍රාහකයාට රුපියල් කෝටියක් සහ මාසික ජයග්‍රාහකයන්ට රුපියල් මිලියනය බැගින් පිරිනැමිණි. මීට අමතරව සතිපතා වාසනාවන්ත ජයග්‍රාහකයන් 48 දෙනකුට කැරට් 22 රන් කාසි ද, 2022 දෙසැම්බර් 31 දක්වා තෝරාගත් දිනපතා ජයග්‍රාහකයන් 334 දෙනකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාග ද පිරිනැමිණි.

මේ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යමින් මහජන බැංකු People's Remittance වාසි කෝටියයි 2023’ ද දියත් කර ඇති අතර, මෙහි අවසන් මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහකයාට මුදලින් රුපියල් කෝටියක් (රු.10,000,000ක්) පිරිනැමේ.  එමෙන්ම දෙවැනි ත්‍යාගය ලෙස රුපියල් මිලියන 3ක් සහ තෙවැනි ත්‍යාගය ලෙස රුපියල් මිලියන 2ක් ලබාදෙයි. මීට අමතරව මාසික ජයග්‍රාහකයාට රුපියල් මිලියනයක් බැගින් සහ සතිපතා ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

595

 



අදහස් (0)

මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ සුපිරි ජයග්‍රාහකයාට කෝටියක් පිරිනැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site