(රංජන් කස්තුරි)
එක්සත් රාජධානියේ ‘ද බෑන්කර් 2017‘ සඟරාවට අනුව මහජන බැංකුව ලොව හොඳම බැංකු දහස අතරට ශ්‍රේණිගත වී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව දේශීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ද ස්ථාවරත්වයක් හා විශ්වාසනීයත්වයක් ඇති කරගෙන තිබේ.
මහජන බැංකුවේ වත්කම් ප්‍රමාණය මේ වන විට රුපියල් ට්‍රිලියන 1.4ක් වන අතර රටපුරා ශාඛා 735ක් පමණ ක්‍රියාත්මක වේ.
ස්වයංක්‍රීය ට්‍රේලර් යන්ත්‍ර 3125කට අධික ප්‍රමාණයක් තිබෙන අතර ගනුදෙනුකරුවන් ලක්ෂ 160ක් පමණ මේ විට සම්බන්ධ වී සිටින බව එම බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
සෑම වයස් කාණ්ඩවලට සහ විවිධ ක්ෂේත්‍රයන්හී නිරත ගනුදෙනුකරුවන්ට ගැලපෙන පරිදි ගිණුම් ක්‍රියාත්මක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් සමග ජය!!!
පාරිභෝගිකයින්ට සලකන අන්දම අනුව මේ බැංකුව මොන ස්ථානයටද එන්නේ?
ලංකා බැංකුව හොදයි මීට වඩා. සුපිරි සේවයක් දෙන්නේ.
ජයෙන් ජයම වේවා!!! ජනහද දිනු හදවත, ශක්තියේ මාතාව දිනේ ඔබ සදාකල්, ඒ සමඟ සිත දරා රකින්නට කිව යුතුව ඇත යමක්... නුඹ දණගාන අවධියේ ඔබව රැකි බොහෝ දෙන - අද බොහෝ වියපත් කාලත්‍රයෝද සමගින්, ඔව්නට රුචි සේවා මැවීමත් වේ. බොහෝ යහපත්.... සේවා ගෙවීමේ පෝලිම දිගු වුවත් - ඒ තුල ඔබ ගනුදෙනුකාරවකු වී හමාරය...