
මහජන බැංකුවේ කොම්පඤ්ඤ වීදිය සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.
මහජන බැංකුවේ උද්‍යාන වීදිය ශාඛාවට අනුබද්ධිත මෙම සේවා මධ්‍යස්ථානය කොළඹ 02, කුමාරන් රත්නම් මාවත, අංක 90 දරණ ස්ථානයේ ස්ථාපිත කර ඇති අතර, අති නවින ඩිජිටල් තාක්ෂණයෙන් සහ සුවිශේෂ සේවාවලින් සමන්විතය.
එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයෙන් (Self Banking Unit) මුදල් ආපසු ගැනීමේ සහ මුදල් තැන්පත් කිරිමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.
මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) අයි.කේ ඉන්දික, කොළඹ දකුණ ප්‍රාදේශීය කළමනාකාරිනි හරින්ද්‍රනි අභයවික්‍රම, කොළඹ උතුර ප්‍රාදේශීය කළමනාකාරිනි ඩබ්ලිව්.එම්. අමිතා සංජිවනි, සහකාර ප්‍රාදේශිය කළමනාකාර කළමනාකාරිනියන්, උද්‍යාන වීදිය ශාඛා කළමනාකාරිනි යමුනා එදිරිසූරිය, ශාඛා මධ්‍යස්ථාන කළමනාකාර සුදර්ශ කරුණානායක යන මහත්ම මහත්මින් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරිහු සහ ගනුදෙනුකරුවෝ සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහජන බැංකුවේ කොම්පඤ්ඤවීදිය සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයකට