
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිරිනමන අයුරු
මහජන බැංකුවේ විශේෂ කාර්ය මණ්ඩල රැස්වීමක් කොළඹ 05, මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ‘2025 සහ ඉන් ඔබ්බට, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයට අනුකූලව බැංකුකරුවන්ගේ වගකීම්’ යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පවත්වන ලදී.
ඉදිරි වසර සඳහා මහ බැංකුවේ උපායමාර්ගික දිශානතිය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් මහ බැංකු අධිපතිවරයාගේ දේශනයෙන් ඉදිරිපත් කෙරුණු අතර, ජාතික ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනයට සහාය වීම සඳහා මූල්‍ය ආයතන විසින් ඉටු කළ යුතු තීරණාත්මක කාර්යභාරය පිළිබඳව මෙහි දී අවධාරණය කෙරිණි. එමෙන්ම නියාමන පෙළගැස්ම, ආයතනික වගවීම සහ තිරසාර බැංකු භාවිතයන් අනුගමනය කිරීම පිළිබඳ කාලෝචිත හා ඉදිරිගාමී අනාගත අරමුණු මෙම දේශනයට ඇතුළත් විය.
පරිණාමය වෙමින් පවතින මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මහජන බැංකුවේ අවබෝධය වැඩි දියුණු කිරීමට සැලකිය යුතු දායකත්වයක් මෙම සැසිවාරය මගින් ලැබුණු අතර, මූල්‍යමය වශයෙන් දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව සඳහා වන ජාතික න්‍යාය පත්‍රයට අනුකූලව, නියාමන අනුකූලතාව සහ තිරසාර මෙහෙයුම් සම්බන්ධයෙන් ඉහළම ප්‍රමිති පවත්වා ගැනීම සඳහා බැංකුවේ ඇති කැපවීම මේ තුළින් ශක්තිමත් විය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, මහබැංකු අධිපතිවරයාගේ ලේකම් එරන්දි ලියනගේ මහත්මිය සහ බැංකුවේ ආයතනික සහ විධායක කළමනාකාරිත්වයේ සාමාජිකයෝ සහ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
99
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2027
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහජන බැංකුවේ විශේෂ කාර්ය මණ්ඩල රැස්වීමේ ප්‍රධාන දේශනය මහ බැංකු අධිපතිගෙන්