
මහජන බැංකුවේ ‘People’s Remittanc - කලින් අවුරුදු වාසි’ තෑගි තරගයේ දිනුම් ඇදීම කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශ පරිශ්‍රයේදි පසුගියදා සිදුකෙරිණි. ඒ අනුව මෙහිදි රු.25,000/- බැගින් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත තෑගි මලු 25ක් හිමිවන ජයග්‍රාහකයන් 25 දෙනා තෝරාගැනිණි.
මේ දිනුම් ඇදීම සඳහා 2025.01.01 සිට 2025.03.31 දක්වා People’s Remittance හරහා මහජන බැංකු ගිණුම් වෙත විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලබන ගනුදෙනුකරුවෝ සුදුසුකම් ලැබූහ.
මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම්, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ) නිල්මිණි ප්‍රේමලාල්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරි ඊ.ඒ.එම්. දිසානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවා) බුද්ධික රණතුංගගේ, ප්‍රධාන කළමනාකාර (එතෙර ගනුදෙනු සේවා) එන්. අරුද්සෙල්වන්, ප්‍රධාන කළමනාකරු (තොරතුරු තාක්ෂණ) විපුල වර්ණකුල, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනි (එතෙර ගනුදෙනු සේවා) තිළිණි පෙරේරා සහ බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනි ශ්‍රීයානි නාපාගොඩ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
මීට අමතරව, එතෙර සිට මහජන බැංකුව වෙත ශ්‍රමික ප්‍රේෂණ එවන ගනුදෙනුකරුවන්ට People’s Remittance වාසි කෝටියයි. හා ‘දොළොස්මහේ වාසි චක්‍රයෙන්’ සෑම මසකම දිනුම් අවස්ථා රැසක් හිමිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd